|
නිර්වස්ත්‍රාභරණයෙන් සැරසුණු වීනා
2012 දී එෆ් එච් එම් සඟරාවෙන් ඇය ලොව සරාගී කතුන් සිය දෙනා අතර විසිහය වැනියා ලෙස ශ්‍රේණිගත කෙරුණි. ඒ ඇන්ජලිනා ජොලී, මෙගන් ෆොක්ස්, පැරිස් හිල්ටන්, කිම් කාඩෂියන් යන සුපතළ තාරකාවන් සමඟ තරග වදිමිනි. රඟන චරිතවලට වඩා මැවෙන පුවත් නිසා ක්ෂේත්රයේ නමක් දිනා සිටින වීනාගේ අලුත්ම පුවත ‘විවාහය’ හා සම්බන්ධය. ඇය සමාජ වෙබ් අඩවියක අප්‍රේල් 1 වැනි සඳුදා සැඳෑවේ විවාහ වූ බව සඳහන්කර තිබුණි. ‘සතුටුයි කියන්න, පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන් සමඟ එක්ව පෞද්ගලික උත්සවයක් පවත්වා විවාහ වුණා. පසුව මාධ්‍යයට තොරතුරු දෙන්නම්’ ට්විටර් වෙබ් අඩවියට ඇය එසේ සඳහන්කර තිබුණි. පසුව ඇය මුස්ලිම් බැතිමතකු වූ ඉතාලි මෝස්තර නිරූපණ ශිල්පී ජෝන් එස්පොසිටෝ සිය සැමියා බව සඳහන්කර තිබුණි. වීනාගේ ඉතිහාස පුවත් අනුව මෙය මෝඩයාගේ දවසේදී අවධානය දිනා ගැනීමට කළ දෙයක්දැයි කියා සැකයක් මේ වන විට කාහටත් මතු වී තිබේ. වීනාගේ කළමනාකරු පවා මේ පුවත ගැන දැන සිටියේ නැත. පසුව මාධ්‍ය මේ ගැන ඇයගෙන් කෙළින්ම කරුණු විමසා ඇති අතර, වීනා පවසා ඇත්තේ තමන් සැබෑවටම විවාහ වී යුරෝපයේ මධුසමය ගත කිරීමට යන බවයි. වීනා මේ වන විට බොලිවුඩයේ ‘අයිටම්’ ගීතමය ජවනිකා සඳහා නැතිවම බැරි තාරකාවකි. විද්‍යා බාලන් රැඟූ ‘ඩර්ටි පික්චර්’ හි සිල්ක් ස්මිතා චරිතය ‘සිල්ක් සකාත් මාගා’ කන්නඩ සිනමාපටයේ රැඟුවේ වීනා ය. දැන් ඇය කාර්යබහුල නිළියකි. මීට පෙර වීනාගේ නම සම්බන්ධ කර තිබුණේ අධ්යක්ෂ හේමන්ත් මධුකර්, පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසීෆ්, අෂ්මිත් පටෙල් වැන්නන් සමඟය. මේ දිනවල වීනා ‘ද සිටි දැට් නෙවර් ස්ලීප්’ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙමින් සිටින්නීය.
