වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




යශෝධාගේ පබ්ලිසිටි කැම්පේන් එක

යශෝධාගේ පබ්ලිසිටි කැම්පේන් එක

යශෝධා විමලධර්ම වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයක් එක ලෙස ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටයේ අපූරු චරිතයකින් යශෝධා ඔබ හමුවට එනවා.

ඒ වගේම යශෝධා ඇයට මුණ ගැසෙන හැමෝටම මේ සිනමා සිත්තම නරඹන ලෙස ආරාධනා කරනවාලු. හැම වෙලේම චිත්‍රපටයේ ප්‍රමෝෂන් කටයුතු කරනවා කියලා සමහරු ඇයට විහිළුත් කරනවා කියලා ආරංචියි.

කොහොම වුණත් චිත්‍රපටයකට දායකත්වය ලබා දුන්නාට පස්සේ ඒවායේ ප්‍රචාරණ කටයුතුවලදී නිෂ්පාදකවරුන්ට නවකයන්ගෙන් ඉල්ලීම් කරන්න සිදුවෙන කාලයක යශෝධාගේ මේ ක්‍රියාව අගය කළ යුතුයි.