වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 94 වැනි උපන් දිනය දා

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 94 වැනි උපන් දිනය දා

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ 94 වැනි ජන්ම දිනය පසුගියදා උත්සවශ්‍රීයෙන් එතුමාණන්ගේ නිවෙසේදී පැවැත්වුණි. කලා සහෘදයන් රැසක් මේ මොහොතට සහභාගි වී ආචාර්ය ලෙස්ටර් මහතාට දීර්ඝායුෂ පතන්නත් අමතක කළේ නැහැ.

මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරුයි.

 


අලුත් සිනමා ශාලාව ‘සිනෙමාල්’ 17 දා ඇරැඹේ

කොළඹ කුරුණෑගල මාර්ගයේ අලව්ව, වාරියගොඩ නගරයේ සිනෙමාල් තියෙටර් නමින් අලුත් සිනමා ශාලාවක් මෙම මස 17 වැනිදා විවෘත වීමට නියමිතය.

ඩී. ටී. එස්. ශබ්ද තාක්ෂණයෙන් යුතු සුවපහසු සිනමා ශාලාවක් වන මෙහි හිමිකාරිත්වය පවතිනුයේ උපාලි විජේකෝන් යටතේය.

සිනෙමාල් තියෙටර්ස් හි පළමුව තිරගත වනුයේ වසන්ත මොරගොඩ ගේ මවුස් සිනමා කෘතියයි.