වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

නන්දන වින්දන යළිත්?

නන්දන වින්දන වැඩසටහන යළි ජාතික රූපවාහිනියෙන් විකාශය කරන්න.
 

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

පල්ලිය පාර, වෙන්නප්පුව

ජගත් ඔබ, ක්‍රීඩකයකු සේ ඉදිරියට යන්න

සම්මානනීය නළු ජගත් චමිල ඉතා විශිෂ්ට රංගධාරියෙකි. ඔබ එකිනෙකට වෙනස් වූ චරිතයන්ට ජීවය දෙයි. ඒවා අතරින් ‘ඉස්සරහට යන්න’ නවතම ටෙලි නාට්‍යයේ ද ඔබේ රංගන කුසලතා පිළිබිඹු කරයි. ජාතියේ පිනට පහළ වූ ඔබ වැනි දක්ෂයින් මිණිපහනක් බඳුයි. ජයග්‍රාහී ක්‍රීඩකයකු සේ ඉස්සරහට යන්න.
 

ක්ලෝඩ් ද ලිවේරා

නාලිනී ද ලිවේරා

මීගමුව

කටුවපිටිය වතුයාය

පරණ දම්සාරි මරා අලුත් දම්සාරී රිංගවීම

දම්සාරි ටෙලි නාට්‍යයෙහි සමහර චරිත සහ අවස්ථා වැඩකට නැති වුවත් ශෙරිල් ඩෙකර් දම්සාරිට පණ දුන් නිසා එම නාට්‍යය යම් ජීවයක් ලැබුවා. පරණ දම්සාරි මරා අලුත් දම්සාරි කෙනෙක් රිංගවා තිබීමෙන් දැන් එම නාට්‍යය තුළ ඇත්තේ ඇල් මැරුණු ගතියක්.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

‘ඉස්සරහට යන්න’ කිසිදු අපහසුවක් නෑ

ඉස්සරහට යන්න ටෙලි නාට්‍යය කිසිදු අපහසුතාවකින් තොරව නැරැඹිය හැකි ටෙලි නාට්‍යයකි. එම නාට්‍යයේ නළු නිළියන්ගේ රංගනය, රූගත කළ පරිසරය, විශේෂයෙන් ජගත් චමිලගේ රංගනය ඉතාම ඉහළ මට්ටමක පවතියි.
 

සමන් ගාල්ලගේ

කැටපළ

රීමික්ස් කළ නොහැක ඉන්ද්‍රාණිගෙ ‘අම්මා’ . . .

මතකය ඇසුරෙන් ලියවෙයි මේ කවිය
වරදක් දුටු තැනදි එය වෙයි මගෙ අවිය
සිය දිවි දෙවැනි කොට හඬවා රන් ස්වරය
අපෙ දුක් නිවාලුන් හට දුක දෙනු බැරිය

මූසිල පරපුරේ කවුරුන් හඬ ගෑවා
සුපුරුදු වදන් නුපුරුදු විලසින් පෑවා
ගී කෝකිලාවක් නිහඬව ඉකි ලෑවා
ඇගෙ සිත දුකට අපටත් කඳුළැලි ආවා

අම්මා දෙවැනි වර මියැදුණු මහ දුකට
නොතැවෙනු මැනවි ඒ දුක දැනෙනවා අපට
මිණිකැට සැඟව ගොමරිටි මතු වෙයි උඩට
මේවා වෙන්නෙ රසිකයෝ පෙර කළ පවට

මුදලට වැනසෙද්දි පෙර ගී අම බිංදු
තවදුරටත් නොවේ ඒවා හොඳ සිංදු
ගීයෙන් ගීය අප හට පිදු මන නන්දු
නුඹ සුරදූතියකි ස්වර්ගෙට අප කැන්දු

නුඹෙ කටහඬින් කළ විස්කම් නැත නිම්මා
මුළු සිරිලකම ගී හඬ ඉහළට දැම්මා
ලොව ඇති තුරා පවතියි බැතියෙන් පෙම්මා
රීමික්ස් කළ නොහැක ඉන්ද්‍රාණිගෙ අම්මා
 