හින්දි සිනමාවේ ‘පච්ච සිරාලා’
‘යේ ලඩ්කා හෛ දීවානා, හෛ දීවානා’ ඔහුගේ රංගනය ඇතුළත් ඊළඟ සිනමාපටයයි. මේ සිනමාපටයේ විවාහ දර්ශනයකදී රන්බීර්ට, කල්කි කොච්ලින්ගේ මුහුණේ කහ ස්වල්පයක් ගල්වන්නට නියමිතව තිබුණි. එහෙත් රන්බීර් ඉවසාගත නොහැකි දඟකාරකම නිසා කල්කිගේ මුහුණ පුරාමත්, ඇඟ පුරාමත් කහ ගල්වා තිබේ. අවසානයේදී එය ඇස් රතුවෙන විහිළුවක් බවට පත් වී ඇත්තේ සියුමැලි කල්කිගේ සම කහවලට දැඩි අසාත්මිකතාවක් දැක්වීම නිසයි. විසිනව හැවිරිදි කල්කිට මුළු සිනමාපටයේම රඟන්නට ඇත්තේ දඟකාර චරිතයකි. රන්බීර්ගේ දඩබ්බරකම නිසා රූගත කිරීම් තාවකාලිකව නතර වී තිබේ. නැවත ඒ දර්ශනය රූගත කිරීමට කණ්ඩායම සිටින්නේ බියෙනි. යළි කල්කිට කහ වහ වී අසාත්මික වී පලු දමන්නට ගතහොත් කුමක් කරන්නේ ද යන්න ඔවුන්ට ගැටලුවකි. චිත්‍රපටය මැයි 31 වැනිදා තිරගත කිරීමට නියමිතයි. රන්බීර් දඩබ්බරකම් කිරීමෙන් වගේම පෙනුමෙන් ද දඩබ්බරයකු වීමට උත්සාහ ගන්නා පාටය. ඔහු මැණික් කටුවේ ‘ආවාරා’ යනුවෙන් ටැටූවක් තබාගෙන ඇත. ‘රස්තියාදුකාරයා’ යන අරුත රැගත් මේ වචනයෙන්ම ඔහුගේ සීයා රාජ් කපූර්ගේ සිනමාපටයක් ද තිබේ. තිස් හැවිරිදි රන්බීර්ගේ ‘ආවාරා’ ටැටූව මාධ්‍ය උකුසු ඇසට යොමු වුණේ ඔහුගේ හිටපු පෙම්වතිය දීපිකා පදුකෝන් සමඟ රඟන ‘යේ ජවානි හෛයි දීවානි’ සිනමාපටයේ මංගල දර්ශන පෙළ දොරට වැඩීමේ අවස්ථාවේදීය. බොලිවුඩයට එකතුවන අලුත්ම ටැටූ වීරයා බවට පත් වී ඇත්තේ රන්බීර් වුවත්, එහි ටැටූ වීරයන් ඕනෑ තරම්ය. සයිෆ් අලි ඛාන්, කරීනා පෙම්වතියකව සිටියදී ඇයගේ නම අතෙහි පච්ච කොටාගෙන තිබේ. සංජේ දත් සහ අජේ දේව්ගන් ශිව දෙවියන්ගේ ටැටූවක් තබාගෙන ඇත. අක්ෂේගේ ටැටූව බවට පත්ව ඇත්තේ පුතු ‘ආරව්’ ගේ නමයි. රිතික් රොෂාන් සහ සුසේන් දෙදෙනාගේ ආදරයේ සංකේතයක් ටැටූ වශයෙන් තබාගෙන සිටිති. නිළියන්ගෙන් දීපිකා පදුකෝන් රන්බීර්ගේ පෙම්වතිය ලෙස සිටියදී ඔහුගේ අත්සන ටැටූවකින් ගතෙහි තබා ගත්තේය. කංගනා රනවුත්, මලයිකා අරෝරා සුරංගනාවියන් ගත සරසන ටැටූ බවට පත් කරගෙන සිටිති. බොලිවුඩයේ ඛාන් රජු ෂාරුක් ඛාන් නම් සම ටැටූවකින් හෝ කැළැල් කරගැනීමට අකැමැතිය. එපමණක් නොව ප්ලාස්ටික් සැත්කම්වලින් අල්ලා දෙවියන් දුන් රුව වෙනස් කිරීමට ද කෙදිනකවත් බලාපොරොත්තු නොවන්නේය. එහෙත් ඔහු ‘දොන් 2’ සිනමාපටයේ සහ ‘අසෝකා’ සිනමාපටයේ දී තාවකාලික ටැටූ තබාගෙන ඇත.
|