වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ශමීර රංගන අධ්‍යක්ෂණයට එන මෝටර් බයිසිකල් වැඩ ඇරැඹේ

ශමීර රංගන අධ්‍යක්ෂණයට එන මෝටර් බයිසිකල් වැඩ ඇරැඹේ

සම්මානනිය යොවුන් කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු වන ශමීර රංගන නාඔටුන්න මුල්වරට වෘතාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට සූදානම් වෙයි. මෝටර් බයිසිකල් යනුවෙන් නම තබා ඇති එය තම සිහින යථාර්ථයක් බවට පත්කරගැනීමට උත්සහ ගන්න. තරුණයකු වටා ගෙතී ඇති කතා පුවතකි.

වීණා ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සමනලී ෆොන්සේකා, දිමුතු චින්තක, දසුන් පතිරණ, නෙතලි නානායක්කාර, ප්‍රියන්ත ලලිත්, දයාදේව එදිරිසිංහ, ප්‍රියන්ත සිරිකුමාර ආදීහු මෙහි චරිත මවති.

රෝයි බ්‍රදර්ස් වෙනුවෙන් සුරංග ජයසූරිය නිෂ්පාදනය කරන මෝටර් බයිසිකල්හි කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනි. රංගන සේනානායකගේ කලා අධ්‍යක්ෂණයකි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක්වෙයි. ප්‍රියන්ත වන්නිනායකගේ අංග රචනයකි. ලසන්ත උඩුකුඹුර ඇඳුම් නිර්මාණය කරයි. ලක්රුවන් විතානගේ සහාය අධ්‍යක්ෂවරයාය. දිපාල් ගුණරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. රන්ජන් ප්‍රසන්න සහ දමින්ද ඩී. මඩවල නිෂ්පාදන සම්බන්ධීකරණනේ දායකවෙති.

අධ්‍යක්ෂණය මෙන්ම පිටපත් රචනයද ශමීරගෙනි. ශමීර අධ්‍යක්ෂණය කළ සැතපුම් හය කෙටි චිත්‍රපටය 2012 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත් අතර එය විදෙස් රටවල් කිහිපයකම සිනමා උළෙලයන් නියෝජනය කරන ලදී. - ප්‍රසාද්