සරසවිය අද ඇත්තන් ගැන හිටපු කර්තෘගේ සහෘද සටහන
සරසවිය අද ඇත්තන් ගැන හිටපු කර්තෘගේ සහෘද සටහන

පුවත්පතකත් චිත්‍රපටයකත් අපූරු සමානකමක් මම දකිමි. චිත්‍රපටය එක් පැත්තකින් එහි
අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ආත්ම ප්‍රකාශන මාධ්‍යයක් වන්නාසේම තවත් පැත්තකින් එය
සාමුහික ප්‍රතිඵලයක් ද වන්නේය. පුවත්පත ද එසේමය. පුවත්පත අයිතිකරු කවුරු වෙතත් එය
කතුවරයාගේ මතවාදී ප්‍රකාශනයක් වීම වැලැක්විය නොහැකිය.
පුවත්පතක අවසාන වගකීම කතුවරයා
සතු යයි බොහෝ විට සඳහන් වන්නේ එබැවිනි. (හොඳ පුවත්පතකට අවශ්‍ය වන්නේ ප්‍රාණවත්
කර්තෘවරයකු හා අප්‍රාණික අයිතිකරුවකු යැයි කියනු මම අසා ඇත්තෙමි). ඒ කොන්දේසි එලෙස
වුවත් කතුවරයකුට තනිවම පුවත්පතක් පවත්වාගෙන යා නොහැකිය. ඒ සඳහා කර්තෘ මණ්ඩලයක්
අවශ්‍යය. ප්‍රවෘත්ති හා විශේෂාංග ලේඛකයන්, ඡායාරූප ශිල්පීන්, රූ රටා සැලසුම්
ශිල්පීන් යනාදීන්ගෙන් එය සමන්විත වෙයි.
මේ කරුණු ‘සරසවිය’ පුවත්පතෙන්ම නිදසුන්කර දක්වනු කැමැත්තෙමි. ආරම්භක යුගයේ සරසවියේ
කතුවරුන් වූයේ කවීන්ය. (මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු) එහෙයින්
පත්‍රයේ වැඩි ඉඩකඩක් ‘කවිය’ට දෙනු ලැබිණ. එය ඒ ඒ කතුවරුන්ට ඕනෑ පරිදිය. එහි අවසාන
තීරකයා කර්තෘ වූයේය.
‘සරසවිය’ අවුරුදු 50 සපිරෙන මෙම ඓතිහාසික අවස්ථාවේ එහි මුල් පුටුව හෙබවීමේ විරල
වාසනාව හිමිව ඇත්තේ අරුණ ගුණරත්නටය. අරුණ සිංහල සිනමාවට වඩා විදෙස් චිත්‍රපටවලට
ලොල් වූවෙකි. එහෙයින් ඔහු සංස්කරණය කරන පුවත්පතේ විදෙස් සිනමාවට වැඩි ඉඩකඩක් වෙන්ව
තිබීම ස්වභාවික සංසිද්ධියකි.
‘සරසවිය’ ප්‍රධාන කර්තෘ ගැනත් ඔහු යටතේ ඇති කර්තෘ මණ්ඩලය ගැනත් වර්ණවත් යමක් ලිවීම
මට පැවරී ඇත. මීට ඉහත මෙවැන්නක් ලීවේ ඒ. ඩී. රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට
බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින්ය. ජ්‍යෙෂ්ඨ ‘සරසවිය’ කතුවරුන්ය. මෙවර එය මට
පැවරීමෙන් මට දක්වා ඇති ගෞරවයට මා මුලින්ම කෘතඥතා පූර්වක විය යුතුය.
මා ඉහත සඳහන් පූර්විකාව ලීවේ මෙවැන්නකට කිසියම් ප්‍රවේශයක් සඳහාය. ඕනෑම පුවත්පතක
එහි කතුවරයාගේ පෞද්ගලිකත්වයත්, සාමුහික ශ්‍රමයත් යන දෙකම එක සේ වැදගත් වන හෙයිනි.
