|
බොම්බේ වෙල්වට් අධ්‍යක්ෂගේ ගෙදර අවුලක්
‘බොම්බේ වෙල්වට්’ රූගත කිරීමට අධ්යක්ෂ අනුරාග් කාශ්‍යප් ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ‘ගෙදර අවුල්’ බව ලෝකයාට දැනගන්න ලැබුණේ කල්කි කොච්ලින් ගැන මැවෙන පුවත් නිසයි. පසුගියදා පැවැති ලක්මී විලාසිතා දැක්මේදී ඇය වැරැදි අන්දමින් ඇවිදීම හේතුවෙන් මේ කතාව පැතිර තිබේ. හතළිස් හැවිරිදි අනුරාග් විසිනව හැවිරිදි කල්කි කොච්ලින් සමඟ විවාහ වූයේ 2011 වසරේදීයි. ඔහුට ඇය හමුවූයේ ‘දේව් ඩී’ අධ්‍යක්ෂණය කරද්දීය. කලින් ඔහු විවාහ වී සිටියේ පාසල් වියේ සිටි පෙම්වතිය, ආරතී බජාජ් සමඟයි. නව වසරක් පෙම් කිරීමෙන් පසු දෙදෙනා විවාහ වූහ. එක් දියණියකගේ මාපියෝ ද වුහ. කුලුඳුල් සිනමාපටය ‘පාන්ච්’ තිරගත කිරීමට නොහැකිවීමෙන් ඇති වූ පශ්චත්තාපය නිසා ඔහු දිගින් දිගටම මධුවිතට ඇබ්බැහි විය. මේ ඇබ්බැහි වීම ආරතීගේත්, අනුරාග්ගේත් වෙන්වීමට මුල විය. කල්කි සමඟ විවාහ වූ පසු ද යුග ජීවිතය අවුල් සහගත බවට විවිධ කටකතා පැතිරිණි. එහෙත් කල්කි නම් කියන්නේ දෙදෙනා අතර ගැටලුවක් නැති බවයි. තමන් මානසික අවුලක සිටියත් සතුටින් යුග ජීවිතය ගත කරන බව ඇය පවසන්නීය. ඇය වරද පවරන්නේ විලාසිතා දැක්මේ සැලසුම්කරුවන්ටයි.
පරිනීති ගේ අලුත් නීති පරිනීති චොප්රා
ආගමනයත් සමඟ චොප්රා පරපුර ද බොලිවුඩයේ මහා රුකක් වීමට මුල පුරා ඇත. 2011 දී බොලිවුඩයට පා තැබූ ඇය ඥාති සොයුරිය ප්‍රියංකා චොප්රා තරමටම සිනමාවේ දුර ගමනක් යන බවට පෙරනිමිති පළකර අවසන්ය. ලේඩීස් වර්සස් රිකි බාල්, කුලුඳුල් රංගනයට ඇය හොඳම නවක නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. ‘ඉෂාක්සාදි’ (2013) රංගනයට ජාතික සම්මාන උළෙලේ විශේෂ සම්මානයක් හිමි විය. ඇය මේ වන විට දිනා සිටින සහ නිර්දේශ වී තිබෙන සම්මාන ගණන රඟපෑ සිනමාපට ගණනට වැඩිය. පරිනීති චොප්රා රඟපා ඇති සිනමාපට ගණන හයකි. ඉන් හතරක්ම තවමත් ඇත්තේ පූර්ව නිෂ්පාදන අවස්ථාවේ හෝ රූගත කිරීමේ අවස්ථාවේය. ඇය පවසන ආකාරයට නම් ඊට හේතුව රඟපාන සිනමාපට ගණනේ තීරකයා තමන්ම වීමයි. ‘මං වඩාත්ම කැමැති රන්වීර් සිං, අර්ජුන් කපූර්, සුෂාන්ත් සිං රාජ්පූට් වැන්නන් සමඟ රඟපෑමටයි. මහා තරු එක්ක රඟපාන්න ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කළා. සුපිරි තරුවක් සමඟ රඟපෑවා කියලා මිනිත්තු 10 ක චරිතයක් රඟපාන්න මං සූදානම් නැහැ. ඒ වාගේම ගීත හා නැටුම් ජවනිකා ඇතුළත් සාමාන්‍ය චිත්‍රපටවල රඟපෑමත් ප්‍රතික්ෂේප කරනවා. මට ඕන සිනමාපටයේ රැජනවීමට විතරක් නොවෙයි. යමක් කළ නොහැකි චරිතයකින් වීරවරිය වෙලා වැඩක් නැහැ.’ පරිනීති අට මාසයකින් කිසිදු සිනමාපටයකට අස්සන් තබා නැත. ලැබුණු පිටපත් පවා නැවත නැවත කියවන්නීය. ඇය රැඟූ ‘ශුද් දේසි’ මේ සිකුරාදා තිරගත වීමට නියමිතයි. බර වැඩියි කියා සිතෙන නිසා කිසි කලෙක බිකිනි අඳින්නේ නැතැයි පැවසුව ද හොඳ චරිතයක් රඟපාන්නට ලැබෙනවා නම් ඇය ඊටත් සූදානම්ය. එහෙත් ඊට පෙර බර අඩු කළ යුතු බව පවසන්නීය. ‘ඉෂක්සාදේ’ සිනමාපටයේ අර්ජුන් කපූර් සමඟ සරාගී දසුන් මැවූ පසු ඒ ගැන බොහෝ දෙනා ඇයගෙන් විමසූහ. චරිතයට එය අත්‍යවශ්‍ය නම් තමන්ට එය ගැටලුවක් නොවන බව පරිනීතිගේ අදහසයි. අමිතාබ් - රේඛා ප්‍රේමයට යළිත් මුල පුරයි
තහනම් ප්‍රේමයක් වුවත් අමිතාබ් - රේඛා ප්‍රේමය අමරණීය ප්‍රේම කතන්දර අතරට එක් වී අවසන්ය. වරින් වර අමිතාබ්ගෙත්, රේඛාගෙත්, ජයා බහදුරීගේත් සිත් මේ ප්‍රේමය නිසා පෑරෙන බව ද රහසක් නොවෙයි. සියලු සිත් වේදනා හාස්‍යයෙන් මුසපත්කර යටපත් කිරීමට අධ්යක්ෂ අනීස් බස්මීස් සූදානමින් සිටියි. ඒ ‘වෙල්කම් බැක්’ විනෝදාත්මක සිනමාපටයට අමිතාබ් බච්චන් සහ රේඛා රංගනයට දායකකර ගනිමිනි. අමිතාබ් සහ රේඛා තිරයේ එක්ව රඟන්නේ වසර තිස් දෙකකට පසුවය. දෝ අන්ජානී (1976), මුඛාදර් කා සිකන්දර් (1978), මිස්ටර් නට්වර්ලාල් (1979), සුහාග් (1979), සිල්සිලා (1981) දෙදෙනා තිරයේ සුපෙම්වතුන් කළ සිනමාපටයි. නානා පතේකාර්, අනිල් කපූර්, ජෝන් ඒබ්‍රහම්, සෘති හසන් ‘වෙල්කම් බැක්’ සරසන අනෙක් නළු නිළියන්ය. ‘සිල්සිලා’ට පසු අමිතාබ්, රේඛා තිරයෙන් දැකීමට පෙරුම් පිරූ රසිකයන්ට මෙය සුබම සුබ ආරංචියකි. දෙදෙනා මෙහි රඟන්නේ පෙම්වතුන් ලෙස නොවූව ද, එක්ව රඟන ජවනිකා ද තිබේ. රේඛා, නානා පතේකාර් සහ අනිල් කපූර් අතර පවතින තුන්කොන් ප්‍රේමයක රසමුසු අත්දැකීම් ‘වෙල්කම් බැක්’ මඟින් රස විඳීමට වැඩිකල් නොගොස්ම ප්‍රේක්ෂකයන්ට වරම් ලැබෙනු ඇත.
කොටි තර්ජන මැද මැඩ්රාස් කැෆේ පෙරට
‘මැඩ්රාස් කැෆේ’ට මෙතරම් ගල් වැදුණේ එය එපමණටම සෙනඟ පිරෙන තැනක් නිසා ද? ආරම්භක සතියේම ඉහළ ආදායමක් ලබමින් තමිල්නාඩු අන්තවාදීන්ගේ ප්‍රදර්ශන තහනමට නිවැරැදි පිළිතුරක් ප්‍රේක්ෂකයන් ලබා දී තිබේ. පළමු සතියේ ඉපයූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 33.81 කි. සිනමාපටය නිපදවීමට වැය වී ඇත්තේ රුපියල් කෝටි 10 ක මුදලකි. ප්‍රතිඵල දැක වඩාත් සතුටින් සිටින්නේ ජෝන් ඒබ්‍රහම්ය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අලළා නිර්මාණය කෙරුණු මෙහි ජෝන් රඟන්නේ බුද්ධි අංශ නිලධාරියකුගේ චරිතයකි. නාර්ගිස් ෆක්රි ප්‍රධාන තාරකාවයි. විකි ඩෝනර් අධ්යක්ෂ ෂුජිත් සිර්කාර්ගේ නවතම අධ්යක්ෂණයට මෙගා තරුව අමිතාබ් බච්චන් ඇතුළු විශිෂ්ටයන්ගෙන් පැසසුම් පිට පැසසුම් ලැබෙමින් පවතී.
|