|
සල රූ අභිමන් පුද ලද බුහුමන් වඩාත් විචිත්‍රවත් හා විශිෂ්ට සිනමා සංස්කෘතියක් බිහිකරලීම උදෙසා ‘සරසවිය’ පුවත්පතෙන් සිදු වූ අප්‍රමාණ මෙහෙවර කිසිවකුටත් ඇඟිල්ලෙන් ඇන මතක්කර දිය යුතු නැත. එය මෙරට ප්‍රේක්ෂක ජනතාව පමණක් නොව මුළු රටම දන්නා කරුණකි. ඒ මහා ජාතික මෙහෙවරට ඊයේට (10) වසර පනහක් සපිරුණි. සිනමා පුවත්පතක් මේසා දිගු කලක් මුළුල්ලේ සිය පාඨකයන් හා අත්වැල්බැඳ සිටයේ නම් ඒ ‘සරසවිය’ පමණකි. 1964 වසරේ ආරම්භ කළ ‘සරසවිය’ සම්මාන උළෙල නිසාවෙන් සරසවියේ වටිනාකම මෙන්ම ජනප්‍රියත්වය ද වඩාත් ඉහළ ගියේය. එතැන් පටන් වඩාත් ප්‍රශස්ත සිනමා කෘතීන් සඳහා සරසවිය මගින් ‘වසරේ හොඳම චිත්‍රපටය’ නමින් අභිමානවත් සම්මානයක් පිරිනැමුණේ මෙරට සිනමාව කිසියම් සාරවත් ප්‍රමිතියක් කරා ගෙන යමිනි. වසරේ හොඳම චිත්‍රපට ලෙස ‘සරසවිය’ සම්මානයෙන් පුද ලද ඒ විශිෂ්ට චිත්‍රපට පිළිබඳ මේ සුවිශේෂී මොහොතේ යළිදු සිහිපත් කිරීමට අප අදහස් කළෙමු. ප්‍රථම ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානනීය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය’යි. එහිදී හොඳම නිෂ්පාදක ලෙස ඇන්ටන් වික්‍රමසිංහත්, හොඳම අධ්‍යක්ෂ ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් සම්මානයට පාත්‍ර විය. වසරේ හොඳම නිළිය වූයේ නන්දාගේ චරිතය රඟපෑ පුණ්‍යා හීන්දෙනියයි. ජිනදාස ගේ චරිතය නිරූපණය කළ ගාමිණී ෆොන්සේකාට විශේෂ සම්මානයක් හිමි වූ අතර හොඳම තිර නාටකය, කැමරාකරණය, සංස්කරණය හා සංගීත නිර්මාණයට හිමි සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ ද ‘ගම්පෙරළිය’යි. ‘සරසවිය’ සම්මාන උළෙලින් පසු 1965 වසරේ පැවැති තුන්වැනි ඉන්දීය අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ‘ගම්පෙරළිය’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර මෙක්සිකෝවේ අත්‍යල්කෝති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ජගත් සමාලෝචනය - ගෝල්ඩන් හෙඩ් ඔෆ් පැලොන්ක් සම්මානය ද හිමි කර ගත්තේය. එය මෙරට චිත්‍රපටයක් ප්‍රථම වරට අන්තර් ජාතික සම්මානයෙන් පුද ලද අවස්ථාව වූ අතර ඊටත් පෙරාතුව ‘ගම්පෙරළිය’ ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි. ‘ගැටවරයෝ’ 02 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටය සේ සම්මානයට පාත්‍ර විය. හොඳම නිෂ්පාදක