වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ළමා මනස හඳුනා ගනිමු

ළමා මනස හඳුනා ගනිමු

ගුරුන්ට දෙගුරුන්ට අත්පොතක් වැනිය

මාධ්‍යවේදිනී, ලේඛිකා චම්පිකා දීපානි රණසිංහ විසින් සංස්කරණය කෙරුණු නවතම ග්‍රන්ථය ‘ළමා මනස හඳුනා ගනිමු’ය. රාජ්‍ය මට්ටමේ සෞඛ්‍ය සම්මාන ගණනාවකින්ම පිදුම් ලද මාධ්‍යවේදිනියක වන චම්පිකා යොවුන් හා ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ‍ඥ වෛද්‍ය සුදර්ශි සෙනෙවිරත්නගේ උපදෙස් පරිදි සැකසූ මේ ග්‍රන්ථය සදීපා ප්‍රකාශනයකි.

දරුවකු කුස පිළිසිඳුණු දිනයේ සිට නව යොවුන්වියට පත්වීම දක්වා වූ දැවැන්ත කායික මානසික පෙරළියේ දී ඔවුන්ට ඇතිවන මානසික ගැටලු, මානසික රෝග, අධ්‍යාපනික, සමාජීය ගැටලු හඳුනා ගැනීම, ඒවාට මුහුණ දිය යුතු ආකාරය, වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා ආදී සියලුම කරුණු කෘතියේ අන්තර්ගතය.

මින් පෙර සදීපා මඟින් එළි දැක්වුණු ගැබිනි මවට අත්වැලක්, මානසික රෝගවලින් මිදෙමු, ආතරයිටිස් වළක්වා ගනිමු කෘතිවල සංස්කාරකවරිය වන්නේ ද ඇයයි. ඇය මින් පෙර ළමා, යොවුන් පරිවර්තන ග්‍රන්ථ කිහිපයක් ම රචනා කර තිබේ.