|
ගිනි ගණන් තරු ලෝක සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝලොව වැඩිම මිල අය කරන නිළිය කවුරුන්ද?ෆෝබ්ස් සඟරාව හෙළි කරයි
ඇතෙක් බරට කාසි ලබා ගන්න නම් හොලිවුඩ් පුරවරයේ දිදුලන තරුවක්, තාරකාවක් විය යුතුයි.
ෆෝබ්ස් සඟරාව මඟින් වාර්ෂිකව එළි දක්වන තරුවල වටිනාකම පිළිබඳ ලේඛනය දුටු විට ඔබටත්
එසේ සිතෙනු ඇත.
2013 වසරේදී ෆෝබ්ස් සඟරාව මඟින් වැඩිම ආදායමක් ලබන හොලිවුඩ් තාරකාව ලෙස නම්කර ඇත්තේ
සැබෑම හිම කුමාරියකි. ඇය ක්‍රිස්ටීන් ස්ටුවට්ය. ‘ද ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ට්ස්මෑන්’,
‘ද ට්විලයිට් සාගා බ්‍රේකිං ඩොව්න්’ තාරකාව 2011 මැයි මාසයේ සිට 2012 මැයි මාසය
දක්වා උපයා ඇති මුදල ඩොලර් මිලියන 34.5 කි. ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ
පළමු තැනට පත් වැඩිම ආදායම්ලාභිනිය ඇයයි. විසි දෙහැවිරිදි වියේදී ඇය මේ හපන්කම කළේ
හොලිවුඩයේ දක්ෂතම ක්‍රියාදාම වීරවරිය, වැඩිම ආදායම්ලාභී සිහසුනෙන් පළවා හරිමිනි. පසුගිය වසරේ වැඩිම ආදායමක් ලැබූ හොලිවුඩ් තාරකාව වූයේ ඇන්ජලිනා ජොලීය. ඇයගේ ඒ වසරේ ආදායම ඩොලර් මිලියන 30 ක් විය. තිස්හත් හැවිරිදි ඇන්ජලිනා අදටත් ක්‍රියාදාම චරිත සඳහා ඇති හොඳම කාන්තා නියෝජනයයි. ඇය හා සම ආදායමක් ලැබු අනෙක් තාරකාව වූයේ සාරා ජෙසිකා පාකර්ය. එහෙත් ඇන්ජලිනා ඩොලර් මිලියන 20 ක ආදායමක් ලබමින් මෙවර සිව්වැනි ස්ථානයටත්, සාරා ඩොලර් මිලියන 15 ක් ලබමින් හත්වැනි ස්ථානයටත් පත්ව සිටිති. ළාබාල සුරූපිනිය ක්‍රිස්ටීන්ට කරට කර සටනක් දෙන්නී, කැමරන් ඩයස්ය. ඇයගේ ආදායම ඩොලර් මිලියන 34 කි. කැමරන්ට වාසනාව ගෙන ආවේ නොසිතූ පරිදි ආදායමක් ගෙන දුන් ‘බෑඩ් ටීචර්’ සිනමාපටයයි. අන්තර් ජාතික වශයෙන් ඒ සිනමාපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 216 කි. කැමරන් හතළිස් හැවිරිදිය. ධනය ඉපයීමෙන් තෙවැනි තැන දිනා ගෙන ඇත්තේ ඩොලර් මිලියන 25 ක ආදායමක් ඉපයූ සැන්ඩ්‍රා බුලොක්ය. හතළිස් අට හැවිරිදි ඇය 2012 ගිනස් වාර්තා පොතට එක් වූයේ වැඩිම ආදායමක් ලද තාරකාව ලෙසයි. ඇය ලැබූ ආදායම ඩොලර් මිලියන 56 කි. සැන්ඩ්‍රා දෙවැනි තැන දිනූ කැමරන් ඩයස්ට වඩා ඩොලර් මිලියන 9 කට අඩු ආදායමක් ලබා ඇත. වසරින් වසර ඉහළ පහළ යන ආදායම ඊළඟ වසරේ ආදායම සඳහා කරන්නේ සුළුපටු බලපෑමක් නොවෙයි. මේ සුපිරි මුදල් වාසනා ලැබූ හොලිවුඩ් තාරකා දහයයි.