ලෙස ශේෂා පලිහක්කාර ද, හොඳම අධ්‍යක්ෂ ලෙස මයික් ජේ. විල්සන් හා තිස්ස ලියනසූරිය ද සම්මාන ලැබූහ. හොඳම නිළිය වූයේ සෝබනී අමරසිංහයි. හොඳම ගීත රචක ලෙස මඩවල එස්. රත්නායක සම්මාන දිනූ අතර ඒ ගීතය ගායනා කළ ලතා වල්පොල හොඳම ගායිකාව වූවාය. අදටත් ජනප්‍රිය එම ගීතය ‘හීන හතක් මැද’යි. ‘ගැටවරයෝ’ හි ‘ස්වර්ණ විමානෙට’ ගීතය ගැයූ ඩබ්ලිව්. ඩී. අමරදේවයන් වසරේ හොඳම ගායකයා ලෙස පිදුම් ලැබීය. හොඳම කැමරාකරණයට අමතරව ජෝ අබේවික්‍රම විශේෂ කුසලතා තිළිණයකින් පිදුම් ලැබීය. සිංහල සිනමාවේ වඩාත්ම උද්වේගකර බෝට්ටු ධාවන තරග ඇතුළත් ’ගැටවරයෝ’ 60 දශකයේ බිහිව ආ ‘තරුණ සිනමා රැල්ලේ’ අතිශය ජනප්‍රිය චිත්‍රපටයකි. එය මුල්වරට තිරගත වූයේ 1964 පෙබරවාරි 26 වැනිදාය. 1966 වසරේ පැවැති 03 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වූයේ ‘සාරවිට’යි. එකල විචාරකයන් එම චිත්‍රපටය හැඳින්වූයේ රසවත්, ගුණවක් ‘සාරවිට’ යනුවෙනි. එතෙක් විකට චරිතවලට පමණක් සීමා වී සිටි ජෝ අබේවික්‍රම මුල්වරට චරිතාංග නිරුපණයක් ඉදිරිපත් කළේ මෙම චිත්‍රපටයේ ‘සාරයියාගේ’ චරිතය හරහාය. එම චරිතය වෙනුවෙන් ඔහු වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. එම සම්මාන උළෙලේ විශේෂිත සම්මානයක් වූ ‘ප්‍රියතම නළු චරිතය’ සම්මානයට උරුමකම් කීවේ ද ජෝය. ‘මේ සිංහල අපගෙ රටයි’ ගීතය රචනා කළ මහගමසේකර වසරේ හොඳම ගීත රචකයා වූ අතර එම ගීතය ගැයූ නන්දා මාලිනියට හොඳම ගායිකාවට හිමි සම්මානය ලැබුණාය. හොඳම නිෂ්පාදක, අධ්‍යක්ෂ, තිර නාටක රචක, කැමරා ශිල්පී, සංස්කාරක, කලා අධ්‍යක්ෂ ඇතුළු සම්මාන රැසක්ම ‘සාරවිට’ චිත්‍රපටයට හිමි වීම විශේෂත්වයකි. මුල්වරට තිරගත වූයේ 1965 ජූනි 25 වැනි දිනය. ‘සැනසුම කොතැනද’ 04 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය සේ සම්මානයට පාත්‍ර විය. එය මුල්වරට තිරගත වූයේ 1966 පෙබරවාරි 18 දාය. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වැනි විශිෂ්ට නළුවන් එයට රංගනයෙන් දායක වුව ද ඔවුන් කිසිවකුටත් මේ චිත්‍රපටය හරහා හොඳම නළුවා වීමේ අවස්ථාව උදා වූයේ නැත. එහෙත් ප්‍රධාන නිළි චරිතය රඟපෑ සන්ධ්‍යා කුමාරි විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට සමත්විය. හොඳම ගායකයා වූයේ ‘සංසාර ගමනේ’ ගීතය ගැයූ ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ය.
