|
|
Cover Profile
මවගේ අඩි පාරේ යමින් අද වන විට තිසුරිත් සිය රංගන හැකියාව පුංචි තිරයේ වගේම රිදී තිරයේත් එක ලෙස ගෙන හැර දක්වන්නීය. ඇහිපිල්ලමක් යට, සවීනා, වන්දනා, බොරලු පාර, ඉඳුවරී වැනි ටෙලි සිත්තම් රැසකින් ඔබ හමුවට ආ තිසුරි මේ දිනවල තූර්යා ටෙලි නාට්‍යය ඔස්සේ ඔබ හමුවට එන්නීය. සිනමාවට ද පිවිසෙමින් ඇය කුඩා අවධියේදී සුදත් දේවප්‍රියගේ ‘උඩුගං යාමය’ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ජනාධිපති කුසලතා සම්මානයක් දිනා ගැනීමට ද සමත් වූවාය. පසුගිය වසරේ තිරගත වූ ‘දරුවනේ’ චිත්‍රපටයේ ද අපූරු මතක සටහන් රැසක් රිදී තිරයේ සනිටුහන් කළ තිසුරි යුවනිකා සාර්ථක රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවේ දිගු ගමනක් යන්න සූදානම්. අද සරසවිය මුල් පිටුව සැරසෙන්නේ තිසුරිගේ අලංකාර සේයා රුවකිනි.
|



තිසුරි යුවනිකා. ඇය පුංචි තිරයේ අහිංසක යුවතියක්. තිසුරි කලා ලොවට පය තැබුවේ වයස
අවුරුදු පහක තරම් පුංචි වයසකදී. ඒ කුමාරසිරි අභයකෝන්ගේ ‘ඊශ්වර සති’ ටෙලි
නාට්‍යයෙන්. එහිදී ඇයගේ මව වන ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි සමඟින් අම්මයි –
දුවයි ලෙස ඇය රංගනයෙන් දායක වුණා.