|
විශිෂ්ට සංගීත නිර්මාණයක ලකුණුතණ්හා රතී රඟා සමඟ එන කේමදාස දියණිය
ගයාත්‍රි
හෙළ සංගීත අඹර ඒකාලෝක කළ සොඳුරු ගාන්ධර්වයා . . . සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අති විශේෂ සලකුණක් සනිටුහන් කළ මේ විශිෂ්ට සංගීතඥයා පිළිබඳ අමුතුවෙන් සටහන් කරන්න අවැසි නොවේ. දශක පහක් පුරාවට අප සංගීත ක්ෂේත්‍රයට දායාද කළ අනඟි නිර්මාණ එයට සාක්ෂි දරනවා ඇති. කිසිවකට සම කළ නොහැකි වූ සුවිශේෂ නිර්මාණ සහ සංගීත සම්ප්‍රදායන් වගේම සංගීතයට ළැදි දියණියන් දෙදෙනකු දැයට දායාද කළ ආචාර්ය කේමදාසයන් හෙවත් මාස්්ටර් අප සංගීත ක්ෂේත්‍රයට ස්වර්ණමය සලකුණක්. එතුමාගේ බාල දියණිය ධනේෂා ගයාත්‍රි කේමදාස. තිරගත වීමට නියමිත ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ද ඇයගේය. මේ ගයාත්‍රි කේමදාස නම් වූ ඇය සමඟ කළ කතාබහක්.
තාත්තා සමඟින් ගෙවුණ කුඩා අවදිය සමඟින් කතාබහ ආරම්භ කරමු? අපි පොඩි කාලේ වැඩිපුරම කාලය ගත කළේ තාත්තා සමඟයි. ඉස්කෝලේ එක්කර ගෙන ගියේ තාත්තා. අක්කයි මමයි පංති එක්කරගෙන ගිහින් පංති ඉවර වෙනකල්ම තාත්තා එතන ඉන්නවා. මට මතකයි නිවාඩු දවස්වලට අපව සෙල්ලම් කරන්න පාර්ක් එකටත් එක්කරගෙන යනවා. අපි ඇඳුම් ගන්න ගියෙත් තාත්තා එක්කමයි. මං දන්නවා තාත්තාට කොච්චර වැඩ තිබුණත් අක්කයි මමයි එක්ක පුළුවන් උපරිමයෙන් කාලය ගත කළා. අපි පිටරට ඉගෙන ගන්න කාලෙදි පවා හැමදාම කතා කළා. ඔබේ තාත්තා අති දැවැන්ත පුරුෂයෙක්. ඒ දැවැන්ත බව ඔබලාගේ ජීවිතයට බලපෑවේ කොහොමද? සංගීතඥයෙක් විදියට තාත්තා ගැන මට අදහා ගන්නත් බැහැ. මං විදෙස් ගත වෙලා ඉගෙන ගන්න කොට තාත්තාගේ දැනුම ගැන පුදුමත් හිතුණා. මං හැමදාම කල්පනා කළේ ඔහුට මේ දැනුම කෙහොමද ලැබුණේ කියලා. ඇත්තටම ඒ ගැන හරිම ආඩම්බරයි. අක්කයි, ඔබයි සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ තාත්තා සංගීතඥයෙක් වීම නිසාමද? තාත්තා අපට කවදාවත් සංගීතය හදාරන්න කියලා බල කළේ නැහැ. ඒත් තාත්තාට උවමනාව තිබුණා. ඔහු ආසාවෙන් හිටියේ අපි දෙන්නම සංගීතය ඉගෙන ගන්නවා දකින්න. අක්කා අධ්‍යාපනය ලැබුවේ ගණිත අංශයෙන්. ඇය දැන් විදේශගතව ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරනවා. මම ගණිත, විද්‍යා විෂයන්වලට කැමැති නැහැ. ඒ නිසා සංගීත ක්ෂේත්‍රය තෝරා ගත්තා. රොහාන් ජෝශප් මහතාගෙන් පියානෝ වාදනය ඉගෙන ගත්තා. තාත්තාගේ ආභාසය වගේම පියානෝ වාදනය නිසා තමයි මම මේ සඳහා පෙලඹුණේ. තිරගත වීමට නියමිත ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඔබගේ. මීට පෙර ඔබ වෙනත් නිර්මාණ සඳහා දායක වෙලා තියෙනවාද? ලංකාවේදී නම් මම නිර්මාණවලට දායක වෙලා තියෙනවා. ඒ හැරුණාම අක්කයි මමයි තාත්තාගේ නිර්මාණවලට දායක වුණා. පිටරටදී නම් වාර්තා චිත්‍රපටවලට දායක වෙලා තියෙනවා. ඇමෙරිකාවේ සිටි කාලයේදී ‘පුලාන් දේවි’ ඔපෙරාව කළා. මෙම චිත්‍රපටය වෙනුවෙන් භාවිත කළ සංගීත ක්‍රමය ගැනත් සඳහන් කළොත්? යුද්ධය අවසන් වූ පසු සිදුවන සිදුවීම් පෙළක් පෙළ ගැස්වෙන කතාවක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. එහි ඛේදවාචකය සියුම් ලෙස පෙන්වන්න තමයි මට අවශ්‍ය වුණේ. එය මතු කරන්න පියානෝව සහ චෙලෝව තමයි ප්‍රධාන වශයෙන් මම යොදා ගත්තේ. එය සාර්ථක අන්දමින් නිර්මාණය කළා කියා මම හිතනවා.
