ප්‍රතිචාර
කලාකරුවන්ගේ
දේශපාලනය එපා
කලාකරුවකු සමඟ කරන පුවත්පත් සාකච්ඡාවකදී ඔහුගේ හෝ ඇයගේ කලා දිවියේ තොරතුරු මෙන්ම
කලාවේ රසමුසු තැන් සහ ඊට සබැඳි තොරතුරු අපි බලාපොරොත්තු වෙමු. එනමුදු එමඟින් ඔහුගේ
හෝ ඇයගේ දේශපාලන අභිමතාර්ථ සහ දේශපාලන මතයන් ඉස්මතු කරනවාට අප විරුද්ධ වෙමු. මන්ද
යත් කලාකරුවන්ගේ දේශපාලන කතන්දර අපට වැඩක් නැති හෙයිනි.
අචිනි විලෝකා
හොරණ
කිසිදා අමතක නොවේ
‘මේ නගරය’, ‘මා සනසා’ වැනි ගී ගැයූ අසහාය ගායක මර්වින් පෙරේරා වියෝ වී වසර තුනටත්
වඩා වැඩි වුවත් ඔහුගේ ගීත සදාකාලික බව කිව යුතුය. රසික රසිකාවන්ට කිසිදා අමතක වන
ගායකයකු නොවන බව ද නිසැකය.
වියානි ගුණවර්ධන
ශීලා වැන්ඩර්ලන්
වෙන්නප්පුව
තරු අතරේ
තරුවක්
උද්දික ප්‍රේමරත්න රංගන ශිල්පියාට,
ඉතාම කෙටි කලකින් ප්‍රේ්ෂකයන් රැසක් තමාට නතු කරගත් ලැබෙන චරිතය තුළ ජීවත් වෙමින්
ඊට මනා සාධාරණයක් ඉටු කරන ඔබ සැබෑ දක්ෂයෙකි. මේ සුරම්‍ය පාරාදීසය ටෙලි සිතුවමේ රඟන
චරිතය ඔබේ රංගනයට හොඳ නිදසුනකි.
ක්ලෝඩ් ද ලිවේරා
නාලිනී ද ලිවේරා
මීගමුව
විශිෂ්ට සේවාවක
නියැළීමට හැකි වේවා
සිංහල භාෂා විශාරදවරයකු ලෙස වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට මෙහෙවරක නිරත
සම්මානනීය මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් වියතාණන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ
සාමාජිකයකු ලෙස පත් කළ පුවත අසා දැඩි සතුටට පත් වීමු.
එය සුදුස්සාට සුදසු තැන
ලැබේවා යන ප්‍රාර්ථනය මල්ඵළ ගැන්වීමකි. සිංහල භාෂා ප්‍රවීණත්වය ලද අතළොස්සක් පිරිස
අතර ඔහුගේ සේවාව බොහෝ අවස්ථාවන්වල නිසි අගැයීමට ලක් වී ඇත.
සිංහල සහ දෙමළ ග්‍රන්ථ
රැසක කතුවරයකු වන ඔහු සිනමා සහ ටෙලි නිර්මාණ රැසක ගීත රචනා කොට ඇත. බුන්කා, රාජ්‍ය,
සිග්නීස් ආදී සම්මානයන්ගෙන් පිදුම් ලැබූ නිලාර්ට තවත් මෙරට වෙනුවෙන් විශිෂ්ට සේවාවක
නියැළීමට හැකි වේවා යැයි ද පතමි.
හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය
දූවේ පාස්කු නාට්‍ය සහ
පසන් ගී කලාව
සම්පතකි
මීගමුව දූවේ පාස්කු සන්දර්ශනයට ඇත්තේ මීගමුවට සීමා වූ කලාවකි. මෙම නාට්‍ය පිළිබඳව
කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විවිධ අගැයීම් කර ඇත. පාස්කු නාට්‍ය කලාවට අනුරූපී ශෛලයන්
මෙරට විවිධ නාට්‍ය තුළ දක්නට ඇත. එමෙන්ම පාස්කු නාට්‍ය කලාව ද සමඟින්ම පසන් ගී කලාව
ද ඇති බව කිව හැකිය.
