වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




‘මැදගෙදරට’ ටෙලිය දින පහේම ස්්වර්ණවාහිනියේ

‘මැදගෙදරට’ ටෙලිය දින පහේම ස්වර්ණවාහිනියේ

දියණියන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක් වටා ගෙතී ඇති කතා පුවතකින් හෙබි මැද ගෙදරට ටෙලි සිතුවම සෑම සතියේ දිනකම රාත්‍රී 7.00 ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වේ.

ගාමිණී හෙට්ටිආරච්චි, රම්‍යා වනිගසේකර, ගීතා කාන්ති ජයකොඩි, මුතු තරංගා, උදයන්ති කුලතුංග, නිලුක්ෂි අමන්දා, තිසුරි යුවනිකා, දිල්හානි පෙරේරා, පුබුදු ගමගේ, ජනිත් වික්‍රමගේ, ධනුෂ්ක රත්නායක, හර්ෂණ බෙත්මගේ, අකිල සඳකැලුම්, චන්දික නානායක්කාර, කංචන කොඩිතුවක්කු, නිරෝෂන් විජේසිංහ, සම්පත් තෙන්නකීන්, කිංස්ලි ලෝස්, මැණිකේ අත්තනායක, මානෙල් වානගුරු, නිර්ධා උයන්හේවා, සුසන්තා චන්ද්‍රමාලි, සෝමසිරි අලකොලංග, රොෂානා ඔන්ඩච්චි, ශානිකා බණ්ඩාර, සමීර චානක මැද ගෙදර හි නළු නිළි පිරිවරයි.

මැදගෙදර මැක්ස් කිංස්ටිව් මීඩියා හි නිෂ්පාදනයකි. කැමරාකරණය ජනක මාපිටියගෙනි. චන්දන ප්‍රියංකර කලා අධ්‍යක්ෂකවරයාය. අංග රචනය රෙජිනෝල්ඩ් උඩුගමගෙනි, සංස්කරණය වරුණ කොඩිකාර විසින් සිදු කරයි.

ධනුෂ්ක එන්. පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය. ලක්මාල් අතුකෝරල සහ මොහාන් ඕවිට ඇඳුම් නිර්මාණය කරයි. චාමර සමරවික්‍රම රේඛීය නිෂ්පාදකවරයාය. කලා අධ්‍යක්ෂණ සහාය මධුෂාන් සංජයගෙනි. දෙවන සහාය අධ්‍යක්ෂවරයා ප්‍රියන්ත කෝණාරය. සතිෂ් රණසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. ස්වර්ණවාහිනී නිෂ්පාදනයක් වන මැදගෙදර රෝහණ සමරදිවාකරගේ අධ්‍යක්ෂණයකි.

‘ෆයර්’ සංගීත රාත්‍රිය 15 වැනි දා බියන්විල දී

භාචි සුසාන් ප්‍රමුඛ ‘ෆයර්’ සංගීත කණ්ඩායම සංගීතවත් කරන සංගීත රාත්‍රිය මෙම 15 වැනි දා රාත්‍රී ඉහළ බියන්විල මංකඩ පාරේ පොල්වත්තේ දී පැවැත්වේ.

ඉරෝෂන් චමත්කාර සමඟ බියන්විල තරුණ කැල දෙවැනි වරට පවත්වන බක්මහ උළෙල වෙනුවෙන් පවත්වන මෙම සංගීත ප්‍රසංගයේ දී නිහාල් නෙල්සන්, පි‍්‍රයා සූරියසේන, භාචි සුසාන්, සුපි‍්‍රයා අබේසේකර, කිංස්ලි පීරිස්, චින්තා පි‍්‍රයංගනී, කල්්‍යාණි ගංගා, කමල් චිත්‍රසේන, මධූක වසන්ත (දෙරණ ඩ්‍රීම් ස්ටාර්) ගී ගයති. කථනයෙන් චම්පික ප්‍රසාද් එක්වන මෙහි මාධ්‍ය අනුග්‍රහය දෙරණ ටී. වී. වෙතිනි.

