වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ඊළඟට මොකද වෙන්නේ

ඊළඟට මොකද වෙන්නේ

නාලන් මෙන්ඩිස් අපේ රටේ ටෙලිවිෂනයට අනගි නිර්මාණ රැසක් දායාද කළ සුවිශේෂ කලාකරුවෙක්. ඔහු අධ්‍යක්ෂණය කළ දූ දරුවෝ, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ, සත්පුර වැසියෝ වැනි ටෙලි නාට්‍ය ඔබ මීට කලකට ඉහත දී රස වින්දා මතක ඇති. ඒ වගේම තරු කුමරි, මම නොවෙයි මම, දූවරු වගේම මේ දිනවල විකාශය වන අංගනාත් ඔබට ගොඩක් ළෙංගතුයි. මේ ටෙලි සිත්තම්වලට සමීප ඔබට ‘ඊළඟට මොකද වෙන්නේ’ කියන වැකිය නම් නුහුරු නුපුරුදු නැතිව ඇති.

ටෙලි නාට්‍ය අවසානයේ ඔබ එය දකින්නේ ඊළඟ කොටස පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ද අතැතිවයි.

මේ කතාව ඔහුගේ ටෙලි නාට්‍ය ගැන නම් නොවෙයි. පසුගිය දිනක මේ සුවිශේෂ අධ්‍යක්ෂවරයාගේ උපන් දිනය යෙදී තිබුණා. පවුලේ ඥාතීන් සහ සහෝදර කලා හිතවතුන් සමඟින් සැමරුණු නාලන්ගේ උපන් දින සාදය බොහොම ජයට සිදු කෙරුණා. එය ආරම්භ කරමින් උපන් දින කේක් ගෙඩිය කපන ලද වහාම ඔහුගේ සිඟිති මුණුබුරාගෙන් ප්‍රශ්නයක් මතුªවුණා. ‘සීයේ, ඊළඟට මොකද වෙන්නේ?’ මුණුබුරාගේ ප්‍රශ්නය එයයි. ටෙලි නාට්‍ය විතරක් නොවෙයි නාලන්ගේ උපන් දින සාදය පුරාවටම මේ පුංචි මුණුබුරා නාලන්ගෙන් ඇහුවේ ‘සීයේ, ඊළඟට මොකද වෙන්නේ?’ කියලයි.