05 වැනි ‘සරසවිය’ සම්මාන උළෙල පැවැතියේ 1968 වසරේදීය. “හොඳම චිත්‍රපටය වූයේ
“සත්සමුදුර” යි. එහි නිෂ්පාදක ලීනස් දිසානායකත්, අධ්‍යක්ෂ සිරි ගුණසිංහත්
සම්මානලාභීන්ගේ නාමාවලියට එක් වූ අතර හොඳම නළු චරිතය වෙනුවෙන් එඩ්මන් යොවුන් ආදරයේ සදාතනික තේමා ගීතය බඳු වූ ‘ගොළු හදවත’ 06 වැනි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය සේ සම්මානයට පාත්‍ර විය. හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පුද ලද්දේ සීමාසහිත සිලෝන් ස්ටුඩියෝ සමාගමයි. අනුලා කරුණාතිලක හොඳම නිළිය සේ කිරුළු පැලඳුවාය. ඒ අදටත් සිනමා ප්‍රේක්ෂක මතකයෙන් බැහැරට නොගිය දම්මිගේ චරිතයට ජීවය දෙමිනි. ප්‍රේමසිරි කේමදාස හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස මුල්වරට ‘සරසවිය’ සම්මානයෙන් පුද ලැබුවේ ද ‘ගොළු හදවත’ චිත්‍රපටයෙනි. එහි රඟපෑ විජේරත්න වරකාගොඩ විශේෂ තිළිණයකින් පිදුම් ලැබුවේය. ‘ගොළු හදවත’ මුල්වරට තිරගත වූයේ 1968 අප්‍රේල් 24 දාය. 07 වැනි ‘සරසවිය’ සම්මාන උළෙල 1970 වසරේ පැවැති අතර එහිදී හොඳම චිත්‍රපටය ලෙස ගෞරවයට පාත්‍ර වූයේ ‘බිනරමලී’ චිත්‍රපටයයි. හොඳම නිළිය ලෙස ස්වර්ණා කහවිට සම්මානයට පාත්‍ර වූයේ බිනරමලීගේ චරිතය රඟමිනි. හොඳම නිෂ්පාදක ලෙස මුදලිනායක සෝමරත්න සම්මානයට පාත්‍ර වූ අතර හොඳම තිර නාටක රචක සම්මානය හිමි වූයේ තිස්ස අබේසේකරයන්ටය. හොඳම සහාය නිළිය සම්මානයට හිමිකම් කියූවේ ශාන්ති ලේඛායි. හොඳම ගීත රචකයා ලෙස මහගම සේකර ද, හොඳම ගායකයා ලෙස අමරදේව ද විශිෂ්ටත්වයට පත් විය. ඒ ‘රටකින් රටකට පාර අසාගෙන’ ගීතය තුළිනි. 1969 අගෝස්තු 19 වැනිදා ‘බිනරමලී’ මුල්වරට තිරගත විය. පුරා දශකයක නිහැඬියාවකින් පසු යළිත් ‘සරසවිය’ සම්මාන උළෙල පැවැත්වෙන්නේ 1980 වසරේදීය. ඒ 08 වැනි සම්මාන උළෙලය. එහිදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනුවේ ටයිටස් තොරවත්තගේ ‘හඳයා’යි. මෙතෙක් ලාංකේය සිනමාවේ බිහි වූ විශිෂ්ටතම ළමා චිත්‍රපටය සේ සැලකෙන ‘හඳයා’ අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් ටයිටස් තොටවත්තයන් හොඳම අධ්‍යක්ෂ ලෙසින් පිදුම් ලැබීය. හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය දිනා ගත්තේ ද ඔහු විසිනි. හොඳම තිර නාටක රචක, සහාය නළුවා, කැමරා ශිල්පී, සංස්කාරක, ගීත රචක ආදී සම්මාන ගණනාවකින් පිදුම් ලද ‘හඳයා’ ළමා හා යොවුන් චිත්‍රපට වෙනුවෙන් ඉතාලියේ පැවැති 10 වැනි සෙලානෝ අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සේ සම්මානයට පාත්‍ර වීම ද විශේෂත්වයකි. 1979 නොවැම්බර් 16 වැනි දින ‘හඳයා’ මුල්වරට ප්‍රදර්ශනය විය. 1981 වසරේ පැවැති 09 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානනීය වූයේ ‘ගඟ අද්දර’යි. එහිදීී හොඳම නිළිය සේ වසන්ති චතුරානි සම්මානයට පාත්‍ර වූ අතර හොඳම නිෂ්පාදක සේ මිලිනා සුමතිපාල හා හොඳම අධ්‍යක්ෂ ලෙස සුමිත්‍රා පීරිස් ඉතිහාසයට එක් විය. ඔගස්ටස් විනයාගරත්නම් ලියූ නිමල් මෙන්ඩිස් සංගීතවත් කළ ‘රන් ටිකිරි සිනා’ ගීතය වෙනුවෙන් ඔවුන් දෙදෙනා හොඳම ගීත රචක හා සංගීත අධ්‍යක්ෂ ලෙස සම්මානයට පාත්‍ර වූහ. එමෙන්ම හොඳම සංස්කාරක, කැමරා ශිල්පී, කලා අධ්‍යක්ෂ ඇතුළු තවත් සම්මාන කිහිපයක්ම ‘ගඟ අද්දර’ට හිමි විය. 1980 අගෝස්තුª 01 මෙම චිත්‍රපටය මුලින්ම තිරගත විය.
