වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -115

සිංහල සිනමා විස්තරය -115

කිරි සුවඳ

තිරගත වූ දිනය – 1982 ජූලි 30
ඉදිරිපත් කිරීම - රේණුක ෆිල්ම්ස්
නිෂ්පාදන මණ්ඩලය – ජී. ටී. සිරිසේන, ඩබ්ලිව්. අමරපාල, එම්. සත්ගුනම්, පී. බී. බන්දුසේන
(‘වාසනා’ ෆිල්ම් වෙනුවෙන් ලයනල් ඇලරික් ප්‍රනාන්දු ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය පසුව විකුණන ලදී)
අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කතාව - උපාලි වනිගසේකර (ඔහුගේ මෙනමින් යුත් නවකතාව ඇසුරිනි)
දෙබස් රචනය – ඇන්ටන් අල්විස්
තිර රචනය – ඇන්ටන් අල්විස් සහ ඇන්ටන් ග්‍රෙගරි
සහාය අධ්‍යක්ෂණය - සිරිපාල ප්‍රනාන්දු, ඇන්ටනි ඊ. චාල්ස්
කැමරාකරණය – ඩොනල්ඩ් කරුණාරත්න,
ලලිත් ගුණවර්ධන
සංස්කරණය - සෙක්ටස් අපොන්සු සහ ගාමිණී ජයමාන්න
කැමරා සහාය – එම්. ආර්. විජේතුංග, ඇන්තනි සිල්වා, කැනී ප්‍රනාන්දු
අංග රචනය – ඩී. බී. ඇන්ටනි
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය – ආනන්ද සමරසිංහ,
ජී. සුන්දරරාජන්, ඇලෝසියස් රුද්‍රිගු, ඩබ්ලිව්. පී. කරුණාදාස
රසායනාගාරය - හොංකොං කලර් මූවී ලැබ් (ලංකා නියෝජිත ඩිල්මන් ජයරත්න)
විදුලි ආලෝකය – බී. සෝමදාස පෙරේරා, ජෝර්ජ් ඇන්ටනි, ඩබ්ලිව්. ඇල්බට්, ආර්. එම්. විජේරත්න, පීටර් ස්ටැන්ලි, එම්. ඒ. ඇල්බට්, එම්. බෙනඩික්
කොණ්ඩා මෝස්තර – පාලිත කුමාර්, සෑම් පෙරේරා
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය - මැරට් ජිල්ස් සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගායන ශිල්පීන් - හදක මලේ සුවඳ රොන් – එච්. ආර්. ජෝතිපාල
සිහින මවා නින්දේ යහනේ – එච්. ආර්. ජෝතිපාල
සුරංගනා ගීත රැයේ - වික්ටර් රත්නායක, ලතා වල්පොල
මල් ලොවේ මල් කුමරියේ - ලා ලංකාස් ගායක කණ්ඩායම සමඟ එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් – විජය කුමාරණතුංග (මෙරිල්), සබීතා පෙරේරා (ලේකම්වරිය), ගීතා කුමාරසිංහ(මාදනී), ලීනා ද සිල්වා (නැන්දම්මා), චන්ද්‍රා පණ්ඩිතරත්න (සජිත්), තිස්ස විජේසුරේන්ද්‍ර (ඩන්කන්), ජෙනිටා සමරවීර (සංජීවනී), සනත් ගුණතිලක (ගරු), ස්වර්ණා මල්ලවආරච්චි (ගරු), මානෙල් වානගුරු (ගරු) අග්‍රා සජීවනී අල්විස් (ගරු), ක්ලීටස් මෙන්ඩිස්, ගොඩ්ප්‍රි පෙරමුණ, දයානන්ද ගුණවර්ධන, ශිරානි නුගේරා, විශාකා සිරිවර්ධන, චන්ද්‍රා පණ්ඩිතරත්න, කමනි ප්‍රනාන්දු, හෙලන් කරුණාරත්න, අෂාන් රිෂි ප්‍රනාන්දු, ඇනීටා අලස්, මැරට් ජිල්ස් සිල්වා


සිතාරා

තිරගත වූ දිනය – 1982 ජූලි 30
ඉදිරිපත් කිරීම – එච්. ජේ. ඒ. නිෂ්පාදන
නිෂ්පාදනය – එම්. ජේ. ආබ්දීන්
අධ්‍යක්ෂණය සහ සංස්කරණය - එස්. වී. චන්ද්‍රන්
තිර රචනය - කේ. ඩී. නවරත්න
කැමරා අධ්‍යක්ෂණය – එස්. සිවසුබ‍්‍රමනියම්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස් සමඟින් තවත් අය

