වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ SMS ප්‍රතිචාර තීරයයි

මේ SMS ප්‍රතිචාර තීරයයි

ඔබගේ නිදහස් අදහස් ලියවෙන්නේ මෙතැනය. කලාවේ නොයෙක් ඉසව් ගැන ඔබ සිතට නැගෙන සිතැඟි වෙනුවෙන්මයි මේ ඉඩකඩ වෙන් වී පවතින්නේ. සුන්දර අදහස් මෙන්ම විවේචන ද ප්‍රතිචාර තීරයට වැදගත්ය. ඒවා ක්ෂණිකව 0752805047 යන අංකයට හෝ ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට එවිය හැකිය.

බෙග් අගයමු

මේ මැයි මාසය අප බුදු තෙමගුල සමරන කාලයයි. ඔබ අනිවාර්යයෙන්ම කොළඹ හෝ ඒ අවට හෝ ලංකාවේ කොතැන සිටියත් දන්සලක්, වෙසක් තොරණක, පින්කම් උත්සවයකදී ඔබට ඇසෙන බොදු ගී රාවයන් අතර බුද්ධාලම්භන ප්‍රිතිය වඩන ආකාරයට බොදු බැති ගී ගයන අල්හාජ් මොහිදීන් බෙග් නම් ශ්‍රී ලාංකික කලාකරුවා ඔබට සිහි වේ. ඇත්තටම මෙතරම් රටට විශාල මෙහෙවරක් කළ මෙම කලාකරුවාට අපගේ ගෞරය පුද කළා මදි බව මගේ පෞද්ගලික මතයයි. ඔහු වෙසෙසින්ම ඇගයීමට ලක්කළ යුත්තේ වෙනත් ජාතියක උපන්නකු වීම නිසාය.
 

අජිත් ලක්මාල්

මීගමුව

චම්පා ශ්‍රියාණි තිරයට ඕනෑ

තිමති වීරරත්නගේ කඳුළක හසරැලි ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට පිවිසුණු චම්පා ශ්‍රියාණි හිරුට මුවාවෙන්, වනවදුලේ වසන්තය, හිමි අහිමි, ගංගා සහ නිශ්ශංක, කටු ඉඹුල, බැද්දෙ ගෙදර වැනි ටෙලි නාට්‍ය රාශියක් තුළින් කැපී පෙනෙන ප්‍රතිභාපූර්ණ රංගනයක යෙදුණාය.

ඒ අතරින් හර්බට් රංජිත් පීරිස්ගේ හිරුට මුවාවෙන් හෙවත් ඉඳීආප්ප කතාවේ මැවූ ප්‍රීතිමාලි චරිතය කිසි දිනෙක ප්‍රේක්ෂකයන්ට අමතක වී නොමැත.

එමෙන්ම සුමති ටෙලි සම්මාන උළෙලකදී දක්ෂතම සහාය නිළිය ලෙසින් සම්මානනීය වූ බැද්දේ ගෙදර යසවතී චරිතය අදටත් අපට මැවේ. එවන් වූ දක්ෂ නිළියක වන ඔබ නිහඬව නොසිට ප්‍රේක්ෂක අප වෙනුවෙන් යළි රඟන්න.
 

පාලක සමන් පෙරේරා

හැඳල

අපේ වීරයා රන්ජන්

රන්ජන් රාමනායක අයියේ, ඔයා හරිම ලස්සනට රඟපානවා. අපේ හොදම වීරයා ඔයා.
 

ධම්මිකා ඇල්හේන

ජාඇල

ජගත් අපට ආඩම්බරයක්

අමෙරිකාවේ නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ප්‍රියංකර විතානාච්චිගේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කැනඩාව, අමෙරිකාව, ඩෙන්මාර්කය, කියුබාව ආදී රටවල නළුවන් අතර ශ්‍රීී ලංකාව වෙනුවෙන් අපගේ නළු ජගත් චමිල යන නාමය නිර්දේශව තිබීම මුළු රටටම ආඩම්බරයකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල
තටාකය පාර

හිමාලි දක්ෂයි

සම්මාන ලැබුණත් නොලැබුණත් හිමාලි සයුරංගි දක්ෂ රංගන ශිල්පිනියක්. ඔබේ රඟපෑම හරිම තාත්ත්විකයි.

සුජාතා ගුණවර්ධන

කඩවත


ප්‍රවීන රංගධරයන් වන විමල් කුමාර ද කොස්තා, අමරසිරි කලංසූරිය යන දෙදෙනා නව නිර්මාණයකින් දක්නට ආසයි.

ඉන්දික මුණසිංහ

කෙහල්ඇල්ල
බඩල්ගම

මලී සහ අත්තම්මා යන ටෙලි නාට්‍යවල ශ්‍රීමාල් වෙඩිසිංහගේ රඟපෑම් ඉතාම ඉහළයි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

සිංහල සිනමාවේ දක්ෂ ජනප්‍රිය සටන් නළුවකු වන ක්ලීටස් මෙන්ඩිස් සැබෑ ජීවිතයේදී මිනිසත්කම හඳුනන නිහතමානී අටයකි.

