|
භරත නැටුමෙන් මුල් තැනට ආ අමිල රුමේෂ්
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්රදානෝත්සවය පසුගියදා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.
මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි. යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙනු ලබන්නේ මහනුවර කලා සමර්පනා යෞවන සමාජයේ, මහනුවර දිස්ත්‍රික්කයේ, මධ්‍යම පළාතෙන්, කීර්තනම් නර්තන අංගය ඉදිරිපත් කරමින් භරත නැටුම් ඒකල පිරිමි අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ගුරුදෙණියෙ පදිංචි යු.ඒ.අමිල රුමේෂ් පිළිබඳවයි. මහ/ගුරුදෙණිය මහා විද්‍යාලය,මහනුවර ධර්මරාජ විද්‍යාලයන් ගෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයෙ ඉන්දියානු හා ආසියානු නර්තන අධ්‍යයන අංශයෙ ලලිත කලා විශේෂවේදී උපාධිය අවසන් වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියී. හයවසරේ දී දීපිකා නිල්මිණි නිලවල ගුරුවරිය යටතේ උඩරට නර්තනයට අත්පොත් තබමින්, ශිරාණි සෙනෙවිරත්න, පී.බී.ගමගෙදර, පී.ම්.කරුණාතිලක ගුරුවරුන් යටතේ උඩරට නර්තනය හැදෑරු අතර, පී.එන්.විකාස්, ගංගා විකාස්, ප්‍රශාදිනී නවරත්න රාජා ගුරුවරුන් යටතේ භරත නාට්‍යම් හදාරා ඇත. මීට අමතරව පහතරට,සබරගමු යන දේශීය නර්තන සම්ප්‍රදායන්, කථක් යන ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් ප්‍රගුණ කර ඇත. 2010 වසරේදී කලා සමර්පනා නෘත්යක්ෂේත්ර කලා ආයතනයේදී භරත නාට්‍යම් අරංගේත්රම් හෙවත් කළ එළි මංගල්‍යය පැවැත් වු අමිල නර්තනයෙන් ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන තිබේ.
2007 දී ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කළ කල්යාන සිලිකා නර්තන
තරගාවලියේදී භරත නාට්‍යම් සමූහ ප්‍රථම ස්ථානය,
|