මුලින්ම අරුණ ගැන කතා කරද්දී මගේ මතකය 1986 දක්වා අතීතයකට දිවයයි. දිනක් මට
අහම්බෙන් මෙන් ‘සර්වෝදය’ පුවත්පතේ ‘කොටි වලිගය’ චිත්‍රපටය පිළිබඳ ලියැවුණු විචාරයක්
දක්නට ලැබිණි. එය කියැවීමෙන් පසු මට සාක්ෂාත් වූයේ එම විචාරයෙන් මේ චිත්‍රපටය
ගැඹුරට සලකා බලා ඇති බවය. විචාරය ලියා තිබුණේ අරුණ ගුණරත්න නමැත්තෙකි. ඉනික්බිතිව
මම එම විචාරය අගයමින් ඔහුට ලිපියක් ලීවෙමි. එම ලිපිය මාර්ගයෙන් මට අරුණ හඳුනාගන්ට
ලැබිණි. ඒ වනවිට ඔහු කොළඹ ආනන්ද විදුහලෙන් පාසල් අධ්‍යාපනය නිමකොට චිත්‍රපටයක්
නිර්මාණය කිරීමේ ආසාවෙන් පෙළුනෙකි. එහෙත් සිනමා ලේඛන කලාව ද තම වෘත්තිය ලෙස
පවත්වාගෙන යාමට ඔහුගේ ඇල්මක් තිබිණ. ඒ නිසා මම එවක ‘විචිත්‍ර’ සිනමා පත්‍රය
සංස්කරණය කරමින් සිටි ප්‍රේම් දිසානායකට අරුණ හඳුන්වා දුනිමි. අරුණ සිනමා විශේෂාංග
ලේඛකයකු ලෙස පුවත්පත් ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ එමඟින් යැයි සිතමි. (එදා අප
එකිනෙකා දැන හඳුනා ගන්නා විට අපි දෙන්නාම පසු කලෙක ‘සරසවිය’ පත්‍රයේ කතුවරුන්
වෙතැයි සිහිනෙකුදු නොසිතුවෙමු).
මා දන්නා අරුණ මටත් වඩා අමු පික්චර් පිස්සෙකි. ඔහුට වඩා මා වයසින් වැඩිමහල් වුණත්
සංඛ්‍යාත්මකව ගත්විට ඔහු තරම් මා චිත්‍රපට බලා නොමැත. ඔහු දුටු ඇතැම් චිත්‍රපට මා
කොහොමවත් දැක නැත. ඒ විශේෂයෙන් විදේශීය චිත්‍රපටය. මේ වනවිට චිත්‍රපට කොපමණ
සංඛ්‍යාවක් නරඹා ඇද්දැයි නොබෝ දිනෙක මම අරුණගෙන් විමසීමි.
‘18 දාහක් විතර’
අරුණ ඇඟට පතට නොදැනී කීවේය. මා නම් චිත්‍රපට 8 දාහක්වත් නරඹා ඇත්දැයි සැකසහිතය.
අටදාහක් යැයි කීව ද එසේ නම් ඔහු මට වඩා චිත්‍රපට දහදාහක් නරඹා ඇත.
‘විචිත්‍ර’ පුවත්පත අකාලයේ ඇණහිටීමත් සමඟම අරුණ ‘සරසවිය’ පත්‍රයට සම්බන්ධ වූයේය. ඒ
ඒ. ඩී. රංජිිත් කුමාර ‘සරසවිය’ කතු පදවිය භාරගත් අලුතමය. අරුණ සිනමා විශේෂාංග
ලේඛකයකු ලෙස පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබාගත්තේ ‘සරසවියේ’ සිටියදීය.
අරුණ කාලයක් රජයේ චිත්‍රපට අංශයට අනුයුක්තව සිටියේය. ඒ වකවානුවේදී ඔහු වාර්තා
චිත්‍රපට 8 ක් පමණ අධ්‍යක්ෂණය කර ඇත. ‘සූර්ය විංශතිය’ ඔහු නිර්මාණය කළ ටෙලි
චිත්‍රපටයකි. අරුණ සිනමා පොත් තුනක කර්තෘවරයෙක් ද වෙයි.
