|
සුජාත දියණියගේ ජේජු දූපතට දිරිය දියණිය සමඟ ගමනක්
සතියේ දින පහේ හිරු බැස යන හෝරාව, පි‍්‍රයතම ඇසිදිසි හෝරාවයි. දියණියන්ගේ සුජාත බව නිසාම, අභීත බව නිසාම ඒ හෝරාව පවුලේ පැය වී අවසන්ය. දැන් අපේ නිවෙසට තවත් අලුත් දියණියක පැමිණ සිටින්නීය. ඇය දිරිය දියණිය,හොං යී ය.
අපට ඇය මුණ ගැසෙන්නේ හොඳින් හුරු පුරුදු දූපතකදීයි. ජේජු දූපත, මඩොල් දූව තරමටම ලාංකිකයන්ගේ සිත්වලට, හදවත්වලට සමීපය. ඒ චංගුමී සහ මින් ජුන් හෝ නිසයි. ඔවුන්ගේ මිහිරි මතකයන්ට තවත් මිහිරක් එක් කිරීමට හොං යී සූදානම්ය. ජාතික රූපවාහිනී සංස්ථාවෙන් සතියේ දින පහ පුරා ප. ව. 6.30 සිට පුරා පැයක් විකාශය කෙරෙන ‘දිරිය දියණිය’ කොරියානු නාට්‍ය මාලාවෙන් අපට හොං යී හමුවන්නීය. කිම්මන්දොක් ඇයට කියන තවත් නමකි. උසස් කුලයක තරුණයකු හා බැඳී හාදකමේ පවට හොං යී ගේ පිළිසිඳ ගැනීම ලොවෙන් සඟවන්නට ඇයගේ මවට සිදු වූවාය. ඇයට දියණියගේ මුහුණ බැලීමට වරම් ලැබුණේ ද දින කිහිපයකි. නොබෝ දිනකින් ඇය ඝාතනයට ලක් වූවාය. කිම්දොක් පුහුණු මධ්‍යස්ථානයක හැදුණු ඇය ජේජු දූපතට එන්නේ මව ලාදුරු රෝහලේ සිටින බවට ලැබුණු ආරංචිය නිසයි. එහිදී ඇය එහි රෝහලේ උපස්ථායිකාව ලෙස කරුණාවන්තව සේවය කළාය. දිළිදුකම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ රෝගීන්ට ඇය තවත් නයිටිංගේල් දියණියක වූවාය. හොං යී බාධා සියල්ල මැඩලමින් ජේජු දූපතේ දක්ෂතම සහ සාර්ථකම ව්‍යාපාරික කාන්තාව බවට පත්වන්නීය. අන්තර් ජාතික වෙළෙඳාමට ජේජු දූපතේ දොරටු විවර කරන්නියත් ඇයයි. කෙදිනකවත් මුල අමතක නොකිරීම මේ මිනිස් දියණියගේ තිබූ තවත් සුවිශේෂී ගුණයකි. 1795 දී දූපතේ ඇති වූ දරුණු සාගතයේදී ඇය තමා ඉපයූ මුදලින් 90% ක්ම වැය කළාය. ඇය වැය කළ මුදල අද කොරියානු මුදලින් බිලියන 70 කට අධික ගණනක් බව කියවෙයි. ඇය ජීවිත දහස් ගණනක් බේරමින් ඉටු කළ සේවාව අගය කිරීමට 1796 දී ජොසෝන් අධිරාජ්‍යයේ දෙවැනි රජු ජොන්ජෝ රජු ඇයට රජ මාළිග ඖෂධාගාරයේ වෛද්‍යවරිය යන ගෞරව නාමය පිරිනැමුවේය. දොං ඊ, චංගුමී මෙන්ම හොං යී ද කොරියාවේ ජීවත් වූ තවත් සැබෑ චරිතයකි. 1978 දී මේ දිරිය දියණිය වෙනුවෙන් ජේජු දූපතේ ස්මාරකයක් ඉදි කෙරුණි. වාර්ෂිකව ‘මන්දොක්’ සම්මානයෙන් එහි සමාජ සේවයෙහි නියැළෙන කතුන් දෙදෙනකු පිදුම් ලබන්නේ ද ඇයට කරන ගෞරවයක් ලෙසනි. කි ම් මන් - ඩොක් නම් දයාබර, දක්ෂ, දිරිය දියණිය 1739 – 1812 අතර ජීවත් වූ කාන්තාවකි. මේ කතාවේ සියලු රූගත කිරීම් සිදුකර ඇත්තේ ජේජු දූපතේ හා ඒ ප්‍රදේශයේ ඇති කෞතුකාගාරයේයි. 2010 මාර්තු 6 සිට 2010 ජූනි 13 දක්වා දකුණු කොරියාවේ කේ බී එස් 1 නාලිකාවෙන් සති අන්තයේදී මර්චන්ට් කිම් මන් - ඩොක් (‘ද ග්‍රේට් මර්චන්ට්’) නමින් මෙය විකාශය කෙරුණි. මෙය කං බ්යොං - තෙක්ගේ සහ කිම් යොං යූන්ගේ අධ්‍යක්ෂණයකි.