සියොත්මා සංගීත ප්‍රසංගය 17 දා

නිට්ටඹුව හක්වඩුන්න තරුණ කැල සංවිධානය කරන මහ බක් මහ උළෙල වෙනුවෙන් 17 වැනිදා රාත්‍රී සියොත්මා සංගීත කණ්ඩායම සංගීතවත් කරන විචිත්‍රවත් සංගීත ප්‍රසංගයක් හක්වඩුන්න මංසන්ධියේදී පැවැත් වේ. සුරේශ් ගම්ගේ, අසංක දේවමිත්‍ර පෙරේරා, නිමල් ගුණසේකර, සිරිමෙවන් කස්තුරිආරච්චි සහ සංක ගම්ලත් එහිදී ගී ගැයීමට නියමිතය.

අවුරුදු හද රැඳි ගී 14 දා 5.30 ට

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ හද රැඳි ගී වැඩ සටහනක් මෙම මස 14 වැනිදා එනම් අවුරුදු දා සවස 5.30 ට ජාතික නාලිකාවෙන් විකාශය වේ. ආචාර්ය වික්ටර් රත්නායක, රෝහණ බැද්දගේ, සනත් නන්දසිරි, සුජාතා අත්තනායක සහ විල්බට් ඇන්තනි සහභාගී වන මෙය කැලුම් ශ්‍රීමාල් සහ දමිතා අබේරත්න මෙහෙයවනු ලබයි. හද රැඳි ගී සිරිතුංග පෙරේරාගේ නිෂ්පාදනයකි.

ඉතාලියේ සිට ලොකු දෝණිට තටු ලැබිලා

ඉතාලියේ වෙසෙමින් ලේඛනයේ නිරත වන වික්ටරීන් කොළඹගේ ‘ලොකු දෝණිට තටු ලැබිලා’ කෘතිය දැන් නිකුත් වී ඇත.

වික්ටරින් කොළඹගේ සිය මුල් කෘතිය වූ ‘ලොකු දෝණී’ නවකතාව රචනා කර එරට ‘ශ්‍රී ලාංකේය අභිමානය ලොවට අවතීර්ණය කිරීීම’ වෙනුවෙන් වූ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ‘ලොකු දෝණිට තටු ලැබිලා’ ඇයගේ දෙවන කෘතියයි. එය ලොකු දෝණි කෘතියේ ප්‍රධාන චරිතය වූ ජෙස්මින්ගේ නවතම අත්දැකීම් ඉස්මතු කරන්නෙකි.


සරසවිය අන්තර් ජාලයට මුදා හරින අපේ පිරිස

සරසවිය පුවත්පතට සමගාමීව අන්තර් ජාලය ඔස්සේ ‘සරසවිය’ නැරඹිය හැක.

දිනපතා උණුසුම් පුවත් ක්ෂණයෙන් අන්තර් ජාලයට මුදා හැරීම හා පුවත්පතෙහි අන්තර්ගතව ඇති ප්‍රවෘත්ති හා විශේෂාංග ඔබ සැමට නැරඹීමට හැකි වන සේ සරසන්නේ වෙබ් අංශයෙනි.

වෙබ් අංශයේ පිරිස:

1. නදීක සෙනරත් පතිරණ

2. මංජුල මහින්ද

3. බුද්ධික ජයමහ

4. විජිත ජයසිංහ

5. රේඛාවෝ මාවතගම

6. උපේක්ෂා සමරසිංහ

7. තනුෂිකා සෙනෙවිරත්න

8. එරන්දි වීරකෝන්

9. මනේෂ් වෙත්තසිංහ

10. ඩිරේෂ් ඇලෙක්සිස්


සැ ම ට ම තු ති

සරසවිය සිය පනස් වැනි ජන්ම දිනයේදී ගත වූ වසර පනහ ඇතුළත එය නිර්මාණය කළ, එය හැදූ වැඩූ එයට කැප වූ සියලුම කලා ශිල්පීන්, පාඨක භවතුන් එදා මෙදාතුර නන් අයුරින් සහාය දැක් වූ සියලු දෙනා ගෞරයෙන් සිහිපත් කරයි.

සරසවිය පුවත්පත යනු කර්තෘ මණ්ඩල නිර්මාණයක් වුව ද එය දොරට වැඩියේ ලේක්හවුස් ආයතනයේ ලොකු කුඩා සියල්ලන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ය. පනස් වසරක් පුරා සරසවියේ පැවැත්මට ආයතනයේ සියලුම අංශවල සියලුම දෙනා නන් අයුරින් සහාය වූ බව ද සරසවිය කෘතඥතා පූර්වකව සිහිපත් කරයි.