|
ගෞරව නාම තුනයි
ගෞරව නාම තුනක් ඇති සහාය අධ්යක්ෂවරයකු සිටිනවා නම් ඒ ඩොනල්ඩ් ජයන්තම පමණයි. අධ්යක්ෂණයටත් පිවිසුණත් තවමත් ඩොනල්ඩ්ව බොහෝ දෙනෙකු ක්ෂේත්රයේ දැන ඉන්නේ සහාය අධ්යක්ෂවරයකු හැටියට. සමහරු සහයට ඩොනා කියලත් ඔහුව හඳුන්වනවා. කලා ක්ෂේත්රය පුරා දශක තුනකටත් වඩා වැඩි කාලයක් රැඳී සිටිමින්, සිනමාවේ සියළු දෙනාගේ හිත දිනා ගනිමින් ඒ වෙනුවෙන් කළ අපිරිමිත මෙහෙවර සලකා බලමිනුයි ඩොනාට මෙම ගෞරව නාම ත්රිත්වය ලැබිල තිබෙන්නේ. ඉන් පළමුවැන්න ඔහුට හිමි වුණේ 2010 අවුරුද්දේ. අනෙක් දෙක මේ වසරේ ඩොනාට ලැබුණේ. කලාසූරි දේශමාමක ලංකා පුත්ර හා කලා කීර්ති දේශමාමක ශ්රී ලංකා පුත්ර නමැති ගෞරව නාමයන් මෙයට පෙර ලැබුණා. එහෙම බලපුවාම ඩොනල්ඩ්ගේ නම හරියට සඳහන් කළොත් මෙහෙමයි. කලාසූරි දේශමාමක ලංකා පුත්ර මානව හිතවාදී කලාසූරී ලංකා පුත්ර කලා කිර්ති දේශමාමක ශ්රී ලංකා පුත්ර ඩොනල්ඩ් ජයන්ත. දිග ටිකක් වැඩියි වගේ ඒක නිසා කෙටි කරලා කියමු බලන්න. ක. දේ. ල. පු. ම. හි. ක. ල. පු. ක. දේ. ශ්රී. ල. පු. ඩොනල්ඩ් ජයන්ත. ඉංග්රීසියෙන් නම කේ. ඩී. එල්. පී. එම්. එම්. කේ. එල්. පී. කේ. ඩී. එස්. එල්. පී. ඩොනල්ඩ් ජයන්ත. මරු නේද. හැබැයි රජෝ තවත් ගෞරව නාමයක් නම් ලැබුණොත් ඩොනල්ඩ්ට නියමෙටම නියමයි. චිත්රපට නාමාවලිය හදන කොට තමයි අමාරු. |