ඇත්තටම මේ අවස්ථාව මට හොඳ අත්දැකීමක් වුණා. මම ලංකාවට එන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ තමයි නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා මට ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ සංගීීත අධ්‍යක්ෂණයට ආරාධනා කළේ. ඔහු මගේ තාත්තා සමඟත් කටයුතුª කරලා තියෙනවා. මේ වෙලාවේ අපිව මතක් වුණ එක ගැනත් සතුටුයි. කේමදාස මාස්ටර් ලංකාවේ සංගීතය නව මානයකට ගෙන ගිය අයෙක්. ඔබ එතැනින් ඔබ්බට යන්න උත්සාහ කරනවාද? තාත්තා සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කළ අයෙක්. ඒක එතැනින් එහාට ගෙන යන එක අසීරු දෙයක්. සංගීතය කියන්නේ එක් එක් සංගීතඥයාට ආවේණික වූ භාෂාවක් වගේ. ඒ නිසා මම ගයාත්‍රි කේමදාස විදියට මගේම දෙයක් ගොඩනඟා ගන්න කැමැතියි. අද ලංකාවේ තියෙන සංගීත රැල්ල ගැන මොකද හිතෙන්නේ? එක වෙලාවකට ලොකු දුකක් දැනෙනවා. අද ක්ෂේත්‍රයේ බොහෝදෙනා අතරේ නොදැනුවත්කම තියෙනවා. ඒ නොදැනුවත්කම එක්ක බය නැතිකම එකතු වුණාම හරිම භයානකයි. මගේ තාත්තා ඔපෙරාව හඳුන්වා දුන්නා. ජනතාව එය හඳුනා ගත්තා. බුද්ධිමත් ජනතාව නිසා එයට නිසි තැන ලැබුණා. තාත්තාගෙන් බිහි වූ ගෝලයන් බොහෝමයි. ඔවුන් එකතු කරගෙන වැඩක් කරන්න අදහසක් නැද්ද? මම ‘පුලාන් දේවි’ ඔපෙරාව කළේ කේමදාස පදනමේ ළමයි එක්ක. මේ දිනවල පදනම ක්‍රියාත්මක නැතත් ඉදිරියේදී එය යළි ආරම්භ කරන්න බලාපොරොත්තුª වෙනවා. පුලාන් දේවි නිර්මාණය කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේ දිනවල එය සිංහල භාෂාවට පරිවර්තනය කෙරෙමින් තියෙනවා. එහි සිංහල ඔපෙරාව ඉදිරියේදී පදනමේ ළමුන් සමඟින් කරන්න බලාපොරොත්තුª වෙනවා. මට හිතෙනවා ජීවත් වුණ ප්‍රේමසිරි කේමදාසයන්ට වඩා අප අතරින් වියෝ වූ ප්‍රේමසිරි කේමදාසයන් ගැන අගැයීම් වර්ණනා අපට අහන්න ලැබෙන බව තාත්තාගෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට නිසි ප්‍රයෝජන ගත්තා කියලා ඔබ හිතනවාද? ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා කියන්න බැහැ. ජනතාව පිළිඅරගෙන තියෙනවා තාත්තාගේ සංගීතය වෙනස් කියලා. මිනිසුන්ගේ පිළිගැනීම හැමදාම තිබුණා. ඒත් තාත්තාට පොඩි කලකිරීමක් නම් තිබුණා. මීට වඩා යමක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. අද තාත්තා කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්නවා නම් එය තවත් වැඩි වෙයි.
|