|
නිර්මාංශ හා සිනමාංශ කැටුව අමුතුම ජාතියේ සිනමාහලක් බම්බලපිටියේ ‘මථුරා’ සිනමාහල
ඔබ කොළඹ ඇවිද යන්නෙක් නම් මෙහි විනෝදය විවේකය සොයන්නෙක් නම් අවන්හලකට ගොඩවී ඇතුවා නිසැකය. කොළඹ නගරයට අපේ කලාපයේ රටවල්වල ප්‍රධාන නගර අතරින් අන්‍යයන් කැමැත්ත දක්වන විශේෂත්වයන් කිහිපයක් ඇත. එකක් කොළඹ නගරය අනෙක් නගරවලට වඩා ප්‍රමාණයෙන් කුඩා නිසාය. අනෙක කොළඹ නගරය මෑත කාලයේ අත් පත් කර ගත් ශීඝ්‍ර සංවර්ධනය නිසාය. අවසාන කරුණ නම් විවේකය විනෝදය සඳහා අනෙක් තුන්වැනි ලෝකයේ රටවල්වලට සාපේක්ෂව කොළඹදී ඉඩක් ඇති නිසාය. මේ විවේකය විනෝදය සාධකයේදී සිනමාව, පරිසරය, මත, සූදුව, පහස, ආහාර ආදී කාරණා නොඅඩුව ගණනය වන අනෙක් අතින් පාරිභෝගිකයන්ගේ මනාපයටද හසුවන අතර ආහාර සඳහා වැඩි මනාපයක් පාරිභෝගිකයන් දක්වයි. උදාහරණයකට සාමාන්‍ය කොත්තු කඩ රයිස් කඩ සයිවර් කඩ හැරෙන්නට මධ්‍යම පාන්තික අවන්හල්වල සේවා තත්වය ආහාරවල රස ගුණ අන්තර්ජාලය ඔස්සේ මනාපයකට ලක් කරයි. එසේ මනාපයකට ලක් කරන අය අතරින් සැවොම භාවිත කරන ගූගල් සේවාව ඉදිරියෙන් සිටියි. ඒ ඒ අවන්හල් වල ෆේස්බුක් පිටු මෙසේ මනාප පළ කිරීමට ඉඩ පහුසුකම් සලසා ඇති අතර ඊට අමතරව නොයෙක් වෙබ් පිටු දුරකථන ඇප්ලිකේෂන් ඒ සඳහා පුළුල් ඉඩක් සපයා ඇත. ඒ අනුව අවන්හලක් හෝ අනෙක් සේවාවක් ප්‍රචාරණයෙන් උලුප්පා පෙන්වීම අද කළ නොහැක්කකි. ඒ තරමටම අද අන්තර්ජාල මනාප බලවත් ප්‍රතිචාර ක්‍රමයක් වී ඇත. කොළඹ නගරයේ ආහාර විවිධත්වය ඉතා ඉහල මට්ටමක ඇත. සාමාන්‍ය ජනයා වඩයක් කා ප්ලේන්ටියක් බොන අතර සිගරැට්ටුවක් පානය කරන කුඩා කඩයේ සිට තරු පහේ හෝටල් දක්වා මේ විවිධත්වය පැතිරේ. පීසා පැස්ටා කෑමට නම් ඔබට ඉතාලි අවන්හලක් සොයාගැනීමට වැය වන්නේ දුරකථනය සාක්කුවෙන් අදින වෙලාව පමණි. මුහුදු ආහාර, ෆියුෂන්, චීන, ජපන්, ලාංකේය, යුරෝපියානු, ඉන්දීය ආහාර ගැනීමට ඔබ කළ යුත්තේ දුරකථනයේ තිරය එහා මෙහා කිරීම පමණයි. ඔබේ තේරීම ඉන්දීය ආහාර නම් එකක් අනර්ඝ ඉන්දීය අවන්හල් රාශියක් මාංශ නිර්මාංශ ලෙස ඔබට හමුවනු ඇත. අනෙක බම්බලපිටියේ මථුරා අවන්හල හමුවනු ඇත. මථුරා හි නිර්මාතෘවරයා අප කිසිවෙක් නොදන්නා නොහඳුනනා