|
නාකි විසේ ගෙටත් උසේක්ලින්ට්
ඊස්ට්වුඩ්
යළිත් දික්කසාද වෙයි
වයස අසූ තුනක් සපිරෙද්දී ඕනෑම කෙනකු සිතන්නේ පැමිණි දුක් පැණි රසයි කියා සිතා අමිහිරි යුග දිවියක් ගැන වුවත් හිත හදා ගැනීමටයි. එහෙත් හොලිවුඩ් පුරයේ ඇත්තන් නම් එසේ නොසිතන අයයි. අසූ තුන් හැවිරිදි ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ හතළිස් අට හැවිරිදි ඩිනා වෙන්වීමට සිතුවේ එනිසාය. අමෙරිකානු වර්තාකාරිනියක වූ ඩිනා පසුගිය මාස ගණනාව පුරාම ජීවත් වී ඇත්තේ කිසිදු පයිරු පයිසානමක් නැති අයවලුන් ලෙසයි. පසුගිය අප්‍රේල් මාසයේදී සබඳතාව නිසා ඇති වූ විශාදය හා කාංසා තත්ත්වයන් නිසා ඇය පුනරුත්ථාපන ආයතනයකට ද ඇතුළත් වී තිබේ. එහෙත් ඩිනා පනස් හැවිරිදි ස්කොට් ෆිෂර් සමඟ පවත්වන සම්බන්ධය මේ විශාදයට හේතුª වූ බව බොහෝ දෙනාගේ අදහසයි. ස්කොට් ඇයගේ පාසල් මිතුරෙකි. ඊස්ට්වුඩ් ඩිනාගේ අත ගත්තේ 1996 දීය. ඔවුනට සිටින්නේ එක් දියණියකි. ඇය සොළොස් හැවිරිදියි. ක්ලින්ට් මුලින්ම විවාහ වී සිටියේ මැගී ජොන්සන් සමඟයි.
කලින්
සබඳතාවලින් ද ඔහුට දරුවන් සය දෙනකු සිටියි. 1953 දී ඊස්ට්වුඩ් මැගී සමඟ අතගත්තත් ඒ
විවාහයට තමන් ඉක්මන් වූවා වැඩි බව ඔහු නිතර පවසා තිබේ. දික්කසාදයෙන් පසු ක්ලින්ට්
මේ විවාහයට පමා වූවා වැඩියි කියා පැවසීමට බොහෝ දුරට ඉඩ තිබේ. මයිකල් ඩග්ලස් සහ කැතරීන් සීටා ජෝන් මෑතකදී දික්කසාද වූ අනෙක් තාරකා යුවළයි. ක්ලින්ට් ඊස්ට්වුඩ් හොඳම නළුවා ලෙස දෙවරක් ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු, හොඳම අධ්යක්ෂවරයා ලෙස දෙවරක් ඔස්කා සම්මානය දිනා ඇති විශිෂ්ටයෙකි. ඔහුගේ අන්ෆොගිවන් (1992) සහ මිලියන් ඩොලර් බේබි (2004) හොඳම ඔස්කා සම්මානයෙන් අගය කෙරිණි.
පින්තූරෙක ගණන්ගායිකා ජෙසිකා සිම්ප්සන් සහ ගායක එරික් ජොන්සන් දැන් බලන්නේ දෙවැනි දරුවාගේ හුරතල්ය. ඒස් නූට් ඔවුන්ට ජුනි 30 වැනිදා උපන් පුතුය. දියණිය මැක්ස්වෙල් ඉපදුණේ 2012 වසරේදීයි. අමෙරිකානු සතිපතා සඟරාවක කවරය දරුවන් දෙදෙනා සමඟ ජෙසිකා සිටින ඡායාරූපයකින් හැඩ වී තිබුණි. සඟරාවේ පළ කිරීම සඳහා දුන් පුතුගේ ඡායාරූප සඳහා ජෙසිකා සහ එරික් ඩොලර් 100,000 ක මුදලක් අයකර තිබේ.
|