මීගමුව පුරවරය කලාවට කළ සේවය කොතෙක් ද එසේම මෙම දූවේ පාස්කුª
නාට්‍ය සහ පසන් ගී කලාව ද අපගේ ලාංකික කලා බිමට දායාද කළ සම්පත් ද අපමණය.
අජිත් ලක්මාල්
මීගමුව
දිනේෂ් යළිත්
ගී ලොවට එන්න
‘මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්’ ගීතයෙන් රටක් නැළ වූ දිනේෂ් නානායක්කාර රසික අපට
කඳුළු තිළිණ කර ක්ෂේත්‍රයෙන් නොකියාම ගිහින්. ආයෙත් ඔහුගේ ගී හඬ අහන්නට ආසයි.
කරුණාකර ආයෙත් ගී ලොවට වඩින්න. ඊයේ පෙරේදා කඩාපාත් වූ සුපිරි තරුවලට වඩා දිනේෂ් වගේ
ගායකයකු අපට රටක් වටිනවා.
සුසන්ත සම්පත්
පිටිගල
බී. එස්.
දැක්කත් හිනා
‘ධීවරයෝ’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බී. එස්. පෙරේරා දැක්කත් අපට එදා සිනා පහළ
විය. ඔහුව සිහිපත් කිරීමකි මේ.
කපුගොඩ
මාළිඳ
කරට කර
සටන් අගයමු
සිංහල සිනමාවේ නළුවන් සමඟ කරට කර සටන් කළ විල්සන් කරු, ටෙඩී විද්‍යාලංකාර,
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුමිත් මුදන්නායක, ගාමිනී කුමාර, ලාල් කුමාර, සිසිර
කුමාරතුංග වැන්නවුන් අගයමු.
නවරත්න
කුරුණෑගල
මේ SMS ප්‍රතිචාර
තීරයයි
උමා, ගාන තෙල් සඳුන් වරලස ආදී ගී ගැයු සමන් ජයනාත් ජිනදාස කලාකරුවාණෙනි, නිතර නිතර
දකිනවාට වඩා නිර්මාණයක් කරමින් අප හමුවට පැමිණීමි අගය කරමි. තවත් හරවත් ගීත
බොහොමයක් අප වෙනුවෙන් ගයන්නට යැයි ඉල්ලීමක් ද කරමි.
මාන්නප්පෙරුම
හසලක
හමුවන්නට සමු ගන්නට ඇවිත් යන එන (දුම්රියපොළ සරසවි උයන) දකුණේ පිං ඇති පිංබිම
වැවුරුකන්නල, කණ්ඩලමේ වැව බලන්න වැනි ගී රැසක් රචනා කළ කවිකීර්ති හිමිපාණන්
පසුගියදා අපවත් වූහ. උන් වහන්සේ මෙරට ගී ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා හුදකලා සටනක් කළ
හිමිනමක් බව මාගේ මතයයි. බොහෝ දෙනකු කවිකීර්ති හාමුදුරුවෝ ලියූ ගීත විවේචනය කළෝය.
එනමුදු නොසැළුණු උන් වහන්සේ තව තවත් තමන්ගේ වචනවලින් ගී ලියූහ.
තනමල්විල මල් පිපුණත් තහනම් නීතියට ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට, වැනි
උන්වහන්සේගේ පදමාලාවන්හී හොඳ අර්ථයක් ද ඇති බව කිව යුතුය. ‘කිරි වෙහෙරට ඉහළින් දඟ
කරන සඳවතී – වැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති’
මේ හිමියන් ලියූ තවත් අපූරු ගීතයකි. මෙවන් සොඳුරු ගීත ලියූ කවිකීර්ති හිමියන්ට
අජරාමර නිවන්සුව අත් වී සසර කතරෙන් එතෙරවීමට හැකි වේවා යැයි අවසන් කොට මම
ප්‍රාර්ථනා කරමි.
සංජීව
මහර
අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය තමා නිර්මාණය කළ රන්කෙවිටධ්ධ් ඊ. ඒ. පී. මණ්ඩලයෙන්
ඉවත්කර ගැනීම පිළිබඳ සතුටු වෙමි. අප වෙනුවෙන් ගත් එම තීරණයට හිස නමා ආචාර කරමි.
