|
|
උ යන්න බැහැ ලි යන්න පුළුවන්
එඩ්වඩ් විහිළු කතා වාගේම එක්තරා පත්තරයකට මැලේවරුන්ගේ සංස්කෘතිය ගැන ලියනවා. එමෙන්ම ඔහු ශ්‍රී ලාංකේය මැලේවරුන් පිළිබඳ පොතකුත් ලිව්වා. උපතින් මැලේ කෙනෙක් නොවුණත් ගිය ආත්මේ මැලේ ජාතිකයෙක් වෙන්න ඇති කියලා හමුවෙන වෙලාවන්හිී අප එඩ්වඩ්ට විහිළු කරනවා. මැලේවරුන් ගැන ඔහු සතු දැනුම ඉතාම ඉහළයි. එම ලිපි මාලාවේ ඔහු මැලේවරුන්ගේ ආහාර සහ ඒවා සාදන ආකාරයත් ලියනවලු. මේ ඊයේ පෙරේදා දිනයක එඩ්වඩ්ට මැලේ කෑම වට්ටෝරු නිසා මරු වැඩක් වෙලා. එක්තරා හිතවත් පුද්ගලයකු එඩ්වඩ්ට මැලේ කෑම ජාතියක් හදලා දෙන්න කියලා පොරේලු. මේ කෑම හදන විදිහ ගැන පෙර දවසක එඩ්වඩ් පත්තරේට ලියලා. පත්තරේට ලිව්වට ඔය කෑම ඔක්කොම හදන්න දන්නේ ගෙදර මායියා කියලා අර හිතවතා දන්නේ නැතුව ඇති. චණ්ඩියා වගේ කෑම ගැන ලිව්වට එඩ්වඩ් ඕව හදන්න දන්නේ නැහැ. අන්තිමේ එඩ්වඩ් අර හිතවතාට කිව්වලු කෑම ගැන ලිව්වට මං ඕවා හදන්න දන්නේ නැහැ කියලා. එහෙනම් මොන බම්බුවට ද මහත්තයා ඕවා ගැන පත්තරේට ලියන්නේ. එහෙම කියලා තවත් මොනවදෝ කියමින් බැන බැන අර හිතවතා යන්න ගියාලු. |




එඩ්වඩ් චන්ද්‍රසිරි කියන කෙනා ගැන ඔබ නොඅනුමානව අසා ඇති. පත්තර කිහිපයකටම විහිළු
කතා ලියන කෙනෙක් තමයි මේ එඩ්වඩ් චන්ද්‍රසිරි. ජීවිතයේ එක් වතාවකට හෝ තරමක්
අමාරුවෙන් හරි ඔබ ඔහුගේ විහිළු කතාවකට ඉඳ හිටලා හිනා ගිහින් නම් ඇති. කලක් නාට්‍ය
සංවිධායකවරයකු ලෙස විශිෂ්ට නාට්‍ය කිහිපයක්ම ඔහු සංවිධානය කළා. දැන් ඉතින් එවැනි
නාට්‍ය හැදෙන්නෙත් අඩුවෙන් නිසා එඩ්වඩ් දෙයියනේ කියලා පත්තරයකට දෙකකට ලියලා කලා
ලොවේ රැඳී සිටිනවා.