වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්
0728384283

සිනමාවට මෙහෙවර කළ එම්. ජේ ආබ්දීන්

'සිතාරා', 'ඔබ මට විශ්වාසයි', 'බඹසර බිසව්', 'පවිත්‍ර', 'බව දුක' වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ එම්. ජේ ආබ්දීන් යහපත් නිහතමානි මිනිසෙකු ලෙසින් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රචලිතව සිටියේය. නිහඬ ජීවිතයක් ගත කළ ඔහු, බුදු දහම වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළේය. පසුගිය 17 වැනිදාට එතුමා දිවියෙන් සමුගෙන 24 වසරකි. කෝටිපතියකු වුවත් සාමාන්‍ය මිනිසෙකු ලෙසින් ජීවත් වූ එම්. ජේ ආබ්දීන් විනෝදාත්මක මෙන්ම කලාත්මක චිත්‍රපට නිෂ්පාදනයෙන් සිනමාවට කළ සේවය අනභිභවනීය යි.


පුංචි තිරයේ ගී ගඟුල

සිංහල සිනමායේ මනරම් ගී වලින් මැවූ අමරණීය මතක පෙළහර 'රිදී නිම්නය', විනීතා කරුණාරත්නගේ අදියුරුවමින් ජාතික රූපවාහිනියෙන් ඉදිරිපත් කළ අගනා වැඩසටහනකි. සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ වසර ගණනාවක් පුංචි තිරයෙන් ගෙන එන රීදි තිරයේ ගී ගඟුල 'සුහානි රාත්' නිහඬ වූ අයුරින්ම 'රිදී නිම්නය' ද දැන් නිහඬය. නැවතත් 'රිදී නිම්නය' සහ 'සුහානි රාත්' ආරම්භ කරන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි.


දෙවැනි ඉනිමේ සමල්කා

ශනුද්‍රි ප්‍රියසාද් දෙවැනි ඉනිම ටෙලි නිර්මාණයේ සමල්කා ලෙසින් කරනා රංගනය ඉගාම අගනා එකකි. කලා පවුලෙන් උරුම හැකියාවත් ඔබ සතු අපූර්වත්වයත් නිසා ඔබේ රඟපෑමට ඉහළ වටිනාකමක් එක් වී ඇත. ඔබට දීප්තිමත් අනාගතයකට සුබ පැතුම්.


අපේ නිළිය ඔබයි ස්වර්ණා

සත් සමුදුර තරණය කොට හන්තානේ කන්ද සිසාරා අහස් ගව්ව නිම් වළල්ල මැදින් තුං මං හන්දියට පියමං කළ අංජානා, යහළු යෙහෙළි සමඟින් සංඛපාලි, සිංහබාහු, මායාට හසු වු අනන්ත රාත්‍රිය, මී හරකා, තණ්හා රතී රඟා හි කළ රංගනයන් ඉතාම අගනේය. දඩයම, සුද්දිලාගේ කතාව, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා හි ඔබ අපූරුයි. සිංහල සිනමායේ ඕනෑම චරිතයකට පණ පොවන්නට සමත් අපේ නිළිය ඔබයි ස්වර්ණා.


ගීතාට ඉක්මන් සුවය

හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.


මතකයේ රැඳී එච්. එස් පෙරේරා

අසූව, අනූව දශකයේදී චිත්‍රපට ලොව නමක් තැබූ නිෂ්පාදකවරයකු වන එච්. එස් පෙරේරා දැන් අප අතර නැත. නමුත් ඔහු අපට තිළිණ කළ නැව 'ගිලුනත් බෑන් චූන්', 'හොඳ හොඳ සෙල්ලම්', 'කම් ඕ ගෝ චිකාගෝ', 'නරලොව හොල්මන්' වැනි චිත්‍රපට සදා අප මතකයේ රැඳී ඇත.


ගුණසේකර කේ. පතිරණට

පුරා අවුරුදු විසි පහකට වැඩි කාලයක් තුළ ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වන 'දැනුමයි වාසනාවයි' වැඩසටහන වෙනුවෙන් සම්මානීනය අගයක් නොලැබුණත් දැයේ දූ දරුවන් ගුරු දෙගුරුන්ගේ සම්මානය ලැබී ඇත. එම වැඩසටහනේ නිවේදක ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසේකර කේ. පතිරණට සහ අනුග්‍රහය ලබා දෙන ඩී. සැම්සන් සමාගමේ අධිපතිට දිගාසිරි පතමි. මෙම වැඩසටහන දිගු කලක් දිනේවා.


ගාමිණි හෝල්

1951 මාර්තු මස 09 වැනිදා 'සී දේවි' චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඇරඹි මරදානේ ගාමිණි සිනමාහල අදටත් පැවතියා නම්, එයට අදට වසර 66කි. එතැනින් යන එන අපට ගාමිණි සිනමාහල නැති වී යාම පිළිබඳ ඉමහත් කනගාටුවක් දැනේ.


හාරකෝටියට වඩා වටිනා රංගනය

දිනිති වල්ගමගේ, ප්‍රථම රංගනය වූ 'හාරකෝටිය' ටෙලි නාට්‍යය තුළින් ජනප්‍රියත්වයෙන් ඉහළට යන්නට වාසනාව ලද රංගන ශිල්පිනියකි. 'හාරකෝටිය' ටෙලි නිර්මාණයට ඔබ දෙන දායකත්වය හාරකෝටියකට වඩා වැඩි බව මගේ අදහසයි.