අරුණට නියෝජ්‍ය කර්තෘවරුන් තිදෙනෙක් සිටිති. (වාර ප්‍රකාශනයකට එක් නියෝජ්‍ය
කතුවරයකු පමණක් සෑහෙතැයි යන්න මගේ පෞද්ගලික හැඟීමය. කෝකියන් වැඩි වූ තරමට සුප් එක
නරක්වන තරම ද වැඩිවන නිසාය).
‘සරසවිය’ නියෝජ්‍ය කතුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨයා චන්දන දයාසිරිවර්ධනය. ඔහු ‘බුදුසරණ’
පත්‍රයේ හිටපු කර්තෘවර දයා සිරිවර්ධනයන්ගේ පුත්‍ර රත්නයයි. චන්දන කලක් මා යටතේ ද
මෙම තනතුරම දැරුවකු බැවින් ඔහු සම්බන්ධයෙන් ප්‍රයෝගික අත්දැකීම් රැසක් මා සතු වෙයි.
චන්දන වැනි නියෝජ්‍ය කතුවරයකු සිටින විට ප්‍රධාන කතුවරයාට අවශ්‍ය වන්නේ ‘ඩමිය’ සකසා
එය චන්දන අතට භාර දී වෙන වැඩක් බලා ගැනීමටය. අරුණ වැන්නකුට නම් ඒ කාලයෙන් තමා නැරඹූ
චිත්‍රපට සංඛ්‍යාව තවත් වැඩිකර ගත හැකිය. මගේ හැඟීමට අනුව පත්‍රයක කතුවරයකුට වඩාත්
තිබිය යුත්තේ නිර්මාණාත්මක පරිකල්පන ශක්තියයි. ඒ ඊළඟ පුවත්පතේ පළ විය යුත්තේ
කුමක්දැයි යන්න පිළිබඳවය. වැඩබිම මෙහෙයවිය යුත්තේ නියෝජ්‍ය කර්තෘවරයාය. ඒ මා අනුදත්
ක්‍රමවේදයයි.
කර්තෘ මණ්ඩලයක වැදගත්ම කාර්ය භාරයක් වන්නේ ලිපි සංස්කරණය කිරීමය. සාමාන්‍ය
ව්‍යවහාරයේ එය කියවෙන්නේ ලිපි ‘සබ්’ කිරීම කියාය. එය බොහෝ විට පැවරෙන්නේ නියෝජ්‍ය
කතුවරයාටය. ‘සරසවිය’ පත්‍රයේ විමලසිරි පෙරේරා යුගයේ ලිපි සංස්කරණය කළේ ප්‍රවීණ ලේඛක
සෝමවීර සේනානායකයන්ය.
පත්‍රයකට ලිපි ලැබෙන මාර්ග දෙකකි. එකක් කර්තෘ මණ්ඩලයේම සිටින ලේඛකයන්ගෙනි. අනික
බැහැරිනි. මේ සියලු ලිපි සංස්කරණය කිරීමේදී කරුණු කීපයක් වැදගත් වෙයි. 1. විෂයය
දැනුම 2. නිවැරදි ව්‍යාකරණය 3. පුනරුත් දොස් බැහැර කිරීම 4. නීතිමය ප්‍රශ්න මතුකර
නොගැනීම එහිලා ප්‍රධාන වන්නේය.
මෙහිලා විෂයය දැනුම ඉතා වැදගත්ය. නෙළුම් කවි ගැන කියැවෙන ලිපියකට නෙළුම් මලක්
ඇන්දොත් එය විහිළුවකි. මන්දයත් නෙළුම් කවි යනු නෙළුම් මල් ගැන කියැවෙන්නක් නොව
ගොයම් නෙලද්දී කියන කවි විශේෂයක් වන බැවිනි.