1982 ජනවාරි 29 වැනිදා මුල්වරට තිරගත වූ ‘මහගෙදර’ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ 11 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලෙනි. තිස්ස අබේසේකරයන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර හොඳම නිෂ්පාදනය, සංගීත අධ්‍යක්ෂණය ඇතුළු තවත් සම්මාන කිහිපයක් හිමි කර ගත්තේය. විජය කුමාරණතුංග සහ ශ්‍රියානි අමරසේන කුසලතා සම්මාන ද්වයකින් පිදුම් ලැබූහ. ලාංකේය සිනමාවේ තවත් විෂ්ටතම චිත්‍රපටයක් වූ ‘දඩයම’ ට තවත් අභිමානයක් එක් වූයේ 1984 වසරේ පැවැති 12 වැනි සම්මාන උළෙල හරහාය. එහි අනභිභවනීය රංග කුසලතාවක් විශද කළ රවීන්ද්‍ර රන්දෙණිය හා ස්වර්ණා මල්ලවාරච්චි හොඳම නළු නිළියන් සේ කිරුළු පැලඳුවේ කාගේත් ප්‍රසාදය මැදිනි. වසන්ත ඔබේසේකර හොඳම අධ්‍යක්ෂවරයා වූ අතර රවීන් චන්ද්‍රසිරි හොඳම නිෂ්පාදකයා සේ සම්මානනීය විය. සොමී රත්නායකගේ නම එයට එකතු වූයේ හොඳම සහාය නළුවා ලෙසිනි. 1983 මැයි 27 ‘දඩයම’ සිය ප්‍රදර්ශනය ඇරැඹීය. සුමිත්‍රා පීරිස් වසරේ හොඳම අධ්‍යක්ෂවරිය බවට පත් කරමින් 13 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සේ සම්මානයට පාත්‍ර වූයේ ‘මායා’යි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හොඳම නිෂ්පාදක ලෙස අගැයීමට ලක් වූ අතර වසරේ හොඳම නළුවා වූයේ රවීන්ද්‍ර රන්දෙණියයි. ‘මායා’ මුල්වරට තිරගත වූයේ 1984 සැප්තැම්බර් 28 වැනිදාය. ‘සුද්දිලාගේ කතාව‘ 1986 වසරේ පැවැති 14 වැනි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත්වෙන්නේ එය නිර්මාණය කළ ධර්මසිරි බණ්ඩාරනායක හොඳම අධ්‍යක්ෂවරයා බවට පත් කරලමිනි. හොඳම නිළිය සේ ස්වර්ණා මල්ලවාරච්චි ද, හොඳම සහාය නළුවා සේ සිරිල් වික්‍රමගේද තම කුසලතාවන් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර ‘දඩයම’ නිෂ්පාදනය කළේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධනයන්ය. 1985 මාර්තුª 29 මෙම චිත්‍රපටය මුල්වරට තිරගත කළ දිනය සේ ඉතිහාසයට එක්ව තිබේ. 15 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වූයේ ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘මල්දෙනියේ සිමියොන්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ විජය රාමනායකයි. හොඳම නළුවා ලෙස ජෝ අබේවික්‍රමත්, හොඳම නිළිය සේ අනෝජා වීරසිංහත් සම්මානයේ අභිමානය දෝතට තුරුළු කර ගනිද්දී තවත් සම්මාන කිහිපයකින්ම මෙම චිත්‍රපටය පිදුම් ලැබීම විශේෂත්වයකි. වඩාත් විශේෂත්වය වන්නේ 11 වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි ‘රජත මයුර’ සම්මානයෙන් අනෝජා වීරසිංහ පිදුම් ලැබීමයි. 1986 මැයි 22 මෙම චිත්‍රපටය මුලින්ම තිරගත විය. සම්මාන එකොළහකට උරුමකම් කියමින් 16 වැනි සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටය සේ ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘විරාගය’යි. සනත් ගුණතිලක හොඳම නළුවා වූ අතර සුනේත්‍රා සරච්චන්ද්‍ර හොඳම සහාය නිළියට හිමි සම්මානයෙන් පුද ලැබීය. බොහෝ දෙනෙකුගේ මතය සනත්ගේ විශිෂ්ටතම රඟපෑම් ඇතුළත් චිත්‍රපටය ‘විරාගය’ බවය. එමෙන්ම ‘විරාගය’ මොස්කව් හා හවායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දෙකෙහිදීම ශ්‍රීී ලංකාව නියෝජනය කිරීම විශේෂත්වයකි. 1989 ඔක්තෝබර් 02 වැනිදා මුල්වරට තිරගත විය.
