වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




 ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙසුම ජූනි 15 දා

ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙසුම ජූනි 15 දා

සරසවිය පනස් වැනි සංවත්සරය වෙනුවෙන් පාඨකයන් සඳහා ආසන 50 ක්

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙසුම’ 2013 ජූනි 15 සෙනසුරාදා සවස 5.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කමිටු කාමර බී හිදී පැවැත්වේ. ප්‍රංශයේ තානාපතිනි ක්‍රිස්ටීන් රොබිෂොන් මැතිනියගේ ගෞරවණීය සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාව පොදු මහජනතාවට සහභාගි වීම සඳහා විවෘතයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න ශූරීන් ‘ලෙස්ටර් - සුමිත්‍රා සිනමා ගීතය’ මැයෙන් ද ප්‍රවිණ සංගීත අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජෝසප් ද සේරම් මහතා ‘චලන චිත්‍රය සහ සංගීතය’ යන මැයෙන් ප්‍රධාන දෙසුම් ඉදිරිපත් කරනු ඇත.

ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් පදනම ශ්‍රී ලාංකීය උත්තරීතර පාර්ලිිමේන්තු පනතක් මඟින් ලාබ නොලබන ආයතනයක් ලෙස පිහිටුවන ලදී. එහි භාරකරුවන් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් සිනමාවේදියාණන්, හෙළ සිනමාවේ කිවිඳි සුමිත්‍රා පීරිස්, ගයත්‍රී මුස්ටචි , කුමාර ද සිල්වා සහ යදාමිණි ගුණවර්ධන කටයුතුª කරනු ලබයි.

තවද අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමජිකයින් ලෙස සමීර මානාභරන රන්දෙනිය , යසෝධා විමලධර්ම , යසෝජ ගුණවර්ධන සහ නුරාන් ගෝමස් කටයුතුª කරනු ලබයි.

සරසවිය පුවත්පතේ පනස් වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම දේශනය සඳහා පාඨකයන් පනස් දෙනකුට ආරාධනා කිරිමට පදනමේ සංවිධායකයන් සූදානම්ව සිටියි. ඒ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 10 ත් සවස 4 ත් අතර කාලය ඇතුළත 0112588822 අංකයට ඇමතීමෙන් හෝ [email protected]  විද්‍යුත් ලිපිනය මඟින් ආසනයක් වෙන්කරවා ගැනීමයි. ආසන හිමිවන්නේ ඉල්ලා සිටින පිළිවෙලටය.