|
|
නිළි රැජනගේ ආදර්ශය
වම් පස වීදුරුව විවෘත කර මේ පිරිස සමඟ කතා කළේ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා. ඇය සිය රථයේ ගමන් කරද්දී කැමරා උපකරණ දැක ඒ පිළිබඳ විමසිලිමත් වුණා පමණක් නෙවෙයි, ඒ පිරිස කවුදැයි බලන්නටත් ගමන නතර කළා. පුංචි කතාබහකින් පසු ඇය පිටත්ව ගියා. මේ නව පරපුරේ පිරිසට සුබ පැතීමට අපේ නිළි රැජන නිහතමානි වීම කොතරම් නම් ආදර්ශයක් ද. අද හමුවන හෙට අමතක වන සමාජයක ජීවත්වන අපට නිළි රැජන දුන් ආදර්ශය අතිමහත්.
හූවක තරම
මේ චිත්‍රපටයේ නම සෝංග් ඔෆ් සෙන්ට් බර්නඩෙත්. ඔන්න ශාලාවම පිරිලා ඉතිරිලා. ආච්චි අම්මා ළඟ වාඩි වී සිටි ටෝනි චිත්‍රපට නරඹන්න පටන් ගත්තා. ආච්චි අම්මා කුඩා ටෝනි එක්ක මේ චිත්‍රපටය නරඹන්නට ගියේත් චිත්‍රපටය ආගමික කතාවක් නිසා. ඔන්න එකපාරටම චිත්‍රපටයේදී මරියතුමියගේ දර්ශනයක් තිබුණා. එක පාරටම ආච්චි අම්මා ටෝනිගේ අතින් අල්ලාගෙන ශාලාව මැද්දේ දණ ගහගෙන කිව්වලු ‘පුතේ ඉක්මනට යාඥා කරපං, යාඥා කරපං’ කියලා. ඉතිං මේක අහපු පුංචි ටෝනිත් හනිකට දණ ගහගෙන ආච්චි අම්මත් එක්ක යාඥා කරන්න පටන් ගත්තලු. එක් වරම චිත්‍රපට ශාලාව දෙවනත් වෙමින් හූ හඬක් ආවලු. හැබැයි ආච්චි අම්මත්, ටෝනිත් ඒ ගැන තැකීමක් නොකර යාඥා කළා. හැබැයි පස්සෙන් පහුකාලෙක කල්පනා කරද්දී තමයි එදා හූ කිව්වේ කාටද කියලා ටෝනි රණසිංහයන්ට වැටහුණේ.
මවු–පිය පදවි ලද ඔවුන්
ඒ වගේම බබායි අම්මයි හොඳින් සිටින බවත් තව මාස දෙක තුනකින් විතර ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය සඳහන් කළේ හරිම සතුටින්. පබෝදාගේ පුංචි පුතාගේ නම සචේන් පින්සර. ජයග්‍රාහී මාවතේ නායකයා යන්න තමා එහි අරුත. මේ වෙලාවේ තමන්ට දුව ළඟින්ම ඉන්න නොහැකි වුණත් මධු, ස්වර්ණා, රේණුකා යන හිතවතියන් දුවත් බබාත් ආදරයෙන් බලාගන්නවා කියලා ගීතා සරසවියට කිව්වා.
සිරස තරු මාවතේ දිදුලන තරුවක් වූ ශිහාන් මිහිරංගත් පසුගියදා පිය පදවියෙන් පිදුම් ලැබුවා. ශිහාන් පිය පදවියට පත්කරමින් කැදැල්ලට එක් වුණ අලුත් අමුත්තා පුතෙක්. ශිහාන් තමන්ගේ ආදරණීය පුංචි පුතාට නම තියලා තියෙන්නෙත් ශිහාන් මාෂ් බෙනට් සමරනායක කියලා.
|



රවීන්ද්‍ර විජේරත්න කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා තමන්ගේ අලුත්ම
නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කලා. තලවතුගොඩ නුගේගොඩ පාරේ වැව අසල පසුගිය සතියේ දවසක
මේ අලුත්ම නිර්මාණයේ රූගත කිරීම් සිදු වුණා. දර්ශන තලයේ හිටියේ ප්‍රවීණ රංගන ශිල්පී
පාලිත පෙරේරා සහ යොවුන් රංගන ශිල්පී දසුන් පතිරණ. දර්ශනය රූගත කරලා ලද විවේකයේදී මේ
අය බංකුවකට වෙලා කතා කරමින් සිටින අතරෙදි නුගේගොඩ දෙසින් පැමිණි දුඹුරු පැහැති
මෝටර් රථයක් දර්ශන තලය අසල නැවතුණා.
අපේ කෘතහස්ත නළු ටෝනි රණසිංහ කුඩා කාලයේ චිත්‍රපටයක් නරඹන්න මරදානේ නිව් ඔලිම්පියා
සිනමාහලට ගිහින්. ටෝනිව රැගෙන ගියේ ඔහුගේ මිත්තණිය.
මේ කතාව ලොව උතුම් පදවිවලින් පිදුම් ලද යොවුන් කලා තරු දෙකක් ගැනයි. යොවුන් පරපුරේ
දක්ෂ රංගන ශිල්පිනියක වන පබෝදා සන්දීපනි පසුගියදා ලොව උතුම්ම පදවිය වන මවු පදවිය
ලැබුවා. ඇය දැන් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. දරු ප්‍රසූතිය වෙනුවෙන් පබෝදා
ප්‍රංශයේ වෙසෙන සිය පියා ළඟට ගොස් තිබුණා. කලින් යොදා ගත් රංගන කටයුතුවල
කාර්යබහුලත්වය නිසා තමාට එහි යාමට නොහැකි වූ බව ඇගේ මව ගීතා කාන්ති ජයකොඩි සරසවියට
කිව්වා.

තාම ඒ ගැන තේරුමක් නෑ