නදීරා රෝෂිනී නල්ලෙපෙරුම

ගැමුණුගෙන් පසු හොඳම පිනා

පැරැන්නෝ කියනා ජනප්‍රිය වදන් අතර ඔවුන් කලා රසාස්වාදය ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි නාට්‍ය මඟිනි. ඒ අතර සඳගලතැන්න, විනෝද සමය මෙන්ම මුවන් පැලැස්ස ද ප්‍රමුඛය. එදවස රාත්‍රියේ පවුලේ සියලු දෙනා එකට එකතුව රස විඳිනා මුවන් පැලැස්ස තුළින් සමාජගත වූ චරිත රැසකි. ඒ අතර කෝරලේ මහත්තයා, කදිරා, වෙද මාමා, පිනා ආදි වේ. මේ දිනවල විකාශය වන පද්මසිරි කොඩිකාරගේ කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයේ පිනා චරිතය බාල මහලු කොයි කා අතරේත් ජනප්‍රියයි. එම චරිතය නිරූපණය කරන්නේ මහින්ද පතිරගේයි. මෙම චරිතය සිනමාව තුළ රඟපෑ නළුවන් සහ රූපවාහිනියේ රඟපෑ නළුවන් අතර ද එම චරිතයට පණ දුන් ගැමුණු විජේසූරිය මහතාගෙන් පසුව මා දුටු හොඳම පිනා මහින්ද පතිරගේ.
 

අජිත් ලක්මාල්

මීගමුව


S.M.S.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත අයියේ,
ඔයා තමයි මෑත කාලයේම දැකපු සුපර්ස්ටාර්. අදටත් ඔයාගේ ගීත ජනප්‍රියයි. මුදලට විකිණෙන සමහර ගායකයන්ට ඔයා හොඳ ආදර්ශයක්.
 

පැතුම් මධුරංග

ඌරගස්මංහන්දිය

දහ අට වංගුව ගැයූ කුමා අත්තනායකගෙන් අලුත් ගීත ඕනේ.
 

රත්න කහඳව

අලව්ව

කැකුළුවල

භාග්‍යා, ඔයා අපේක්ෂා නාට්‍යයේ පල් වැඩක්නෙ කරන්නේ. භූමි අයිති පහන්දිට. ඒ වුණාට ඔයාලා තුන්දෙනාම ලස්සනයි.
 

ගම්පහ

නදීරා

ජනප්‍රිය සටන් අධ්‍යක්ෂ සහ රංගන ශිල්පියකු වන සුමිත් මුදන්නායකට සිනමාවේ දුෂ්ටයකු වුණත් සැබෑ ජීවිතයේදී ඉතා නිහතමානී මිත්‍රශීලී හදවතක් ඇති කලාකරුවකු බව කිව යුතුයි. ඔහුගෙන් සිංහල සිනමාවට තවත් ප්‍රයෝජන රැසක් ගත හැකි බවයි මාගේ හැඟීම.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

නදී චන්ද්‍රසේකරට,

විවාහයෙන් අනතුරුව ඔබ රංගන ජීවිතයෙන් සමු ගත්තා ද කියා මම නොදනිමි. ඔබ පණ පොවන ලද්දේ ටෙලි නාට්‍ය කිහිපයක වුවත් එම දක්ෂ රංගනයන් කිසි දිනෙක අප සිත් තුළින් මැකී නොයනු ඇත. වසරකට වරක් හෝ එක ටෙලි නාට්‍යයක රඟපානවා නම් කොතරම් හොඳද.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය

කිසිදා නොමැකෙන නමකි බන්දු
සනිහවට මග දුටුමි ඔබගෙන්
රසික සැමගෙ මන බැන්දු
රොදය ගෙන ඇවිත් පළමුව
සිනමාවට නමක් රැන්දූ
රංගනය තුළ නොවී සිර වී
දුටිමි ගායනය ද ගී සිංදු
එළඹෙන යුග ගණනකට
නොමැකෙන නමකි බන්දූ
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

අංගම්පිටිය

වයික්කාල

සමන් ඒකනායක හෙවත් අප කවුරුත් දන්නා හඳුනන හෙළරුවන් මෑතකාලීනව පුංචි තිරයෙන් නොදුටුවෙමු. ‘අපි ඇල්වතුරත් නිවලා බොන්නෙ’ යන වදන් පේළිය සමගින් ඔහු රැඟූ හෙළරුවන් හරිම අපූරුය.