18 වැනි සම්මාන උළෙල පැවැතියේ ද එම වසරේමය. එහිදී හොඳම චිත්‍රපටය වූයේ ‘සිරිමැදුර’යි. හොඳම නිෂ්පාදක ලෙස බන්දුල ගුණවර්ධනත්, හොඳම අධ්‍යක්ෂ ලෙස පරාක්‍රම නිරිඇල්ලත් සම්මානයට පාත්‍ර වූහ. රවීන්ද්‍ර රන්දෙණිය හා අනෝජා වීරසිංහ සම්මානයට පාත්‍ර වූයේ හොඳම නළු, නිළි යුවළ ලෙසිනි. හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ද, හොඳම ගීත රචක ලෙස ලූෂන් බුලත්සිංහල ද,හොඳම ගායකයා ලෙස අමරසිරි පීරිස් ද සම්මාන හිමි කර ගත්හ. ඒ එකම ගීතයක් වෙනුවෙනි. ‘මිනිසා මරණ තුනක් ඇති’ ඒ සුවිශේෂී ගීතයයි. 1989 දෙසැම්බර් 29 දින ‘සිරි මැදුර’ මුලින්ම තිරගත විය. 1991 වසර ඉතිහාසයට එක් වන්නේ 19 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ විචිත්‍රත්වයත්, අභිමානයත් අප හදවත්හි සනිටුහන් කරමිනි. “පාලම යට” හොඳම චිත්‍රපටය වූ අතර එහි විශිෂ්ට රංග කාර්යයක නියැළි සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ හොඳම නළු-නිළි සම්මානයෙන් පිදුම් ලැබූහ. හොදම නිෂ්පාදනයට ගීතා කුමාරසිංහ හා හොඳම අධ්‍යක්ෂණයට එච්. ඩී. ප්‍රේමරත්න එවර සම්මාන හිමි කර ගත්හ. ජෝ අබේවික්‍රම හොඳම සහාය නළුවා වූ අතර හොඳම සහාය නිළිය වූයේ සුනේත්‍රා සරච්චන්ද්‍රයි. 1990 අගෝස්තු 30 වැනිදා ‘පාලම යට’ මුලින්ම තිරගත විය. 1991 අප්‍රේල් 05 වැනිදා සිට ප්‍රදර්ශනයට එක් වූ ‘කෙළිමඬල’ 20 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය සේ සම්මානයට පාත්‍ර විය. හොඳම තිර නාටකයට හා අධ්‍යක්ෂණයට සම්මාන හිමි කර ගත්තේ ඩී. බී. නිහාල්සිංහයන්ය. හොඳම නිළිය වූයේ අනෝජා වීරසිංහයි. හොඳම සහාය නළුවා වූයේ ජීවන් කුමාරතුංගයි. වීණා ජයකොඩි සහාය නිළිය බවට පත් වූවාය. එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘කුල ගෙය’ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ 21 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදීය. හොඳම නිළිය ශ්‍රියානි අමරසේන වූ අතර හොඳම සහාය නිළිය වූයේ වීණා ජයකොඩියි. තිස්ස අබේසේකර මෙහිදී හොඳම තිර නාටක රචකයාසේ සම්මානයට පාත්‍ර විය. ඒ. ඒ. පේජ් හොඳම නිෂ්පාදකයා වූ අතර එච්. ඩී. ප්‍රේමරත්න හොඳම අධ්‍යක්ෂ ලෙසින් සම්මානයට පාත්‍ර විය. එය මුලින්ම තිරගත වූයේ 1992 ඔක්තෝබර් 09 වැනිදාය. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘ගුරු ගෙදර’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 22 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදීය. 1993 පෙබරවාරි 09 වැනිදා තිරගත වූ ‘ගුරු ගෙදර’ හොඳම අධ්‍යක්ෂ සම්මානය විජය ධර්ම ශ්‍රී ට හිමි කර දුනි. එම්. එම්. පියදාස හොඳම නිෂ්පාදක විය. අශෝක පීරිස් හොඳම නළුවා ලෙස හා යශෝධා විමලධර්ම හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ගුරු ගෙදරිනි’. 