කසුන්
දිද්දෙණිය
සුමනා ගෝමස් ලංකාවට පැමිණි නමුදු ඇයට කිසිදු නිර්මාණයකට දායකවීමට නොහැකි විය. ආයේ
ඇය මෙරටට පැමිණියොත් ඇගේ රංගන හැකියාව ගැන අධ්‍යක්ෂවරුන් අවධානය යොමුකරන්න යැයි
ඉල්ලා සිටිමි.
කරු
මුරුගේවත්ත
ප්‍රියමනාප වූ පමණින් අයකුට නළුවකු විය නොහැක. හැකියාව ද තිබිය යුතුය. මේ දෙකම
පිහිටි එකම නළුවකු මා දකිමි. ඒ අන් කවරකු නොව ගයාන් වික්‍රමතිලකයි.
මනෝජ්
වික්‍රමසිංහපුර
සිබිල් වෙත්තසිංහ කලාකාරිනියට දීර්ඝායුෂ පතමි. අප පුංචි කාලයේ ලොව දුටුවේ ඔබේ තෙළි
තුඩිනි.
ප්‍රසන්න
උඩුදුම්බර
ලයනල් රන්වලගේ මෙහෙවර ඉදිරියට කරගෙන යන සහන් රන්වලට,
ඔබේ ජන ගී කණ්ඩායමේ හැකියාව හරිම අගෙයි. වර්තමාන පරපුරෙහි මෙතරම් දක්ෂයන් ඉන්නවාද
කියලා හිතා ගන්නවත් බැහැ. ගොමරිටි අතරින් මැණික් කැට මතු කර ගන්නට ඔබලා දරන වෑයම
ප්‍රසංසනීයයි.
උදාර
තලවතුගොඩ
ඇනෙස්ලි, බර්ටි, සැමුවෙල්ගෙන් පසුව ගුවන් විදුලියෙන් අපිව හිනැස්සුවේ සුනෙත්,
ගාමින්ද නොහොත් පොඩි මල්ලියි චූටි මල්ලියි.
කේෂාන්
මාළිගාවත්ත
ලංකාවේ චිත්‍රපටවලට ඉන්දියාවේ නළු නිළියන් එපා.
දික්කුඹුර
මාතර
දූ දරුවෝ, අසල්වැසියෝ, පිටගම්කාරයෝ වැනි ටෙලි නාට්‍ය ඩී. වී. ඩී. ගත කරන්න.
විසල්
දඹුල්ල
‘සයුරේ රළ සේ, අහසේ තරු සේ, මිතුදම් පවතියි ලොව සැමදා’ ගීතය නෙළු හොඳීන් ගයා
තිබෙනවා. මිතුදම ගැන මිට වඩා විස්කර කරන තවත් ගීතයක් නැති තරම්.
වාසනා ලක්මාලි
වරකාපොළ
භාග්‍යා ගුරුසිංහ පුංචි තිරයේ පානා දඟකාරකම් අපව මුසුපත් කරනවා.
දර්ශන මධුර
පිළියන්දල
කවුරු මොනවා කිව්වත් ජෝතිපාල තමයි රියල් සුපර්ස්ටාර්.
ඇන්ටන්
මීගමුව
ඉස්සර තරම් ළමා ගී දැන් ප්‍රචාරය වන්නේ නැහැ. කොන්ද නමාගෙන, කුරුම්බැට්ටි මැෂිමේ,
සීනි බෝල හෝටලේ වැනි ගීත කොතරම් අපූරුද?
මනීෂා
මොරටුව
නැවුම් අදහස් ප්‍රතිචාර පිටුවට බෙහෙවින් වටී. සාම්ප්‍රදායික සුබපැතුම්වලින් බැහැරව
කලාවෙහි විවිධ ඉසව්,
කලාකරුවන් පිළිබඳ වෙනස්ම ‘ප්‍රතිචාර’ තුළින් තව තවත් හැඩ ගැන්වෙනු ඇත.
එවන් වූ ඔබේ අනගි අදහස් ක්ෂණිකව 0752805047 යන අංකයට යොමු කරන්න.
මෙම අංකය ප්‍රතිචාර කෙටි පණිවුඩ සඳහා පමණක් බව ද සඳහන් කරමු. එයින් වෙනත් විමසීම්
නොකරන ලෙස ද ඉල්ලා සිටිමු.
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන්පත් වෙනුවෙනි.
ප්‍රතිචාර සැකසුම
ප්‍රසාද් සමරතුංග
|