ගීත - ජීවන වීණාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මා හා සෙනෙහෙන් – වික්ටර් රත්නායක
ආදර පාරාදීසේ - ටී. එම්. ජයරත්න, ලතා වල්පොල

නළු නිළියන්- තිස්ස විජේසුරේන්ද්‍ර, ගීතා කුමාරසිංහ, නදීකා ගුණසේකර, විමල් කුමාර් ද කොස්තා, එඩී ජයමාන්න, රුක්මණී දේවි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, තලතා ගුණසේකර, පියදාස විජේකෝන්, ශාන්ති ලේඛා, එඩී ජූනියර්, වින්සන්ට් වාස්, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, දේවිකා කරුණාරත්න, බී. ඇස්. පෙරේරා

ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් – මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජිත – රත්මලාන, රීගල් - මීගමුව, ගැමුණු - වත්තල, ජයමිණි – පානදුර, විජයන්ති – කඩුවෙල, මුවිටෝන් – දළුගම, නිව් සීගිරි – කටුගස්තොට, ප්‍රින්ස් - ගාල්ල, ජෝති – රත්නපුරය, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, මොඩර්න් - කුරුණෑගල, විජය – අම්පාර


සිටු දියණිය

තිරගත වූ දිනය – 1982 අගෝස්තු 14
ඉදිරිපත් කිරීම - රොබිනා චිත්‍රපට
නිෂ්පාදනය – රොසලින් පත්තිනිගේ
කතාව සහ අධ්‍යක්ෂණය - හර්බට් එම්. සෙනෙවිරත්න
දෙබස් සහ තිර නාටකය – ලූෂන් බුලත්සිංහල
සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය - සිරි කේ. විතාරණ
කැමරාකරණය – මර්සලින් එස්. පෙරේරා
අංග රචනය - බෙනට් ජයතුංග
නැටුම් ඉදිරිපත් කිරීම - සජී වෙත්තසිංහ, චම්පා ගුණවර්ධන
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසානාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – අරුණ පත්තිනිගේ
නිශ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – ඔස්ටින් මුණසිංහ
ගීත ප්‍රබන්ධය – හර්බට් එම්. සෙනෙවිරත්න, ලූෂන් බුලත්සිංහල

ගීත හා ගායන ශිල්පීන් - සීත අහසේ වලා - ඉන්ද්‍රාණි සේනාරත්න
පාබැඳි නූපර මිණිගිගිරි – ඉන්ද්‍රාණි සේනාරත්න, සුජාතා අත්තනායක
කිරි සුවඳ නැත ගෙනාවේ - ඩබ්ලිව්. ඩී. අමරදේව
සිටු දියණිය මා ඉටු දියණිය – ලතා වල්පොල

නළු නිළියන් - ලූෂන් බුලත්සිංහල (සිරිල්), ශ්‍රියාණි අමරසේන (ශ්‍යාමා), පාලිකා දිල්රුක්ෂි (අචලා), ගෝතමී පතිරාජ (නිලූ), තිස්ස වීරසිංහ, ලක්ෂ්මන් පතිරණ, සරත් ජයවර්ධන, හර්බට් එම්. සෙනෙවිරත්න, චන්ද්‍රානි ගුණවර්ධන, නිහාල් සිල්වා, ලක්ෂ්මන් මල්ලවආරච්චි, ඇනස්ලි නානායක්කාර, ලෙනින් වික්‍රම

මංගල දර්ශනය – චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නළු නිළි කාර්මික පිරිසගේ සහභාගිත්වයෙන් මැජෙස්ටික් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය – තුන්වන මණ්ඩලයේ ප්‍රදර්ශන ශාලා තුළදී
ක්‍රවුන් - මරදාන, මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, කුවින්ලන් - නුගේගොඩ, රාජ් – මීගමුව, චිත්‍රා - කළුතර, පබ්ලික් හෝල් – ගම්පහ, ක්වීන්ලන්- ගාල්ල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, ඕඩියන් – මහනුවර, නිව් සිනමා - කුරුණෑගල, ඡායා - කෑගල්ල

හලෝ ශ්‍යාමා

තිරගත වූ දිනය – 1982 අගෝස්තු 19
ඉදිරිපත් කිරීම – එම්. එස්. එන්. චිත්‍රපට
නිෂ්පාදනය – එම්. එස්. ආනන්දන්, වයලට් ආනන්දන්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය, කැමරාකරණය – එම්. එස්. ආනන්දන්
සංස්කරණය - එම්. පී. රූපසේන
අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්
සටන් අධ්‍යක්ෂණය – යූ. එස්. ඒ. සරණපාල
කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය,
එච්. ධර්මසේන, මාටින් පෙරේරා
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන්
ශබ්ද පරිපාලනය - සෙන්ට් ජෝන්
ශබ්ද සහාය - ලයනල් ගුණරත්න, සිරිසේන පෙරේරා, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී)
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරන්ස් විජේවර්ධන
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ක්ලැරන්ස් විජේවර්ධන
ගීත සංඛ්‍යාව - 03