එඩ්නා සුගතපාල අගයමු

අති දක්ෂ වේදිකා නාට්‍ය, රූපවාහිනි, සිනමා නිළියක, ගායිකාවක, පියානෝව සහ එකෝඩියන් වැනි සංගීත භාණ්ඩ වාද්‍ය ශිල්පිණියක ද වන එඩ්නා සුගතපාල ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනිය ඇගයීමට ලක්කර උපහාර පුදන්නේ නම් ඉතා අගනේය.


ගී ලොව රිදී සීනුව

එදා සිංහල චිත්‍රපටයට නැතුවම බැරි කටහඬ ඔබයි. ඔබ ගැයූ ගී සියල්ලම රසික හදවත්වල රැව් පිළිරැව් දේ. ගී ලොව රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක ඔබහට නිදුක් නිරෝගී සුව පතමි.


වේදිකාව - සිනමාව - පුංචි තිරය හැඩකළ නළුවා

සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍යය හරහා රංගනයට පිවිසෙමින් සිංහල සිනමාවත් පුංචි තිරයත් තම රංගන ප්‍රතිභාවෙන් හැඩ කළ පාලිත සිල්වා රංගන ශිල්පියා කවදත් රසික ආදරය ලද රංගවේදියෙකි. ඔබගේ කලා දිවියට මගේ සුබ පැතුම්.


හෙන්රි කල්දේරාගේ ගීතත් ගෙන එන්න

පැරණි ගායක ගායිකාවන්ගේ ගීත නාලිකාවල ප්‍රචාරය කිරීම සතුටුදායකය. නමුත් දෑස් නොපෙනෙන ගායන ශිල්පී හෙන්රි කල්දේරාගේ ගීත මෑතකදී ප්‍රචාරය නොවුණි. ඔහුගේ ගීත ද ප්‍රචාරය කරන මෙන් ඉල්ලමි.


සුමිත් බිබිලේ රංගධරයාණෙනි ඔබට නිවන් සුව

'උමතු විශ්වාසය' හා 'අසෝකා' චිත්‍රපටයන් සඳහා ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වී සදහටම අපෙන් සමුගත් සුමිත් බිබිලේ රංගධරයාණෙනි ඔබට නිවන් සුව.


වේදිකාවට ප්‍රසංගයක් වූ එම්. එස් ප්‍රනාන්දු

සිංහල සිනමාව මෙන්ම සංගීත ලොවේද සලකුණක් තැබූ එම්. එස් ප්‍රනාන්දු ප්‍රසංග වේදිකාවට ප්‍රසංගයක් විය. සංගීත ක්ෂේත්‍රයේදී ඔහු සිය ගීත රචනයට සමාජයේ වූ දේ නිර්ව්‍යාජව හසු කරගන්නට සමත් විය. අදවන විට අප අතර නැතත් ප්‍රසංග වේදිකාවට කළ සේවය විශේෂයෙන් අගය කුළ යුතුයි.


ගාමිණි අම්බලන්ගොඩට ඉක්මන් සුවය

ගාමිණි අම්බලන්ගොඩ කලාවට ලැදි කලාවෙන් ජීවත්වන අහිංසක කලාකරුවෙකි. ඔහුට අද වන විට සෝචනීය ඉරණමකට මුහුණ දෙන්න සිදුවීම මහත් දුකකි. අපි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.


මහා නළු - සත්විතිගාමිණි ෆොන්සේකා

සක්විති එදා නළු නිළි හැම සුබසෙත දල්වා
මැති සබයේදීත් මුල් පුටුවේ අණසක දල්වා
සක්විති ගියා අප හද සෝ ගිනි දල්වා
සැප්තැම්බර් 30 මෙදා සමරමි ගුණ දල්වා


සැරදේ කිවිවර රත්න ශ්‍රී

ගීත ලොවේ බබළන රන් මිණි පහන
පායන පුන් සඳයි හිරු නැතිවද දිළෙන
ආතුර හදට කවියෙන් සලසා නිවන
ප්‍රේමය පුදන ඔබ ජීවකයෙකි නිවුන

කවියත් ගීතයත් සුව යහනක ඇතිරූ
පිරිතක් අසන විලසට දෙසවන පැතිරූ
මැදහත් සිතින් සැම හදවතකම තැවරූ
කවදත් ඔබේ නිමැවුම් අමිලය සොඳුරූ

ඔබ දිවි මඟේ තව වසරකි ගෙවෙන්නේ
කළ වැඩ කොටස හද පතුලෙහි රැඳෙන්නේ
කොතරම් ලියූවත් මදි යැයි සිතෙන්නේ
අප ආයුෂත් ලැබ යහතින් වෙසෙන්නේ


ගිනි පුපුරක් කිම ආවේ ගීතාට

ඇස්වහ කටවහක් වැදුනද ලස්සනට
සිනමාවේ චරිතයක් රඟ දෙනවාට
නැත්නම් අපලයක් ඇති වී දෝ ඔබට
ගිනි පුපුරක් කිම ආවේ ගීතාට

රැඟුමෙන් ජනතාව පින වූ ලස්සන නිළියේ
අවුරුදු කුමරිය වී ජය ලැබුවේ දිවියේ
නැටුමෙන් නුවන් පිනවන රූප පෙට්ටියේ
නොසැලී ඉන්න සුව සෙත ලැබෙනවාඉදිරියේ

වෙදදුරුතුමන් හෙදියන් එක් වීලා
නිරෝගි සුව ගෙන දෙයි උවටැන් කරලා
නිළි රැජනක් වී ඇති පෙර පින් කරලා
ඉක්මන් සුවය පතනෙමු අපි සෙත් පතලා