නවරත්න

කුරුණෑගල

රන් සමනලයෝ ටෙලි නාට්‍යයෙන් පසුව රොෂාන් රණවනව දක්නට නොලැබීම දුකක්.

පී. එන්. ඒ. නිලූක

අවිස්සාවේල්ල

කෝපි කඩේ ටෙලි නාට්‍යය රූපවාහිනිය තුළින් දක්නට ලැබෙන ටෙලි නාට්‍ය අතරින් ආදර්ශවත් සහ උසස් ටෙලි නාට්‍යයකි.

අතුල කුමාරසිරි

කැරන්වත්ත

එදා මෙදාතුර බිහි වූ හොඳම කැමරා අධ්‍යක්ෂ තමයි ලෙනින් මොරායස්.

සුදත් නිශාන්ත

මීගමුව

දයාන් විතාරනට,

ඔබ විසින් ගැයූ බුදු පියාණනේ ඔබ මහිම නම් බුදු ගුණ ගීතය අප සිත් සුවපත් කිරීමට සමත්.

ශානි හසරා

මීපවෙල

පෝද්දල

කාන්චනා මෙන්ඩිස් මෙවර රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා. ඒ වගේම තවත් සම්මාන උළෙල කිහිපයකදීම ඇයව සම්මානයට පාත්‍ර වේවා.

කාවින්ද රශිමිත

මල්ලෑව

කිංස්ලි පීරිස් ගායකයාණන්ගෙන් මං ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා ජෝතිපාලයන්ගේ ගීත විනාශ කරන්න එපා කියලා.

අනුලාවතී

කුඩගම

අතුල අධිකාරිගේ ‘හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න’ ගීතය ඉතාම සංවේදියි.

රන්ජනී අමරසිංහ

වල්පොළ

මේනක රාජපක්ෂ පිරිපුන් රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගනය කියලා වැඩක් නෑ.

නිමල් කුලසේකර

අඟුලාන

හදවත් මනමත් කරන ඉතා සුවිශේෂී විරල මධුර හඬකින් ගීී ලොව එකලු කරන ඉන්දිකා උපමාලිගේ අලුත් ගී නිර්මාණ තවත් විඳීමට අප ආසාවෙන් බලා සිටිමු.

නිශාන්

බණ්ඩාරවෙල

සිංහල සිනමාව එළි කළ අප අනර්ඝතම ගායකයා ජෝති හැර වෙන කවුරුද.

රංජිත් සේනක

නිවිතිගල

දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ සිනමා සක්විති ගාමිණී, ශෂී, කොස්තා, කරු, ටෙනිසන්, සබීතා, මර්වින්, සොමී ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් රඟපෑ දෙමෝදර පාලම සිනමාපටය එදා මෙන්ම අදත් රස විඳිය හැකි සිනමා නිර්මාණයකි.

නාමල්

අකුරැස්ස

ප්‍රවේගය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නියමයි. එය තිරගත වනතුරු අප නොඉවසිල්ලෙන් බලා සිටිමු.

ඉසුරු

හැඳල

රණවිරු රියල්ස්ටාර් වැනි වැඩසටහන්වලදී මිල්ටන් පෙරේරා වැනි ගායකයන්ගේ ගීත යළි ගැයීම ගොඩක් පින් හිමිවන කටයුත්තකි.

සරත් මද්දුම ආරච්චි

වෑත්තෑව

දමිත් අසංක අයියාගේ සිංදු ගොඩාක් ලස්සනයි. ඒ අතරින් සිත මගෙ රිදුනා ගීතය අපේ හිතට තදින් දැනෙනවා. දමිත් අයියා ඔහුගේ වීඩියෝවල ඉන්න කොට තවත් ලස්සනයි. රංගනයට ද පැමිණ අපව පිනවන්නට යැයි ආරාධනා කරමු.

පී. ආර්. මධුභාෂිණී

මොරටුව

වර්තමානයේ ගීතවල දර්ශනය බොහොම පටු අදහස්වලින් යුක්තයි. ඒවාහි වීඩියෝ පවුලේ අයට එකට හිඳ නැරැඹිය නොහැකියි. මට පෙන්නේ තරුණ පරපුර නොමග ගිහින් වගෙයි.

පෙරේරා

ගම්පහ

ගායක උදය ශ්‍රීගේ පිය පදවියට මාගෙන් සුබපතුම්.

නිමේෂා

අලව්ව

ඔෂීන්, සුජාත දියණි, අභීත දියණි වගේ දිරිය කතුන්ගේ කතා තව තවත් අපට ජාතික නාලිකාවෙන් ලබා දෙන්න.

කවීශා

පාදුක්ක

වර්තමානයේ බිහිවන ඇතැම් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයා වෙත රසවත් හරවත් දෙයක් මනසට ලබා දෙන්නේ නැත. වෙන්නේ මනස විකෘති වීම පමණකි. සෑම විටම නාට්‍යයන් ගැටුම් සහිත කුටුම්භයක් මත දිග හැරේ. මේවා නැරැඹීමෙන් අසන්වේදී පුද්ගලයන් බිහි වන්නා සේම සමාජයට දෙන්නේ වැරැදි ආදර්ශයකි.

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