සමන්ගේ මා දකින විශේෂත්වයකි. ඒ මුහුණේ හැඟීමකින් පවා කෙනෙකුව හිනැස්සවීමේ හැකියාවය. එය බොහොම කලාතුරකින් රංගන ශිල්පියකුට පිහිටන්නෙකි. 99/9 ටෙලි සිතුවමෙන් අනතුරුව ඔහු නැවතත් පුංචි තිරයෙන් අතුරුදහන් විය. සමන් නිහඬව නොසිට කුමන හෝ නිර්මාණයකින් අප හමුවන්න.
 

විමලා සුරංගි

කෑරගල

දම්සාරි නාට්‍යයේ නෙහාරා පීරිස් දම්සාරි ලෙස යොදා ගැනීම අසාර්ථකයි. එය අපගේ රස වින්දනයට බාධාවකි.
 

සංජීවනී

මහනුවර

සනත් ගුණතිලක සහ සනත් විමලසිරි සමඟ දිල්හානි එකතුවෙන් ඉර ළඟ වැඩියි සිනමාපටය විශිෂ්ටත්වයට පත්ව ඇත.
 

සංඛ

පානදුර

අපේක්ෂා ටෙලි නාට්‍යයේ ඉන්න ඕෂධී අක්කේ, ඔයාගේ රඟපෑම් කටයුතු ඉතාමත් හොඳයි. එපමණක් ද නොව ඔබගේ සුන්දර බවත් කැපී පෙනෙන නිසා නාට්‍යය තවත් අනර්ඝයි.
 

මල්ශානි දිල්හාරා

නිවිතිගල

විශ්ව ලංකා අයියේ,

ඔයාගේ රුව වඩාත් ගැළපෙන්නේ පුංචි තිරයට නොව රිදී තිරයටයි.
 

පී. එන්. ඒ. නිලූකා

කුඩගම

අවිස්සාවේල්ල

සෑම ඉරිදා දිනකම උදෑසන නවයේ සිට දහය දක්වා සෙත් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන කිතුනු ගී සංගීතමය වැඩසටහන ගොඩක් හොඳයි.
 

ජෙසිකා

මීගමුව

පෙම්බර මධු, හන්තානෙ කතාව, ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපට ඩී. වී. ඩී. ලෙස නිකුත් වෙනවා නම් ගොඩක් වටිනවා.
 

කල්හාර

හොරණ

සොමී රත්නායකගේ රංගනයේ ප්‍රබලත්වය දැනෙන්නේ එදාට වැඩියෙන් අදයි.
 

වික්‍රම

මිද්දෙණිය

ජනප්‍රිය නිළි චතුරිකා පීරිස් සහ ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක අතර ඇති සම්බන්ධය ඇත්තක් වෙනවා නම් මම කැමැතියි.
 

මහේෂි මධුවන්ති

රත්නපුර

කලා ලොවේ යම් ආන්දෝලනාත්මක සිදුවීම් ගැන ලියන්න ප්‍රතිචාර පිටුවට. එමෙන්ම ඔබට දැනෙන කලා නිර්මාණයක් ගැන සිතෙන දේ ක්ෂණිකව කියන්න. මේ ඔබේ ප්‍රතිචාර පිටුවයි.
0752805047මේ අංකයට කෙටි පණිවුඩ අයුරිනුත්
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
මේ ලිපිනයට තැපැල් හෝ සටහන්පත් මඟිනුත් ප්‍රතිචාර එවිය හැකිය.