‘යාළු’ පෙන්වන්න සූදානම්
‘යාළු’ පෙන්වන්න සූදානම්
පී. යූ. ඩී. පෙරේරාගේ නවතම සිනමාපටය වන ‘යාළු’ හි සියලු වැඩ කටයුතු මේ වන විට නිම
වී තිබේ. ළමා චිත්‍රපටයක් වන එය තව නොබෝ දිනකින් තිරගතවීමට සූදානමිනි.
ජයතිලක කම්මැල්ලවීරගේ තිරකතා රචනයට අනුව නිර්මාණය වූ ‘යාළු’ සමඟින් දිගු කලකට පසු
සොමී රත්නායක රංගනයට ප්‍රවිෂ්ටව සිටී.
පාලිත සිල්වා, අමිත්ත වීරසිංහ, මීනා කුමාරි, සුරංගි රුවන්මලී, සුසිලා රත්නායක ඇතුළු
සහ උදාන ධනුෂ්ක පෙරේරා, ට්‍රෙනීසා මිෂෙල්, දිනුෂ මිදුවංක, නඳුන් සිතුමිණ, තනුෂ්ක
විමලරත්න, මහේල සල්ගාදු , උදයංගනී වසුදා විමලධර්ම යන ළමා නළුවන් රංගනයෙන් දායක
වෙති.
අධ්‍යක්ෂණය මෙන්ම කතා සංකල්පය, කැමරා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ද පී. යූ. ඩී. ගෙනි.
ඩී. කුමාර රාහුබද්දගේ කලා අධ්‍යක්ෂණයකි. වික්‍රමසිරි ජයවික්‍රම සහ රන්ජිත් සේනාරත්න
සහාය අධ්‍යක්ෂවරුන්ය. කුමාර ගලහිටියාවගේ අංග රචනයකි. රන්දික නදීශාන් සංස්කරණයෙන්
එක් වෙයි.
මහාචාර්ය සුනිල් ආරියරත්න, වසන්ත කුමාර කොබවක, නිලාර් එන්. කාසිම් ගී පද රචනා කොට
ඇත. ආචාර්ය වික්ටර් රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, මහාචාර්ය මුදියන්සේ දිසානායක
නැටුම් අධ්‍යක්ෂණයෙන් ද, ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද එක්ව ඇත.
ගීත ගායනා හංසිකා සඳලි ඩයස්, හරිනි රමාලි ඩයස් සජන සත්සර රත්නායක, සෙජිණි සත්සර
රත්නායක, චේතනී වන්දනා ගුණසේකර සහ විනුජ කරුෂ්ක ගුණසේකර ගීත ගායනයෙන් යාළු හැඩ
කරති.
- ප්‍රසාද්
සාරංග - අනර්කලී පෙම්වතුන් ලෙස රඟන
ඉට්ස් අ මැටර් ඔෆ් ලව්
9 දා මැජෙස්ටික් සිටි
රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයක්
මෙරට නිර්මාණය වූ ඉංග්‍රිසි චිත්‍රපටයක මුල්වරට තැනෙණ දෙවැනි කොටස ඉට්ස් අ මැටර්
ඔෆ් ලව් එළඹෙන මැයි මාසයේ 09 වැනි දින සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා
ශාලාවේදී තිරගතවේ. රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි සාරංග දිසාසේකර සහ
අනර්කලී ආකර්ෂා පෙම්වතුන් ලෙස රඟති.
විජය නන්දසිරි, ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ, රෝසි සේනානායක, රොනී ලීච්, කොරීන්
අල්මේදා, කේෂියා ලීච් ඇතුළු පිරිස සෙසු චරිත නිරූපණය කරති. නෙහාරා පීරිස් ද සිනමාවට
එක්වන්නේ මෙම චිත‍්‍රපටයෙන්.
රෝයි - සුමනාගේ නිෂ්පාදනයක් ලෙස කලඑළියට එන ඉට්ස් අ මැටර් ඔෆ් ලව් හි කතාව, දෙබස්,
තිර රචනය ද රෝයි ද සිල්වාගේය.
- ප්‍රසාද්
අවුරුදු දා
‘අපිටත් අවුරුදු’
ස්වර්ණවාහිනියේ

අලුත් අවුරුද්ද වෙනුවෙන් කුමාරසිරි අභයකෝන් අධ්‍යක්ෂණය කළ ‘අපිටත් අවුරුදු’ ඒකාංගික
ටෙලි සිතුවම මෙම මස 14 වැනිදා එනම් අලුත් අවුරුද්ද දා රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනී
නාලිකාවෙන් විකාශයවේ.
නිමල් පල්ලෙවත්ත, සුසන්තා චන්ද්‍රමාලි, තිසුරි යුවනිකා, ගයාත්‍රි රාජපක්ෂ, සෝමසිරි
ගමගේ, ආනන්ද සෝමසිරි සහ චනුරි ලියනගේ මෙහි රංගනයෙන් දායක වෙති.
රොෂාන්ගේ හෘද සාක්ෂිය 14 දා දෙරණේ
මාධ්‍යවේදී රොෂාන් අහංගමගේ ‘හෘද සාක්ෂිය’ නම් අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය මෙම මස
14 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය වේ.
ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දමයන්ති ෆොන්සේකා මෙන්ම නව පරපුරේ රංගන ශිල්පිනියක් වන
දිනක්ෂි ප්‍රියසාද් ‘හෘද සාක්ෂිය’ සඳහා රංගනයෙන් දායක වෙති. එමෙන්ම සුනිමල් රාජ්,
බන්දු ඉලේපෙරුම, ලලිතා චන්ද්‍රාණි, දිලුක්ෂ යහපත්, රිවී ජෝර්ජ්, සුදත් මහාධිගේ,
ඉමාෂා පේෂානි, චන්ද්‍රසිරි වික්‍රමසූරිය, අයේෂිකා රාජසූරිය, චම්මි අසංකා, සකුරා
විමලසේන, දේවිකා අරඹගේ, මදුෂ චාමික යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද රංගනයෙන්
දායක වේ.
කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය රොෂාන් අහංගමගෙනි. කැමරාකෝණ හා ආලෝකකරණයෙන් රුක්ෂාන්
අබේවංශත්, අංග රචනයෙන් ප්‍රියන්ත ඊෂ්වරත්, කලා අධ්‍යක්ෂණයෙන් දිලුක්ෂ යහපත් ද සහාය
වේ. සහාය අධ්‍යක්ෂණය අයේෂිකා රාජසූරියයි. සංස්කරණය කාවින්ද ධම්මිකයි. සංගීත සංයෝජනය
හා නාද ශික්ෂණය මහේෂ් ජයවර්ධනයි.
‘හෘද සාක්ෂිය’ ලාංකේය සියලුම ජන වර්ගයාගේ හෘද සාක්ෂිය නව අවුරුද්දේ අලුත් කිරීමේ
උත්සාහයක නිරත වේ.
- තිලානි ශානිකා විතානාච්චි
|