රංගනයෙන් දායක වූවෝ: * ලී මී - යොන් සම්මානනීය දකුණු කොරියානු නිළියකි. 1971 සැප්තැම්බර් 23 ඇයගේ උපන් දිනයයි. 1995 දී කොරියානු නළු කිම් සොන්ග් වූ සමඟ විවාහ වූ ඇය 2000 වසරේදී ඔහුගෙන් දික්කසාද වූවාය. ‘ජෝයි ඔෆ් ලව්’ (1988), ‘ෆ්රීසිං පොයින්ට්’, ‘ද වේයිස් ඔෆ් ලව්’ (1993), ‘බර්ඩ් බර්ඩ් බ්ලූබර්ඩ්’ (1994), ‘වයි නොට් ඩිවෝස්’ (1996), ‘ක්‍රේසි ඉන් ලව්’ (2007) ‘එම්ප්‍රස් මියොංසොංග්’ (2001) වැනි ටෙලි නාට්‍ය ගණනකම රඟපා ඇති ඇය මර්චන්ට් කිම් මන් ඩොක් රඟපෑ පසු යළි පුංචි තිරයට එක්වී නැත. ඇය ටෙලි හා සිනමා සම්මාන 14 ක් දිනා ඇති නිළියකි. ඕටම් ජර්නි (1991), අයි විල් සර්වයිව් (1993), නො. 3 (1997), මෝටල් කැක්ටස් (1997), විෂ්පරිං කොරිඩෝස් (1998), ද හාමෝනියම් ඉන් මයි මෙමරි (1999), ඉන්ඩියන් සමර් (2000), ද ලාස්ට් විට්නස් (2001), ඇඩික්ටඩ් (2002), ලයිෆූන් (2005), ලව් එක්ස්පෝසර් (2007), අ කම්පැනි මෑන් (2012) ඇය රැ¼ගූ සිනමාපට අතර කැපී පෙනෙයි. * හොං යී ගේ ළමා කාලයට පණ පොවන ෂිම් ඉයුන් ක්යුන්ග් දැන් දහනව හැවිරිදි නව යෞවනියකි. ඇය පුංචි තිරයේත්, රිදී තිරයේත් නිර්මාණ ගණනාවකටම දායක වී ඇති සම්මානනීය නිළියකි. ඇය අවසන් වරට රැ¼ගූ සස්පිෂස් වුමන් සිනමාපටය මේ වසරේදී තිරගත විය. * හං ජේ සුක් - හොං යීගේ පෙම්වතා ජුං හොංසූ ලෙස රඟන මොහු වඩාත් ජනප්‍රිය පුංචි තිරයේයි. 1973 අගෝස්තු 12 උපන් ඔහුට ‘ද ග්‍රේට් මර්චන්ට්’ ටෙලි වෘත්තාන්තය අමතක නොවන අත්දැකීමකි. ඒ එහි තවත් ප්‍රධාන චරිතයක් වූ ඕ මූන් සොන් ලෙස රැ¼ගූ පාර්ක් සෝල් මි මුණ ගැසුණේ නාට්‍ය රූගත කිරීමේදී නිසයි. තිස් පස් හැවිරිදි පාක් සෝල් මි ද වැඩිපුරම රඟපා තිබෙන්නේ පුංචි තිරයේයි. දෙදෙනාම රංගනයට සම්මාන දිනාගෙන තිබේ. ‘ද ග්‍රේට් මර්චන්ට්’ රූගත කිරීමේදී ඇරැඹුණු ප්‍රේමය මල් ඵල දැරුවේ මේ වසරේදීයි. 2013 අප්‍රේල් 21 වැනිදා දෙදෙනා විවාහ වූහ.
දිරිය දියණියට අපෙන් එක් වූවෝ
* කිම් මන් - දොක් - තාරකා ජයතිලක * කිමලේයොල් - කමල් දේශප්‍රිය * ජුං හොං සූ - සාරංග දිසාසේකර * ඕ මූන් සොන් - ඉරේෂා ලක්මාලි * හල් මේ - ග්‍රේස් තෙන්නකෝන් * ම්‍යු - හේයුං - රසාදරී පීරිස් * සංගීතය හා තේමා ගී තනු - නවරත්න ගමගේ * තේමා ගී ගැයුම – ඇන්ජලින් ගුණතිලක සහ පිරිස * හඬ කැවීම්, නිපැයුම් මෙහෙයුම, සංස්කරණය, * තේමා ගී පද - අතුල රන්සිරිලාල්
|