23 වැනි ‘සරසවිය’ සම්මානය හිමි වූයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයටය. හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ද ගාමිණී ෆොන්සේකාට හිමි වීම විශේෂත්වයකි. සම්මාන කිහිපයකින් පිදුම් ලද ‘නොමියෙන මිනිසුන්’ මුල්වරට තිරගත වූයේ 1994 පෙබරවාරි 04 වැනි දිනය. 24 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ අසිරිය විඳ ගැනුමට අපට අවස්ථාව උදා වූයේ 1996 වසරේදීය. එහිදී එච්. ඩී. ප්‍රේමරත්න හොඳම අධ්‍යක්ෂ සේ සම්මානයට පාත්‍ර විය. ඒ ‘සෙයිලම’ චිත්‍රපටය වෙනුවෙනි. හොඳම නළුවා ලෙස රවීන්ද්‍ර රන්දෙණිය ද, හොඳම සහාය නළුවා ලෙස සිරිල් වික්‍රමගේ ද සම්මානයෙන් පිදුම් ලද අතර, හොඳම සංගීත අධ්‍යක්ෂවරයා වූයේ රෝහණ වීරසිංහයි. මහාචාර්ය සුනිල් ආරියරත්න හොඳම ගීත රචකයා වූයේය. සෙයිලම හා හා පුරා කියා තිරගත වූයේ 1995 මාර්තු 10 වැනිදාය. යළිත් වරක් හොඳම අධ්‍යක්ෂවරිය ලෙසින් සිය වාර්තා පොත අලුත් කළ සුමිත්‍රා පීරිස් ‘ලොකුª දුව’ වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉහළට ඔසවා තැබුවාය. වසරේ හොඳම නිෂ්පාදිකාව වූයේ ගීතා කුමාරසිංහයි. කමල් අද්දරආරච්චි සහාය නළුවා වූ අතර අයිරාංගනී සේරසිංහ සහාය නිළිය වූවාය. 1996 අගෝස්තු 16 ‘ලොකු දුව’ මුලින්ම තිරගත විය. 1997 වසරේ පැවැති 25 වැනි සම්මාන උළෙලේදී ‘ලොකු දුව’ එවන් සම්මාන රැසක් හිමි කර ගත්තාය.
2001 වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය සේ ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘පුරහඳ කළුවර’යි. හොඳම නළුවා ලෙස ජෝ අබේවික්‍රම සම්මාන ලැබූ අතර එහි අධ්‍ය්‍යක්ෂ ප්‍රසන්න විතානගේ හොඳම තිර රචකයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ සිනමා ඉතිහාසයේ සම්ප්‍රදායය වෙනස් මානයකට කැඳවා යමිනි. මෙතෙක් කල් ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය හා අධ්‍යක්ෂවරයා බිහි වූයේ එකම චිත්‍රපටයකිනි. එහෙත් මෙහිදී ‘පුරහඳ කළුවර’ හොඳම චිත්‍රපටය වුවත් ‘අස්වැසුම’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බෙනට් රත්නායක හොඳම අධ්‍යක්ෂවරයා බවට පත් විය. ‘පුරහඳ කළුවර’ අමියොන් අන්තර් ජාතික සිනමා උළෙලේදී ගෝන් ෆ‍්‍රී සම්මානය ද, ෆ‍්‍රී බෝග් චිත්‍රපට උළෙලේ දී විචාරක සම්මානය ද, සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමි කර ගත්තේය. එසේ සම්මානයට පාත්‍ර වූයේ අපේ විශිෂ්ටතම රංගවේදියකු වූ ජෝ අබේවික්‍රමයන්ය. ලාංකේය රංගන ශිල්පියකු ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලද ප්‍රථම හා එකම අවස්ථාව ද එය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. 2003 වසරේ පැවැති 28 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වූයේ ‘සුදු සෙවණැලි’ය. හොඳම නිෂ්පාදනය, කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, ශබ්ද පරිපාලනය ආදී සම්මාන රැසකින් ‘සුදු සෙවණැලි’ පිදුම් ලැබීය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න හොඳම ගීත රචකයා වූ අතර හොඳම ගායිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ විශාරද නන්දා මාලිනියයි. එය තිරගත වූයේ 2002.06.21 දින සිටය. සනත් ගුණතිලක හට හොඳම නළු කිරුළ හිමි කර දෙමින් 2004 වසරේ පැවැති ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය බවට පත් වූයේ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සක්මන් මළුව’යි. එහි රඟපෑ දිනිඳු ජාගොඩ නැගී එන නළු සම්මානයෙන් පිදුම් ලැබීම ද විශේෂත්වයකි. 