වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කලාවතීගේ ගීත එකතුවක් අද

කලාවතීගේ ගීත එකතුවක් අද

ජනප්‍රිය ගායන ශිල්පිනී කලාවතී විසින් ගැයෙන නවතම ගීත ඇතුළත් ‘කවි ගී’ සංයුක්ත තැටිය දොරට වැඩීම අද පස්වරු 3.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙර්.

කලාවතී විසින් වසර විස්සකට පසුව එළි දැක්වෙන මෙම ගීත එකතුවට දමිළ ගිතයක් ඇතුළුව සිංහල ගීත 14 ක් ඇතුළත් වේ.

මෙහි පද රචනා කැළුම් ශ්‍රීමාල්, නිලාර් එම්. කාසිම්, නිමල් ඩයස්, බන්දුල ජාගොඩ, මලර් අන්බන්, මාතලේ ආනන්ද අබේවික්‍රම සහ ධම්මික තේනුවර ගේ වන අතර සංගීතය නිමල් ඩයස් විසිනි. තියොඩර් ජයසුන්දර, ඈන් කරින් පවුල්ස්වර්ත් සමඟින් කලාවතීගේ දියණිය වන සංගීතා මෙහි ගායනයෙන් එක් වෙති.

දිගු කලකට පසු ක්ලීටස් වේදිකාවට

දිගු කලකට පසු ක්ලීටස් මෙන්ඩිස් වේදිකා රංගනයට පිවිසෙන පීටර් වෙදමුණිගේ ‘නඩය දඬු කඳේ’ වේදිකා නාට්‍යය මෙම මස 22 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවීමට නියමිතය.

ක්ලීටස් සමඟ රත්නශීලා පෙරේරා, සැනෙට් දික්කුඹුර, ආරියසේන ගමගේ, රාජසිංහ ලෝලුවාගොඩ, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, රෝහිත බී. පෙරේරා, රින්ස්ලි වීරරත්න සහ වසන්ත සතුරුසිංහ මෙහි නළු නිළියන් පිරිවරය.

සංගීතය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර ලියනගේවත්තගෙනි. සිරිනාථ වික්‍රමසිංහ අංග රචනා ශිල්පියාය.

තව නොබෝ දිනකින් ක්ලීටන් ඇතුළු නඩය දඬු කඳේ සිටින අපූරුව දැකගත හැකිවනු ඇත.

දකුණු ආසියානු සිනමා උළෙලට කෙටි චිත්‍රපට මේ දිනවල භාර ගැනේ

එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන දකුණු ආසියානු සිනමා උළෙල නියෝජනය කිරීම සඳහා කෙටි චිත්‍රපට මේ දිනවල භාර ගන්නා බව එම උළෙලේ මෙරට සම්බන්ධීකරණ නිලධාරී චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුමිත් රෝහණ තිත්තවැල්ගල සරසවියට දන්වා සිටියි.

මේ පිළිබඳ වැඩි විස්තර 0777767851 යන අංකයට අමතා සුමිත් හරහා හෝ ඵචටට2006@ඨථචඪත.ජධථ යන විද්‍යුත් ලිපිනයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.