|
මම ඇයට ගොඩක් ආදරෙයි
සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන බෙනට් රත්නායකගේ “රෝමියෝ දාන්තේ” ටෙලිනාට්‍යයෙහි නිශාදි නම් ප්‍රධාන චරිතයට පණ පොවමින් ඔබ අතරට පැමිණෙන ඇය ඕෂිනී ලියනගේ යි.
* ‘රෝමියෝ දාන්තේ’ නිශාදි ඇත්තටම මම ඇයට ගොඩක් ආදරෙයි.
* විශේෂත්වය ඒක මගේ පළමු ටෙලි නාට්‍යය යි.
* ඒ වගේම මම එහි රඟපාන්නේ ප්‍රධාන චරිතයක්. අභියෝග බාර ගන්න තරුණියකගේ චරිතයක්.
* පළමු ටෙලි නිර්මාණයටම ප්‍රධාන චරිතයක් ලැබීම සතුටක්.
* ඒ විතරක්ද? ඇත්තටම මේ චරිතය අවුරුදු දහතුනේ පටන් අවුරුදු විසිහය දක්වා දිවෙන චරිතයක්. ඒ කාරණයත් විශේෂයි.
* ඒ වගේම ළාබාල තරුණියක් විදියට ගැබිණියකගේ චරිතයත් මට රඟපාන්න වුණා. ඒකත් අලුත් අත්දැකීමක්.
* ඒ අත්දැකීම? ඇත්තටම සුවිශේෂියි. ඒ ගැන අත් දැකීමක් නැති අවස්ථාවක ලැබුණා වුණත් ඒ පිළිබඳ මා අධ්‍යයනයක නිරත වුණා.
* අධ්‍යයනය කියන්නේ? රංගනයෙහි නියැළෙන ශිල්පිනියකට මෙන්ම ශිල්පියකුටත් තිබිය යුතුම දෙයක් කියල මම හිනත්නේ.
* මේ අත්දැකීම්? රංගනයට ආදරය කරන මට ලැබුණු අපූරු අවස්ථාවක් ලෙස මා දකිනවා.
* නිශාදිගේ චරිතය? ගොඩක් දුරට මගේ ජිවිතයට සමීපයි.
* ඒ කියන්නේ? අපේ පවුලේ ඉන්න එකම දරුවාත් මමයි.
* ඔය කියන්නේ? ඒත් රංගනයට පැමිණීම ගැන මවුපියන්ගෙන් කිසිම බලපෑමක් මට එල්ල වූණේ නැහැ.
* නිශාදිට? ගෙදර හැමෝම ආදරෙයි.
* එයාව ලැබෙන්නේ? ඒක නම් බොහොම අපූරු සිදුවීමක්.
* ඒ මොකක්ද? මම රංගනයට පිවිසෙන්නට පෙර නිවේදිකාවක්.
* නිවේදිකාවක්? වසර තුනක් පමණ ස්වර්ණවාහිනියේ ගීත ඉල්ලීම් පිළිබඳ කරන ලද වැඩසටහනක නිවේදිකාවක ලෙස කටයුතු කළා.
* ඊට පස්සේ ? මේ අතරෙදියි මට බෙනට් රත්නායක මහත්තයා ‘රෝමියෝ දාන්තේ’ ටෙලි නාට්‍යයට කතා කරන්නේ.
* ඉතිං? මම මුලින්ම ටෙලි නාට්‍යයේ රඟපෑම ප්‍රතික්ෂේප කළා.
* ඒ ඇයි? නිවේදන කටයුතුත් සමඟ රංගනය කළ නොහැකියි සිතුණ නිසා.
* ඒත්? මම දන්නවා. කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් ඒක.
* ඊළඟට? බෙනට් රත්නායක මහත්තයාට අපේ තාත්තා මුණ ගැසෙනවා. ඒ ඔහු ‘ඉර හඳ යට’ චිත්‍රපටය විදේශ රටවල පෙන්වන්න ගිය අවස්ථාවකදී.