30 වැනි සම්මාන උළෙල පැවැතියේ 2005 වසෙර්ය. එහිදී හොඳම චිත්‍රපටය වූයේ ‘මිල්ලෙ සොයා’යි. විශ්වනාත් බුද්ධික කීර්තිසේන හොඳම අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර හොඳම කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංගීතය ආදී ඉසව් රැසකටම සම්මාන හිමි වූයේ ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටයටයි. ඉන්පසු නැවත ‘සරසවිය’ සම්මාන උළෙල පැවැත්වෙන්නේ 2007 වසෙර්ය. ඒ 31 වැනි සම්මාන උළෙලයි. 2005 සහ 2006 වසරේ තිරගත වූ චිත්‍රපට සඳහා මෙහිදී සම්මාන පිරිනැමුණි. ‘ඉර මැදියම’ 2005 වසරේ හොඳම චිත්‍රපටය සේ අගැයුමට ලක් විය. හොඳම තිර රචනය හා හොඳම අධ්‍යක්ෂණය සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ ප්‍රසන්න විතානගේය. නැගී එන නළුවා ලෙස නාමල් ජයසිංහ හා නැගී එන නිළිය ලෙස නදී කම්මැල්ලවීර සම්මානයට පාත්‍ර වූ අතර තවත් අංශයන් ගණනාවකට සම්මාන හිමි කර ගන්නට එම චිත්‍රපටය සමත් විය. ‘ඉර මැදියම’ මුලින්ම තිරගත වූයේ 2005.02.10 දිනය. 2006 වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් එම සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස තේරී පත් වූයේ සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘උඩුගංයාමය’යි. හොඳම අධ්‍යක්ෂණයට හා තිර රචනයට සම්මාන හිමි කර ගත්තේ සුදත්මය. සරත් ප්‍රනාන්දු හොඳම සංගීත අධ්‍යක්ෂණයෙන් පිදුම් ලද අතර වසන්ත විට්ටච්චි හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර විය. මෞලි කාරියකරවන කුසලතා සම්මානයකින් පිදුම් ලැබූ ‘උඩුගංයාමය’ මුලින්ම තිරගත වූයේ 2006.06.01 දිනය. 2010 වසරේ පැවැති 32 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමුණේ 2007 – 2008 වසරවල ප්‍රදර්ශණය වූ චිත්‍රපට සඳහාය. එය අවසන් වරට පැවැත් වූ සම්මාන උළෙලයි. එහිදී 2007 වසරේ හොඳම චිත්‍රපටය බවට පත් වූයේ ‘ආගන්තුකයා’යි. අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර හොඳම අධ්‍යක්ෂවරයා මෙන්ම තිරකතා රචකයා ලෙස ද සම්මාන දිනාගත් අතර සෞම්‍ය ලියනගේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. හොඳම සහාය නළුවා වූයේ සනත් ගුණතිලකයි. රත්න ශ්‍රීී විජේසිංහ හොඳම ගීත රචකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. 2008 වසරේ තිරගත වූ චිත්‍රපට අතරෙන් උබර්තෝ පැසොලිනි අධ්‍යක්ෂණය කළ ‘මචං’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානය හිමි කර ගත්තේය. ධර්මප්‍රිය ඩයස් හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර විය. හොඳම තිර රචනය, සංස්කරණය, වේශ නිරූපණය සඳහා සම්මාන හිමි කර ගත්තේ ද ‘මචං’ චිත්‍රපටයයි. නැගී එන නළුවා ලෙසින් දර්ශන් ධර්මරාජ් අගැයීමට ලක්විය. වසර තුනකින්’සරසවිය’ සම්මාන උළෙල පවත්වා නැත. ඉතිහාසයේද කලින් කල එවැනි දෑ සිදුව තිබේ. නමුදු ‘සරසවිය’ සම්මාන උළෙල 2013 වසරේ ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවත්වන්නට දැන් සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. ඒ සම්මාන උළෙලේ පනස් වසක ස්වර්ණ ජයන්තිය ද සමරමිනි. එය සරසවිය පාඨකයන්ට මෙන්ම සුවහසක් සිනමාලෝලීන්ට ද සතුටුදායක පුවතක් වනු නොඅනුමානය.
|