ගීත හා ගායන ශිල්පීන් -
මා පැතු මා සිතු මනමෝහන – එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා
සොඳුරු ගුණැති මවගේ ආදරේ - ලතා වල්පොල
එක සුපුන් සඳින්- ක්ලැරැන්ස් විජේවර්ධන

නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, ශ්‍යාමා ආනන්දන්, ශ්‍රියාණි අමරසේන, සාලිය පෙරේරා, කාන්ති ආනන්ද, බන්දු සමරසිංහ, සේනක පෙරේරා, ශ්‍රියා කළුබෝවිල, කාන්ති ලංකා, ඩඩ්ලි වානගුරු, රූබි ද මෙල්, ලාල් රණතුංග, යූ. එස්. ඒ. සරණපාල, සිසිර කුමාරතුංග, ජස්ටින් ෆොන්සේකා, රංජිත් කරුණාරත්න, විජේරත්න වරකාගොඩ, එච්. ධර්මසේන

ආරම්භක සිනමා ශාලා -
ගාමිණී – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, නිල්මිණි – වත්තල, කිංග්ස් - මීගමුව, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, කන්ට්‍රාස් - කිරිබත්ගොඩ, ලේඛා - හෝමාගම, රීගල් - මහනුවර, රීගල් අම්බලන්ගොඩ, එස්. කේ. සිනමා - මාතර, ජුපිටර් – කුරුණෑගල, ශ්‍රී මහල් - කුලියාපිටිය, සිත්තම්පලම් – අනුරාධපුර

තක්කිට තරිකිට

තිරගත වූ දිනය – 1982 අගෝස්තු 20
ඉදිරිපත් කිරීම - ටෝනි එන්ටර්ටේන්මන්ස්
නිෂ්පාදනය – හර්බට් ඇන්තනි
කතාව - තිර නාටකය - දෙබස් සහ අධ්‍යක්ෂණය – ඇන්තනි සී. පෙරේරා
සහාය අධ්‍යක්ෂණය - ජෝ බෙන්ජමින් සෝලංග, නිහාල් පී. ජයතුංග
කැමරා අධ්‍යක්ෂණය – ලලිත් ගුණවර්ධන
කැමරා සහාය – පී. සුබ‍්‍රමනියම්, එම්. බාලක්‍රිෂ්ණන්, ආර්. පීටර් ප්‍රනාන්දු, ජෝර්ජ් ජයකොඩි
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය උපාලි අමරතුංග
අංග රචනය – ඩී. ඩී. ඇන්තනි
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
නැටුම් ඉදිරිපත් කිරීම - ශ්‍රීමා කොඩිකාර
ශබ්ද පරිපාලනය – එස්. සාරංගරාජා, බී. මර්වින් බෙනිස්
ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ
රසායනාගාර පාලක - එස්. තිරුනාවුකරසු(බී. ඇස්. සී)
රසායනාගාර සහාය – වී. සිවදාසන්, එච්. එම්. ප්‍රේමදාස, ඇන්. යෝගරාජා, රන්දෙනි ජයවර්ධන
සැකසුම – විජය චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
නාමාවලිය - ඩෙනිස්ටන් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත හා ගායන ශිල්පීන් -
සිරිලක මහජන සුරැකමු – එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ පිරිස
සීතලේ ගැහී ගැහී හද විල පීනා - ඇන්ජලින් ගුණතිලක
මකරන්ද උතුරාවී සුනිමල් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කිඳුරු කුමාරිය සෙවණේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ලතා වල්පොල

නළු නිළියන් -
විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, සෝනියා දිසානායක, ශාන්ති ලේඛා, කමනි අමරසිංහ, හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, පියදාස විජේකෝන්, ඇන්තනි සී. පෙරේරා, ජෝශප් ලිවේරා, ලක්සිරි ලිවේරා, මර්වින් ෆොන්සේකා, පීටර් පෙරේරා, ටියුඩර් කරුණාතිලක, ඩැනී සිල්වා, නෝබට් සිල්වා, ප්‍රැන්ක්ලින් ප්‍රනාන්දු, පීටර් ජෝර්ජ් පෙරේරා, එල්. ඒ. ඩී. එස්. ඒ. සයිමන් කරුණාතිලක

ප්‍රදර්ශනය – අශෝකා, ඉම්පාලා, එමෙස් - මොරටුව, රත්නාවලී – ජාඇල, නිව් මිනර්වා - කළුතර ඇතුළු සිනමා ශාලා 13 ක