අද ලංකාවේ ඕනෑම පුවත්පත් ආයතනයක මුහුණ දෙන ගැටලුවක් වන්නේ ඉහත කී දැනුමෙන් හෙබි
‘සබ් එඩිටර්ස්ලා’ නොසිටීමයි. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රධාන කර්තෘවරයාටම ලිපි
සංස්කරණය කර ගැන්මට සිදු වෙයි. ‘සරසවියේ’ ලිපි අරුණ අතින්ම සංස්කරණය වනු ඇතැයි මම
සිතමි.
ආකර්ෂණීය සිරස්තල (හෙඩින්ස්) යෙදීම ද ලිපි සංස්කරණයට අයත්ය. කිසියම් නළුවෙක් තමාට
ලැබුණු සම්මානයේ මුදල තම ගමේ ප්‍රජා සේවාවකට යොදවන්නේ යැයි සිතමු. එබඳු
ප්‍රවෘත්තියකට හෝ විශේෂාංග ලිපියකට ‘සම්මානේ මුදල් ගම්මානේ වැඩට’ කියා යෙදූ විට එම
සිරස්තලය ආකර්ෂණීය වනු ඇත. සිරස්තලයක් වැදගත් වන්නේ පාඨකයා ඒ කෙරෙහි ආශක්ත කර
ගැනීමටය.
‘සරසවිය’ නියෝජ්‍ය කතුවරුන්ගෙන් චන්දන තරම් මහත් කැපවීමකින් හා උනන්දුවකින් වැඩකරන
නියෝජ්‍ය කතුවරයකු මා දැක නැති තරම්ය. ඔහුට යමක් පැවරුවොත් අනුන්ගේ බෙලි නොකඩා
තමන්ගේ බෙල්ල කඩාගෙන හෝ එය ක්‍රියාවට නැංවීමට හේ හපනෙකි. මෙබඳු හොඳ ‘පත්තර බාස්
උන්නැහේලාත්’ පත්‍රයකට අනිවාර්යෙන්ම අවශ්‍යය. නැතිනම් කතුවරයාටම හොද්ද හැඳි ගගා
සිටීමට සිදු වෙයි.
චතුර ගීතනාත් හා තිස්ස ධම්මික ‘සරසවියේ’ අනික් නියෝජ්‍ය කර්තෘවරුන් දෙදෙනාය. චතුර
මීට ඉහත ‘තරුණී’ පුවත්පතේ සේවය කොට අත්දැකීම් ලබා තිබුණේය. විශේෂාංග රචනයෙහිලා ඔහු
සුවිශේෂී දස්කම් පායි.
තිස්ස ධම්මික කාලයක් මා සමඟ ‘දිනමිණ’ පත්‍රයේ වැඩ කළේය. ඔහු වැඩි කුසලතාවයක් පාන්නේ
ප්‍රවෘත්ති සංස්කරණයේය. තිස්සගෙන් සුවිශේෂ සේවාවක් ගත හැක්කේ ‘සරසවිය’ වැනි
පුවත්පතකට වඩා ‘දිනමිණ’ වැනි පත්‍රයකටය. එ මගේ පෞද්ගලික මතයයි.
‘සරසවියේ’ වඩාත්ම දක්ෂ විශේෂාංග ලේඛකයා අසංක දේවමිත්‍ර පෙරේරාය. අසංක කලාව පිළිබඳ
ජන්ම උරුමය ඇත්තෙකි. පියා මානෙල් පෙරේරාය. ඔහු පුවත්පත් කලාවේදියකු පමණක් නොව ගීත
රචකයෙක් ද වූයේය. සරත් සන්දනායක හා දයා හේමන්තා අබේසේකර ගැයූ ‘මඳ සීත නලරැල්ල
දැඟලිල්ල පා’ නම් වූ ජනප්‍රිය ගීතය ලියා ඇත්තේ ඔහුය. අසංකගේ සීයා තිහාරියේ පීටර්
පෙරේරාය. හේ කොළඹ යුගයේ ප්‍රකට කවියකු බව නොදන්නේ කවුද?