අයෙක් නොවෙයි. ඒ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙක් ප්‍රදර්ශකයෙක් මෙන්ම දැවැන්ත ව්‍යාපාරිකයෙක් ද වන බුද්ධි කීර්තිසේන මහතායි. ඔහු මතුරා නිර්මාංශ ව්‍යාපෘතියට අත ගැසුවේ මීට වසරකට පමණ පෙරය. එදා බම්බලපිටියෙන් ආරම්භ කළ මථුරා අද බත්තරමුල්ලටත් ව්‍යාප්ත වී ඇත. එමෙන්ම අද නිර්මාංශ ආහාර ලෝලීන්ගේ තේරීම් අතර ප්රමුඛ තේරීමක් වනුයේ මතුරා අවන්හලයි. ඔබ කොළඹදී දකින ඉන්දීය අවන්හල්වල විශේෂත්වය අනෙක් අවන්හල්වලට වඩා වෙනස් එකකි. ආහාර පිළිගන්වන බඳුනේ සිට වටා පිටාව දක්වා තෘප්තියක් දනවන ආකාරයෙන් නිමවීමට එම අවන්හල් වග බලා ගනී. එමෙන්ම ඒ ආහාර වල තත්වය එකිනෙකට නොපරදින ලෙස ඉදිරිපත් කිරීමත් දැකිය හැකිය. ඒ සඳහා ඉන්දීය අවන්හල් ආහාරවල විවිධත්වය වැඩි කරයි. එමෙන්ම බොහෝ අවන්හල්වල ඉන්දීය රසය ලබා ගැනීම සඳහා භාවිත කරන්නේ ඉන්දීය සූපවේදින්ය. එය බොහෝ විට ඉන්දීය ආහාර පි‍්‍රය කරන්නන්ගේ සිත් බැඳ ගන්නා කාරණයක් ය. මෙකී කාරණාවලින් නම් මථුරා කොහෙත්ම වෙනස් නොවේ. එහි නමට ‘මැඩ්රාස්’ (මදුරාසිය) යන නම යෙදුනත් දකුණු ඉන්දීය ආහාර පමණක් නොව උතුරු ඉන්දීය ආහාර පාවා ඔවුන්ගේ බෝජුන්පතට ඇතුළත් වී ඇත. නමුත් මතුරාවේ විශේෂ වන්නේ කිසිසේත් මේ බෝජුන්පත නොවෙයි. බම්බලපිටියේ මථුරා අවන්හල දෙමහල් එකකි. මෙහි වටාපිටාව ලංකාවේ ඉන්දීය අවන්හල්වල ඔබ මෙතෙක් දැක නොතිබූ එකක් බවට සැක නැත. ඇත්තෙන්ම එය සිනමාවේ ආකෘතියකි. සාමාන්‍යයි මේස තබා ඇති ප්‍රදේශයට අමතරව තවත් උඩුමහලේ කාමර දෙකකි. එකක් නම් කර තිබෙන්නේ ‘බොලිවුඩ් රූම්’ ලෙසටය. අනෙක ‘කොලිවුඩ් රූම්’ ලෙසටය. බිම් මහලේ වටා පිටාව ඔබට දැක ගත හැක්කේ දිලිප් කුමාර් ගේ රාජ් කපූර් ගේ මධූ බාලා ගේ මීනා කුමාරි ගේ රූප වලිනි. ඇත්තෙන්ම එවැනි තැනක ආහාර රසයක් විඳීම ගැන මට ලියා තැබිය හැකි දෙයක් නොවේ. එය පැමිණ අත්දැකිය යුත්තකි. ඔබ වඩාත් සංගීතයට ප්‍රිය නම් එහි රස අනුව උඩුමහලට පිය නැගිය හැකිය. දමිළ ගීතයක් ඔබේ කර්ණ ශංඛය හරහා යන අතරතුර උත්තප්පම් එකක් රස විඳීමේ අවස්ථාව කොලිවුඩ් කාමරයට පිය නැගීමෙන් ලබා ගත හැකිය. මොහොමඩ් රාෆි ගේ මනෝහර ගීතයකින් මත් වෙද්දී බිරියානි එකක් පුලවු එකක් ආමාශගත වීමේ අත්දැකීම මට කිව නොහැක්කකි. එයට ඔබම පැමිණ දැනගත යුත්තකි. ඒ කෙසේ වුවද පේපර් තෝසයක් පූරි එකක් මයිසූර් මසාලා තෝසයක් දවාලට නිර්මාංශ තාලියක් රස විඳීමට ඉන්දියාවේ පැමිණියාක් මෙන් හැඟීමක් ඔබට දැනෙනු ඇත. මථුරා එතනින් නොනවතියි. ඔවුන් අලුත් ඉන්දියානු ආහාර කලින් කලට ප්‍රවර්ධනය කරයි. වයස් බේදයකින් තොරව ඒවා රස විඳීමට එන පිරිස සෑහෙන පිරිසකි. මෙවැනි ප්‍රවර්ධන කටයුතු කරන රාති‍්‍රයක හොඳ සංගීත සාජ්ජයක් යනු නහර පිනා යන අත්දැකීමකි. මථුරා ආරම්භ කර කෙටි කාලය තුල බොලිවුඩ් ගීත සාජ්ජ ගණනක් සංවිධානය වී තිබුණි. දැන් ඔවුන්ගේ අභිප්‍රාය වනුවේ කොලිවුඩ් ගීත සාජ්ජයක් ආරම්භ කිරීමටයි. එයද නුදුරේ වනු ඇත. එවැනි සන්ධ්‍යාවකට සමූසා එකක් සමඟ මසාලා තේ එකක් ඉතා අගනේය. බුද්ධි කීර්තිසේන මහතා සිනමාවේ පුද්ගලයෙක් වන හෙයින් ඔහු ඔහු මථුරා වෙතින් සිනමාව ඈත් කළේ නැත. ඔහු එහි ඊළඟ අදියර වෙත පැය තබන්නේ සුඛෝපභෝගී සිනමාහලක් මථුරා තුල විවෘත කරමිනි. මථුරා අවන්හල කේන්ද්‍රය කරගනිමින් ඔහු මෙවර ගොඩනගන්නේ චිත්‍රපට සමාජයක් ය. ලංකාවටම අඩුවක්ව තිබූ මෙවන් විනෝදාස්වාද ස්ථානයක් බිහිකරලීම ගැන මුළු ක්ෂේත්රයම ඔහුට ස්තුතිවන්ත විය යුතුය. ‘මථුරා සිනෙසිටි සිනමා සමාජය’ ලෙස නම් කර ඇති මෙය. පුද්ගලික හමුවීම් සඳහාත් පුද්ගලික විනෝදාස්වාදය සඳහාත් විවෘත කොට ඇත. ඉන්දියානු රස ආහාරයක් ගන්නා අතරතුර ඔබේ කණ්ඩායමට චිත්‍රපටයක් බැලීමට අවශ්‍ය නම් ඒ සඳහා සිනමාශාලාව ඔබට වෙන් කර ගත හැක. එමෙන්ම ඔබ කැමති චිත්‍රපටයක් එහි රස විඳීය හැක. 20 කට වඩා පිරිසකට එහි අසුන් ගෙන චිත්‍රපට නැරඹිය හැකි එම ශාලාව ඉතා සැප පහසු ආසන මෙන්ම අලුත් තාක්ෂණික උපකරණවලින් සමන්විතය. එමෙන්ම මේ ශාලාව ඔබට පුද්ගලිකව කල් තියා වෙන් කරගත හැක. එය වෙන්ව ඇත්තේ රස දන්නා එමෙන්ම නිදහස අවශ්‍ය අයවලුන්ට පමණමය. ඒ අනුව බුද්ධි කීර්තිසේන මහතා තම සිනමා ආයෝජනය සිනෙසිටි සිනමාශාලා සංකීර්ණයෙන් මථුරා වෙත ගෙනවිත් ඇත. එසේ නම් ඔබ රසම් එකක් බී බුෆේ ක්‍රමයට ආහාරයක් ගෙන ඇරෝමාව විඳ චිත්‍රපටයක් නැරඹුවාට වරදක් නැත. මන්ද ඉන්දියාවේ කොටසක් බම්බලපිටියේ මෙල්බර්න් ඇවනියු හිත් තිබෙන නිසාය.
|