වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවන් කුමාරණතුංග පදනමෙන් ගැබිනි කාන්තාවන් 500 කට ත්‍යාග

ජීවන් කුමාරණතුංග පදනමෙන් ගැබිනි කාන්තාවන් 500 කට ත්‍යාග

‘ජීවන් කුමාරණතුංග’ පදනම මඟින් සංවිධානය කරනු ලැබූ ‘උත්තම පූජා’ නම් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගියදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි.

තැපැල් හා විදුලි සන්දේශ සේවා ඇමති ජීවන් කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පැවැත්වුණු අතර මොරටු පුරවරයේ ගැබිනි කාන්තාවන් පන්සියයකට අත්‍යවශ්‍ය උපකරණ කට්ට්ල බෙදාදෙන ලදී.

උත්සවය අවසානයේ මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් පවත්වනු ලැබිණි. මේ සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ පියසේන සේනරත්න මහතා විසිනි.