මා මුලින්ම අසංක හඳුනා ගත්තේ ‘රස’ පත්‍ර ආයතනයේදීය. මම ඉතාම කෙටි කලක් එහි සේවය
කළෙමි. අසංක එහි ‘සුමියුරු’ නම් වූ සංගීත පුවත්පතේ සේවය කළේය. අසංක යනු ප්‍රවීණ
පත්‍රකලාවේදී අර්නස්ට් වඩුගේ ගේ මාහැඟි සොයා ගැනීමකි.
අසංක වැඩි ප්‍රතිභාවක් විදහා පාන්නේ සම්මුඛ සාකච්ඡා ලිපි සම්පාදනයේදීය. ඔහු කිසියම්
කලාකරුවකු හමුවන්නේ ඔහු හෝ ඇය පිළිබඳ හොඳ හැටි ‘ගෙදර වැඩ’ කිරීමෙන් පසුවය. ඒ පෙර
සූදානම මා ඔහුගේ අගය කරනා දෙයකි. ඔහු සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේදී ඕනෑම තරාතිරමක
කලාකරුවකුගෙන් අභීතව ප්‍රශ්න අසයි. ඇතැම් විට අදාළ කලාකරුවා කුප්පවා හෝ තමාට අවශ්‍ය
පිළිතුර ලබාගනී.
ඕනෑම පුවත්පතක ‘කලර් පීස්’ කියා (මෙයට සිංහල පාරිභාෂික වදනක් මම නොදනිමි) විශේෂාංග
රචනාවක් ඇත. ඒ සඳහා බොහෝ විට යොදා ගන්නේ කාව්‍යාත්මක වූ බස් වහරකි. විචිත්‍රවත්
ලේඛන ශෛලියකි. සාමාන්‍ය පත්‍ර වාර්තාකරණ බසින් ‘කලර් පීස්’ ලිවිය නොහැකිය. ඒ සඳහා
සුවිශද හැකියාවක් ද තුබුව මනාය. ඒ හැකියාව සෑම පුවත්පත් කලාවේදියකුටම පිහිටන්නේ
නැත. ධර්මසිරි ගමගේ, උදය මානවසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර මා දන්නා දක්ෂ ‘කලර්
පීස්’ රචකයන් තිදෙනෙකි. ඒ අනුව අරුණ ගුණරත්න මෙන්ම අසංක ද දක්ෂ කලර් පීස් රචකයන්
දෙදෙනකු ලෙස මම හඳුන්වා දෙමි.
චන්දු ඉඹුලාන ලියනාරච්චි ‘සරසවියේ’ තවත් විශේෂ ලේඛකයෙකි. කලින් වෙනත් අංශයක සේවය කළ
ඔහු මාධ්‍යවේදියකු ලෙස ‘සරසවිය’ට බඳවා ගනු ලැබුවේ මා විසිනි. වර්තමානයේ පුවත්පතේ
සෑම ලිපියක්ම එළි දකින්නට කලින් චන්දු එහි සියලු ව්‍යාකරණ දෝෂ නිවැරදි කරයි. ඔහුගේ
සන්සුන්කම සරසවියට සම්පතකි.
‘සරසවියේ’ ඡායාරූප ශිල්පීහු දෙදෙනෙක් වෙති. ඒ ටෙනිසන් එදිරිසිංහ හා මාලන්
කරුණාරත්නය. ටෙනිසන් පිටකවර ඡායාරූපකරණයේ මනා කෘතහස්තයෙකි. ලස්සන ගැහැනියක් දෙස
දෙවතාවක් හැරී බැලිය හැකි වන්නා සේ ටෙනිසන් ගන්නා නිළියන්ගේ ඡායාරූප දෙස දෙවතාවක්
නොව කීප වරක් බලා කිසියම් රසයක් විඳීය හැකිය. ටෙනී ඉඳහිට ටෙලි නාට්‍යයක, දෙකක
රඟපායි. ඔහුගේ රඟපෑම් දකිද්දී අපට කීමට සිදුවන්නේ ‘බැරි වැඩ නොකරං අඹරෝ’ කියාය.
එහෙත් ඔහු එහෙම අහන පාටක් ද නැත.