* ක්‍රිස්ටීන් ස්ටුවට් - ඩොලර් මිලියන 34.5 * කැමරන් ඩයස් - ඩොලර් මිලියන 34
* සැන්ඩ්‍රා බුලොක් - ඩොලර් මිලියන 25 * ඇන්ජලිනා ජොලී - ඩොලර් මිලියන 20 * චාලීස් තෙරොන් – ඩොලර් මිලියන 18 * ජුලියා රොබට්ස් - ඩොලර් මිලියන 16 * සාරා ජෙසිකා පාකර් - ඩොලර් මිලියන 15 * මෙරිල් ස්ට්‍රීප් - ඩොලර් මිලියන 12 * ක්‍රිස්ටීන් විග් - ඩොලර් මිලියන 12 * ජෙනිෆර් ඇනිස්ටන් - ඩොලර් මිලියන 12
තාරකාවන්ගේ බැබළීම වැඩි වුවත්, මුදලින් වැඩිපුරම බැබළෙන්නේ තරුය. හොලිවුඩයේ තාරකාවක
ලබන ඉහළම ආදායම ඩොලර් මිලියන 34.5 ක් වෙද්දී, තරුවක ලබන ආදායම ඩොලර් මිලියන 77 කි.
එතරම් ආදායමක් ලැබූ ධනවතා ලියනාඩෝ ඩිකැප්‍රියෝයි. ඔහු මෑතකදී වැඩිපුරම කතාබහට
ලක්වුණේ බ්ලේක් ලිව්ලි සමඟ පැවැත් වූ පෙම් සබඳතාව නිසයි.
දෙවැනි තැන ගත් ජොනී ඩෙප්ගේ ආදායම ඩොලර් මිලියන 50 කි. ගිය වසරේදී ඔහු ඩොලර් මිලියන 75 ක ආදායමක් ලබා වැඩිම ආදායමක් ලැබූ නළුවා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් විය. ඇඩම් සැන්ඩ්ලර් තෙවැනියා වී සිටින්නේ ඩොලර් මිලියන 40 ක ආදායමක් ලබමිනි. ඔහු මෑතක රැඟූ ‘ජස්ට් ගෝ විත් ඉට් ගෙට්ස්’ ඩොලර් මිලියන 214 ක ආදායමක් අන්තර් ජාතික වශයෙන් ලැබුවේය. ඩොලර් මිලියන 36 ක් ලබමින් සිව්වැනි තැන දිනා සිටින්නේ විල් ස්මිත්ය. ටොම් හෑන්ක්ස් මෑතකදී රැඟූ ‘ලැරී ක්‍රවුන්’ සිනමාපටය ඩොලර් මිලියන 100 කට වඩා අඩු ආදායමක් ලැබුවත් ‘ටෝයි ස්ටෝරි’ හි වුඩ්ට හඬකවා විශාල ආදායමක් ලබයි. ඔහු ඉදිරියේදී ‘එක්ස්ට්‍රීම්ලි ලවුඩ් ඇන්ඩ් ඉන්ක්‍රෙඩිබිලි ක්ලෝස්’ සිනමාපටයේ සැන්ඩ්‍රා බුලොක් සමඟ රඟන්නට නියමිතය. ආදායම වැඩිම නළුවන් අතර ඔහු පස්වැනියාය.
කනිෂ්ඨ රොබට් ඩවුනි හත්වැනියා වී සිටින්නේ ඩොලර් මිලියන 31 ක ආදායමක් ලබමිනි. ‘අයන් මෑන්’, ‘ෂර්ලොක් හෝර්ම්ස්’ ඔහුට වාසනාව ගෙනා සිනමාපටයි. මාර්ක්ස් වෝල්බග් යට ඇඳුම් සම්බන්ධ මෝස්තර නිරූපණ ශිල්පියකු වුවත් ඔහුට රංගනයෙන් ද වාසනාව උදා වී තිබේ. ඔහු හොලිවුඩයේ අටවැනි ආදායම්ලාභියා වී සිටින්නේ ඩොලර් මිලියන 28 ක ආදායමක් ලබමිනි. නවවැනි ආදායම්ලාභියා ටිම් ඇලන්ය. ඔහුගේ ආදායම ඩොලර් මිලියන 22 ඛ්. දහවැනියා වී සිටින්නේ ටොම් කෲස්ය. ඔහු ලැබූ ආදායම ද ඩොලර් මිලියන 22 කි. ‘මිෂන් ඉම්පොසිබල් - ගෝස්්ට් ප්‍රොටොකෝල්’ සිනමාපටයෙන් ඉදිරියේදී ඔහුගේ දස්කම් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබෙනු ඇත. |