වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




උතුම්ම සම්මානය යළිත්

උතුම්ම සම්මානය යළිත්

1986 දී දිනාගත් අමෙරිකානු රූ රැජන කිරුළටත් වඩා 2001 වසරේදී ස්වෝර්ඩ්ෆිෂ් රංගනයට හොඳම නිළිය ලෙස දිනූ ඔස්කාර් සම්මානයටත් වඩා වටිනා සම්මානයක් හතළිස් හත් හැවිරිදි හෙලී බෙරීට පසුගියදා ලැබිණි. ඒ පුත්‍ර රත්නයකි.

බෙරීගේ වැඩිමල් දූ කුමරිය දැන් පස් හැවිරිදිය. දියණියගේ පියාත් පුතුගේත් පියා එක් අයකු නොවෙයි. මුලින්ම ඇය පෙම් බැන්දේ චිකාගෝවේ දන්ත වෛද්‍ය ජෝන් රොනන්ටය. ඊළඟට ඇය බේස්බෝල් ක්‍රිඩකයකු වූ ඩේවිඩ් ජස්ටිස් සමඟ විවාහ විය. බෙරීගේ දෙවැනි සැමියා වූයේ එරික් බෙනට්ය. තෙවැනි වරට ඇයගේ හද දිනා ගත්තේ මෝස්තර නිරූපණ ශිල්පී ගේබ්‍රියල් ඕබ්‍්‍රය. දියණිය ඔහුගේය.

ඉන්පසු ප්‍රංශ කැනේඩියානු මෝස්තර නිරූපණ ශිල්පී ඔලීවියර් මාර්ටිනස්ට බෙරී සිය පෙම පිදුවාය. 2013 දී දෙදෙනා විවාහ වූ අතර පුංචි පුතු ඒ ආදරයේ ප්‍රතිඵලයයි. බෙරී සහ මාර්ටිනස් මිතුරු වූයේ දකුණු අප්‍රිකාවේ දී ‘ඩාර්ක් ටයිඩ්’ රූගත කරන අතරතුරේදීයි.

බූමරැන්ග්, ද ෆින්ට්ස්ටෝන්ස්, ක්ලවුඩ් ඇට්ලස්, කැට්වුමන් වැනි ඇය රැගූ සිනමාපට අතිශයින්ම සාර්ථක විය.

බොරුව නෙමේ ඇත්තමයි

ප්‍රසංග වේදිකාවේදී බොරුවට තොල් සොලවන බවට චෝදනා ලබන තාරකාවන් අතර බ්‍රිට්නි ස්පියර්ස් ද සිටින්නීය. එහෙත් ඇය අවධාරණයෙන්ම කියා සිටින්නේ තමා සජීවී ලෙස ගී ගයන බවයි. මේ බව ඇය ප්‍රකාශකර තිබුණේ ගුවන් විදුලි සම්මුඛ පරීක්ෂණයකදීයි. පසුගිය තිස්වැනිදාට බ්‍රිට්නිගේ මංගල ඇල්බමය ‘බේබි වන් මෝ ටයිම්’ නිකුත් වී පහළොස් වසරක් ගත විය.

‘බේබි වන් මෝ ටයිම්’ ගීත ඇල්බමයේ ‘බේබි’ යන වචනය විසිපස් වරක් සඳහන් වී තිබේ.

දැන් බ්‍රිට්නි තිස් එක් හැවිරිදිය.

වඩා ලස්සන හදවත්

තරුවක් ලෙස වැජඹෙද්දී දෑතට ලැබෙන කාසිවල ද දිලිසීම වැඩිවෙයි. ඒ කාසි තමන්ගේ බැබලීමට නොව අන් අයගේ බැබලීමට යොදවන්නේ රුව, රංගනය වගේම හදවතත් යහපත් නම්ය.

නිකොල් කිඩ්මන්, ජෙනිෆර් හඩ්සන්, කෙරී වොෂිංටන්, ෂාර්ලිස් තෙරෝන්, ඇමී පෝහීයර් මේ ළෙන්ගතු හදවත් ඇති තාරකාවන් අතර පෙරමුණේම සිටිති.

කිඩ්මන් කාන්තාව බලගැන්වීමෙන් ද, හඩ්සන් අඩු ආදායම්ලාභීන්ට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසීම වෙනුවෙන් ද, තෙරෝන් එච් අයි වී / ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම හා පර්යේෂණවලට උපකාරවීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකටය. මේ නිසාම ඔවුහු ළඟදී සම්මානයට පාත්‍ර වූහ. සිනමා සම්මානයකට වඩා ලෝකයට ආදරය කිරිම වෙනුවෙන් ලැබුණු ඒ සම්මානය ඔවුන්ගේ හදවත්වලට වඩාත් සමීප වනු ඇත.

හොඳට අඳින්නී

පීපල්ස් සඟරාව මඟින් ලොව වඩාත්ම අලංකාර ලෙසට අඳින පළඳීන තාරකාව ලෙස නම් කර ඇත්තේ නිළි කෙරී වොෂිංටන්ය.

සුව පහසු ලෙසත්, තැනට ගැළපෙන ලෙසත් ඇඳීම පැළඳීම මෙවන් තෝරා ගැනීමට හේතු වන්නට ඇති බව ඇය පවසන්නීය. තිස්හය හැවිරිදි කෙරී, රේ, ද ලාස්ට් කිං ඔෆ් ස්්කොට්ලන්ඩ්, අවර් සෝන්ග්, ද ඩෙඩ් ගර්ල්, මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත්, ලිට්ල් මෑන් වැනි සිනමා රංගනයන්ගෙන් රසික හද දිනා ගත්තියකි.

හැම තාත්තෙක්ගෙම සිතුවිලි

ඔස්කාර් සම්මානලාභී නළු සෝන් පෙන්ට, එකම දියණිය, ඩිලාන් පෙන් නිසා මේ දිනවල සුව නින්දක්වත් ලබන්නට වරම් නැත. ඒ ඇය රොබට් පැටින්සන් සමඟ පවත්වන හාදකම නිසයි.

ඩිලාන් මෝස්තර නිරූපණ ශිල්පිනියකි. සෝන් පෙන් ළඟදී රොබට් පැටින්සන් හමු වූයේ එනිසාමය.

රොබ් සහ ඩිලාන් ඉතා ආදරයෙන් කල්ගත කරති. සාර්ථක නළුවකු සහ සොඳුරු තරුණියක අතර පවතින මිත්‍රත්වයට සතුරුකම් කරන්නේ කවුරුන් ද? එහෙත් සෝන් එක් දෙයක් අවධාරණයෙන් කියා සිිටියි. ඒ ‘දුවට දුකක් දෙන්න එපා!’ යන අවවාදයයි.