සිනමා ක්ෂේත්‍රයේ බොහෝ සිදුවීම් ආවරණය වන්නේ මාලන්ගේ කැමරාවෙනි. සිනමා ලෝකයේ
කිසිවක් සිදුවේද? කැමරාවත් සමඟ මාලන් එතැනය. එමෙන්ම මාලන්ගේ කැපවීම ඉතා ප්‍රබල
එකකි. එමෙන්ම දෙවැනි වර සිතද්දී ඇඟට පතට නොදැනී කිවයුතු දේ කියන්නට මාලන්ට ඇත්තේ
සූක්ෂමකමකි.
‘සරසවියේ’ රූ රටා සැලසුම් (LAY OUT) චක්සු වන්සිත් අබේවික්‍රමගෙනි. පත්තරයක්
ලස්සන වන්නේ විචිත්‍රවත් රූ රටා සැලසුමකිනි. සාර්ථක රූරටා සැලසුමකට අවශ්‍ය කරන්නේ
පරිගණක තාක්ෂණික නොවේ, නිර්මාණශීලී ප්‍රතිභාවයි. පරිගණකය ඒමට පෙර නොඑසේ නම් නවීන
තාක්ෂණය ඒමට පෙර ඉතාම විශිෂ්ට ගණයේ රූ රටා සැලසුම් අපේ පුවත්පත්වල දක්නට ලැබිණි.
මුල් යුගයේ පිටු සැකසුණේ බාස් උන්නැහැහේලා අතිනි. රොමානිස් බාස් (දිනමිණ) රෝගුස්
බාස් (සිළුමිණ) කර්තේලිස් බාස් (සරසවිය) ඊට නිදසුන්ය. පසුව මෙය වෙනමම කලාවක් ලෙස
වර්ධනය වන්ට පටන් ගත්තේය. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, වටරැක ප්‍රේමදාස, රැලෙක්ස්
රණසිංහ, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ යන අයගේ රූ රටා සැලසුම් එකී නව කලාව
සනිටුහන් කරයි. චක්ෂු ද ඒ පරම්පරාව තවදුරටත් ඉදිරියට ගෙන යන දක්ෂ, තරුණ පිටු
සැලසුම් ශිල්පියකු ලෙස හඳුන්වා දෙනු කැමැත්තෙමි. ආධුනිකයකු වන නදීෂා රාජවර්ධන
මෙහිදී ඔහුට සහාය වන්නීය.
මෑතක සිට ‘සරසවිය’ට අලුත් විශේෂාංග ලේඛක පිරිසක් එක්ව සිටිති. ‘සරසවිය’ සැමවිටම
අලුත් පරපුරකට අතදී ඔවුන් මාධ්‍ය ලෝකයට හඳුන්වා දෙන පුවත්පතකි. සංජීව සම්පත්
බාලසූරිය, ප්‍රසාද් සමරතුංග, තිලානි ශානිකා විතානාච්චි, යතේජා ඥානරත්න ’සරසවියේ’
තරුණ ලේඛක පරපුර නියෝජනය කරන්නෝය. මොවුහු ‘පුවත් මවන්නන්’ ගැන හොඳහැටි ඇස ගසාගෙන
සිටිති.
‘මොනවද ලේටස් නිවුස්’ යැයි අප ඇසූ විට ඔවුන් ළඟ අලුත්ම අලුත් ප්‍රවෘත්ති ඇත.
ප්‍රවෘත්තියක් වන්නේ කුමක්ද? නොවන්නේ කුමක්දැයි ඔවුහු දනිති. උදාහරණයක් ලෙස ‘කැලණි
ගඟ ගලා බසී’ යන්න ප්‍රවෘත්තියක් නොවන බවත් ‘කැලණි ගඟ පිටාර ගලයි’ යන්න
ප්‍රවෘත්තියක් වන බවත් ඔවුහු දනිති.