* ඒ අවස්ථාවේ? මට රඟපාන්න ආරාධනා කළ බව හෙළිවෙන්නේ ඔවුන් කරන කතාබහේදී යි.
* එසැණින්ම? මට තාත්තා දුරකථනයෙන් කතා කළා. ඇයි ඔයා ඒ චරිතය බාර ගන්නේ නැත්තේ කියලත් ඇහුවා.
* ඒ කියන්නේ? රඟපාන්න ප්‍රතික්ෂේප කරපු ටෙලි නාට්‍යයේ චරිතය මම බාර ගත්තා.
* අලුත් අත්දැකීමක්? රංගනය කියන්නේ මට අලුත් අත්දැකීමක් නොවෙයි.
* මීටත් ඉස්සර? මම උදයකාන්ත වර්ණසූරියගේ ‘චැලෙන්ජර්ස්’ වගේම ලලිත් පන්නිපිටියගේ ‘සංගිලි’ කියන චිත්‍රපටවලත් රඟපෑවා.
* ඒ කවුරු විදියටද? ‘සංගිලි’ චිත්‍රපටයේ පුංචි සංගිලිගේ චරිතය නිරූපණය කළා. ‘චැලෙන්ජර්ස්’වල නම් නිරූපණය කළේ තුෂිකාගේ චරිතය යි.
* එතකොට ටෙලි නාට්‍යයේදි? මට රඟපාන්න ලැබුණේ ප්‍රවීන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් සමඟයි.
* ඔවුන් කොහොමද? කාංචනා මෙන්ඩිස්, ජනක කුඹුකගේ, පාලිත සිල්වා, කංචන කොඩිතුවක්කු කියන මේ ප්‍රවීණයන් සියලු දෙනාම මට බොහොම ආදරෙයි.
* ඒ වගේම? මමත් ඔවුන්ට බොහොම කැමැතියි.
* ඒ තරමටම? මම ඔවුන්ට සමීප වුණා. රංඟනය පිළිබඳ බොහෝ දේවල් මා ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.
* ඊට ඉස්සෙල්ලා? ඔවුන් ගැන තරමක් බයකුත් මගේ හිතේ ඇති වූණා. ඒත් ඒක පස්සෙ නැතිව ගියා.
* රෝමියෝ දාන්තේ? මගේ රංගන ජීවිතයේ බොහෝ අඩුපාඩුකම් සපිරුවා. ඒකට විශේෂයෙන්ම බෙනට් රත්නායක මහත්තයාට ස්තූති කළ යුතුයි.
* ලැබෙන ප්‍රතිචාර? මා සතුටට පත් කරනවා. නිශාදිට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි.
* ඒත් දැන් ඔබ? මේ රංඟනයෙන් පස්සේ රඟපෑමටත්, නිවේදනයටත් ආරාධනා ලැබුණා. නමුත් මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ මේ ගෙවෙන්නේ දෙවැනි අවුරුද්දයි. ඊළඟට පටන් ගන්නේ අන්තිම වසර.
* ඒ නිසාම? මම ගොඩක් කාර්යබහුලයි. මුලින්ම අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙන්නයි මා සිතාගෙන ඉන්නේ. ඒ වගේම අවසාන අවුරුද්දෙහි අධ්‍යාපන කටයුතුවලට මා ඔස්ට්‍රේලියාවට යන්නත් හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ රඟපෑම ගැන හිතනවා.
* ඔබ හදාරන්නේ? මම ACBT කැම්පස් එකේ ව්‍යාපාර අධ්‍යයන උපාධ්යක් තමයි හදාරන්නේ.
* අනාගතයේදි ඔබ? ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන්න අදහසක් තියෙනවා. මේ වෙනකොටත් ළඟදීම අපේ අම්මා ආරම්භ කරන ජාත්‍යන්තර ළදරු පාසලේ කටයුතුවලට අදහස් ලබාදෙන්නෙත් මමයි. ඒ අතරම රඟපෑමෙන් හොඳ නිර්මාණයකට දායක වෙන්නත් මම අමතක කරන්නේ නෑ.
|