|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
Gone ‘ගෝන්’ හොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටයක්. හේටර් ධාලියා විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ අමන්දා සෙෆ‍්‍රිඩ්, ඩැනියෙල් සුන්ජාටා, ජෙනිෆර් කාපෙන්ටර්, වෙස් බෙන්ට්ලි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ. ‘ගෝන්’ මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ප්‍රොජෙක්ට් එක්ස්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. නීමා නරිෂාඩ් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 88 ක ධාවන කාලයකින් යුතු වේ. තෝමස් මාන්, ඔලිවර් කූපර්, ජොනතන් ඩැනියෙල්, කර්බි බ්ලිස් බ්ලෙන්ටන්, ඇලෙක්සිස් ක්නැප් ‘ප්‍රොජෙක්ට් එක්ස්’ හි ප්‍රධාන චරිත නිරූපණය කරති.
21 Jump Street ‘21 ජම්ප් ස්ට්‍රීට්’ හාස්‍ය රැගත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. පිල් ලෝර්ඩ් සහ ක්‍රිස් මිලර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 109 ක ධාවන කාලයකින් යුතුªවේ. ජොනා හිල්, චානින් ටැටුම්, බ්රී ලාර්සන්, ඩේව් ෆැන්කෝ, රොබ් රිගිල්, අයිස් කියුබ් ‘21 ජම්ප් ස්ට්‍රීට්’ හි රංගනයෙන් දායක වෙති.
October Baby ‘ඔක්තෝබර් බේබි’ පවුලේ හොලිවුඩ් චිත්‍රපටයක්. ඇන්ඩෲ අර්වින් සහ ජෝන් අර්වින් අධ්‍යක්ෂණය කළ මෙහි රැචල් හෙන්ඩ්‍රික්ස්, ජේසන් බර්කි, ජෝන් සැචෙන්ඩර්, ජැස්ටින් ගයි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ඔක්තෝබර් බේබි’ මිනිත්තු 107 ක ධාවන කාලයකින් යුතුª වේ.
‘ද කැබින් ඉන් ද වුඩ්ස්’ හාස්‍ය රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. ඩ්‍රිව් ගොගාර්ඩ් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටීන් කොනෝලි, ක්‍රිස් හෙම්වෝර්ත්, ඇනා හඩ්සන්, ෆ‍්‍රෑන් ක්‍රාන්ස්, ජේස් විලියම්ස්, රිචඩ් ජෙන්කින්ස්, බ්‍රැඩ්ලි විචිෆෝර්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ද කැබින් ඉන් ද වුඩ්ස්’ මිනිත්තු අනූපහක ධාවන කාලයකින් යුතු වේ.
Key Hole ‘කීහෝල්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. ගයි මේඩන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 93 ක ධාවන කාලයකින් යුතු වේ.
ජේසන් පැට්‍රික්,
Jolly L. L. B. ‘ජොලි එල්. එල්. බී.’ හාස්‍යමය හින්දි චිත්‍රපටයක්. සුභාෂ් කපූර් අධ්‍යක්ෂණය කළ මෙහි අර්ෂාඩ් වර්සි, අම්රිතා රාවෝ, හර්ෂ් චායා, බෝමන් ඉරානි, ෂවුරාබ් ශුක්ලා, මෝර්න් කපූර්, මනෝජ් පාහ්වා, විභා චිබාර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
Saheb Biwi Aur Gangster Returns ‘සහීබ් බිවි ඕර් ගැන්ග්ස්ටාර් රිටර්න්ස්’ ත්‍රාසජනක ක්‍රියාදාම හින්දි චිත්‍රපටයක්. තිග්මන්ෂු ධූලියා අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටයේ ජිමි ෂෙයිර්ගිල්, මානි ගිල්, ඉර්ෆාන් ඛාන්, සෝභා අලී ඛාන්, දිප්රාජ් රානා, රාජ් බාබ්බාර්, ප්‍රවේශ් රානා, රාජිව් ගුප්තා ප්‍රධාන චරිත නිරුපණය කරති. |




Project
X
The
Cabin in the Woods
ඉසබෙලා රොසෙල්ලිනී, ඉ්‍යුඩෝ
කීර්, කෙවින් මැක්ඩොනල්ඩ්, බෲක් පාල්සන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.