ගාමිණී පෙරේරා ‘සරසවියේ’ පරිගණක අක්ෂර නිර්මාතෘවරයාය. ඔහු දෙස බැලූ විට එක්
ගායකයෙක් අප සිහියට නැඟෙනු වැළැක්විය නොහැකිය. ඒ විශාරද ගුණදාස කපුගේය. කපුගේ මෙන්
ඔහු ද බෙල්ල දිගට කොණ්ඩය වවා සිටී. ඔහු අඩුපාඩුවක් නොමැතිව අදාළ රාජකාරිය නිසි
පරිදි ඉටු කර දෙයි. ලේක්හවුස් ආයතනයේ දැනට සිටින පැරැණිතම සේවකයකු වන ගාමිණීට
‘සරසවියෙන්’ තොර ජීවිතයක් නොමැති තරම්ය.
සුගත් ප්‍රියන්ත කාගෙත් දුක්ගන්නා රාලය. ‘සරසවිය’ පාඨක ඔබ අතට පත්වන්නේ
බ්‍රහස්පතින්දා වුව එය මා අතට පත්වන්නේ බදාදා උදේ වරුවේය. ප්‍රියන්ත මට එහි පිටපතක්
නොවරදවාම ගෙන එයි. ඒ ‘සරසවිය’ මුද්‍රණය වන්නේ බදාදා නිසාය. කාංචනා අමිලානි, චම්පිකා
දීපානි රණසිංහ, වින්දන ආරියවංශ, ආනන්ද දිසානායක ‘සරසවියට’ බැහැරින් සිට ලියන්නෝ
වෙති. කාංචනා ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ ද, චම්පිකා ‘තරුණී’ කර්තෘ මණ්ඩලයේ ද, ආනන්ද
‘විදුනැණ’ කර්තෘ මණ්ඩලයේ ද සේවය කරති. ඔවුන් ද සිහිපත් කිරීම මේ මොහොතේ මාගේ
යුතුකමක් කොට සලකමි.
සිරි කහවල හැත්තෑව දශකයේදී සරසවියට හින්දි ලිපි ලිියූවෙකි. ඔහු අධ්‍යාපනික
මට්ටමෙන්ම හින්දි බස දනී. සිරි ‘සරසවිය’ ට සම්බන්ධව සිටින්නේ කලාකරුවන්ගේ ලිපින
සම්පාදනය කරදීමෙනි.
පසුගිය අවදියේ සති අන්ත පත්‍රවල ටැබ්ලොයිඩ් කලා අතිරේක ආරම්භවීමත් සමඟම සිනමා පත්තර
අර්බුදයකට ගියේය. එහිදී සිනමා පත්තරවලට එල්ල වූයේ තියුණු අභියෝගයකි. අරුණ නව විධි
ක්‍රම සොයා ගනිමින් එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන ආකාරයක් මට පෙනේ.
‘සරසවිය’ අද වෙබ් අඩවියක් ද පවත්වාගෙන යයි. එය අරුණගේ දුරදක්නා නුවණ විනිවිද
පෙන්වන්නකි. කවුරු කෙසේ කීව ද තව අවුරුදු ගණනාවකින් මුද්‍රිත මාධ්‍යය ලෝකයෙන්
තුරන්ව යන බව අරුණ දනී. දැනටමත් ලෝක ප්‍රකට ‘නිවුස් වීක්’ සඟරාව පළ කිරීම නවතා ඇතත්
එය දැන් එළි දකින්නේ විද්‍යුත් මාධ්‍යයෙනි. අනාගතයේදී ‘සරසවිය’ පවතින්නේ පුවත්පතක්
ලෙස නොව වෙබ් අඩවියක් ලෙස පමණි. අනිත් පත්තරවලට අත්පත් වන්නේ ඒ සන්තෑසියමය. මේ
යථාර්ථයෙන් පලායන්ට මොන පත්තර ‘උස්තාද්’ කෙනකුටවත් බැරිය.
සුනිල් මිහිඳුකුල
‘සරසවිය’ හිටපු කර්තෘ - ‘රසඳුන’ වත්මන් කර්තෘ
සරසවිය ඇත්තන් සිත්තම් කළේ
සුනිල් වෙස්ලි පෙරේරාය
|