|
|
‘මාත් එක්කත් නටන්න’ පුහුණුවීම් කළ අපූරුව
දීපාල් එක්ක
දැවැන්තයෝ රැසක්
ජයලාල්ගෙන් මදුරුවන් අල්ලන මැෂිමක් සිනමා හා ටෙලි නාට්‍ය දර්ශන තළයන්හී සිදුවන බොහෝ අපූරු විස්තර සහ රසවත් සිදුවීම් සරසවිය ඔස්සේ ඔබ වෙත ගෙන ආවෙමු. අප මෙවර ගෙන එන්නේ වේදිකා නාට්‍යයක පුහුණුවීම් අතර සිදුවුණ අපූර්ව සිදුවීම් පෙළකි. එය ඔබට අලුත් අත්දැකීමක් වන බව නම් නොඅනුමානයි. අප කර්තෘ අරුණ ගුණරත්නයන්ගෙන් මා වෙත පැවරුණු ඒ නුහුරු අත්දැකීම විඳ ගැනීමට ක්ෂණිකව මා ද කැමැත්ත පළ කළෙමි. ‘මාත් එක්කත් නටන්න’. මේ ඒ වේදිකා නාට්‍යයේ නමය. දීපාල් අපෝන්සු එය අධ්‍යක්ෂණය කරනු ලබයි. බොහෝ කලකට පසු දක්ෂයන් රැසක් එක් වී වේදිකාවට ගෙන එන ප්‍රහසනාත්මක නාට්‍යයක් වන ‘මාත් එක්කත් නටන්න’ අපූරු එකක් වේ යැයි මා අනුමාන කළේ එයට දායක වන පිරිස හඳුනාගෙනය. ජයලාල් රෝහණ, රොඩ්නි වර්ණකුල, රත්නශීලා පෙරේරා, ගංගු රොෂානා ඒ අතර සිටියි. නව පරපුර නියෝජනය කරන කඩවසම් යෞවනයකු ද ‘මාත් එක්කත් නටන්න’ සමඟින් වේදිකාවට අවතීර්ණ වෙයි. ඔහු හේමාල් රණසිංහයි. ඔහුගේ පළමු වේදිකා නාට්‍ය රංගනය සිදුවන්නේ මෙම නාට්‍යය ඔස්සේය. හේමාල්ට අමතරව මෙහි අධ්‍යක්ෂ දීපාල් ද රංගනයෙන් දායක වනු ඇත.
දීපාල්ට දුරකථන ඇමතුමක්දී නාට්‍යය පුහුණුවීම් කෙරෙන දිනයන් බලා මම එතැනට පිය නැගුවෙමි. මගේ සහායට අප ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්නත් මේ ගමනට සහභාගී විය. හිරු සැඟවෙන්නට හෝරාවක් පමණ තිබියදී අපි දෙදෙනා එම විහාරයට ඇතුළු වුණෙමු. ‘මෙන්න හොරෙක්, හොරෙක් ,හොරෙක්, අනේ මාව බේරා ගනියෝ, හොරෙක්’ මුළු විහාර භූමිය පුරා ඒ හඬ පැතිරිණි. අවට සිටියෝ කෙතරම් කලබලවීද යත් අප දෙදෙනාව ද පෙරළාගෙන හඬ ආ දෙසට දිව යාමට උත්සාහ කළෝය. මෙවන් වූ ශුද්ධ භූමියකට හොරකු ඇතුළුවීමට කිසිසේත්ම ඉඩක් නැත. මේ නාට්‍යයේ දෙබසක් විය යුතුය. එහෙයින් තැති ගැනීමක් නොවූ අපි පන්සලේ ශාලාව වෙත ගියෙමු. එතැන සෙනඟ පිරී ඇත. සමහරෙක් ඒ දෙසට අත දිගුªකොට මොන මොනවදෝ කියා ඉවත්ව ගියහ. බයවෙන්න එපා. අපි නාට්‍යයක් පුරුදු වෙනවා. ඒකෙ තමයි අර විදිහේ දෙබසක් තිබුණේ. දීපාල් ශාලාවේ දොරකඩ අසල අදහස් පැහැදිලි කිරීමක් කරමින් සිටියි. අපව ඔහු දුටුවේය.
යමු ඇතුළට. ඔහුගෙන් ආරාධනයකි. කොහොමද රොඩ්නිගෙ දෙබස් කියවිල්ල. පන්සලේ හිටිය හැමෝම බය වුණා නේද? දීපාල් කතාවට ප්‍රවේශයක් ගත්තේය. අවට බැලූ මට ගංගු, හේමාල් සහ රත්නශීලා සිනහවකින් සංග්‍රහ කළෝය. මම ළඟ තිබූ පුටුවක් ඇද වාඩිවීමට හැදුවෙමි. හා හා හා, ඔය පුටුවේ වාඩිවෙන්න එපා. ගංගු මාව වලකාලීය. ඇයි ඒ? තව පොඩ්ඩකින් බලන්නකෝ’ ජයලාල් ද පැමිණියේ ද ඒ වෙලාවේය.
හප්පේ . . . . හරිම මහන්සියි. එලෙස පවසමින් ඔහු මා වාඩිවීමට උත්සාහ ගත් පුටුවේම වාඩිවීමට හැදුවේය. අයියෝ එදා පාර තව එක්කෙනෙක් වාඩිවෙන්න හදනවා. ඔය පුටුවෙ වාඩිවෙන්න එපා වෙන එකක වාඩිවෙන්න. පෙර මෙන්ම ගංගු ජයලාල්ගේ උත්සාහය ද වලකාලීය. එන්න එන්න තේ බොන්න. රොඩ්නි තාලයකට අපට තේ බොන්න ආරාධනා කරයි.
දැන් බිම් කළුවර පොළව සිපගන්නා වේලාව එළඹ ඇත. පුහුණුවීම්වලට බාධා වන අයුරින් මදුරුවෝ ද එහෙ මෙහෙ පියා සලමින් සිටිවුන්ගේ ඇෙඟ් වසයි. එය දුටු ජයලාල් රෝහණ මදුරුවන් එළවීමේ වගකීම බාර ගත්තේය. ඔහු පරණ පිඟානකට පොල් තෙල් තවරා අවට පවන්සලනවා මෙන් එහෙ මෙහෙ කළේය. සැනෙකින් මදුරුවන් රැසක්ම එහි ඇලිණ. එයට අප සැමගෙන් ප්‍රසංසාව හිමි විය. මේ අතරවාරයේ දඩස් යන හඬක් නැඟිණ. දීපාල් වාඩි වී සිටි ප්ලාස්ටික් පුටුවෙහි කකුල් හතර හතර පැත්තට ගොසිනි. එය ගංගු අපට වාඩිවන්නට නොදුන් පුටුව වග මට දැන් පැහැදිලි විය. මං මේක ගෙනාවේ අපේ බෑග් තියන්න. මට දීපාල් අයියාට විතරයි කියන්න බැරි වුණේ මේ පුටුවෙ වාඩිවෙන්න එපා කියලා. ගංගු පැවසීය. අපේ දෑත් වාරුවෙන් දීපාල් යළි නැගිට්ටේය. ඔහු ඇඟේ හිරිඇර පුහුණුවීම් යළි අරඹන්නට විධානය දුණි. ගංගු සහ හේමාල් නැටුමක ජවනිකාවක් පටන් ගත්තේය. මේ අතර රොඩ්නිගෙන් විහිළු කතන්දර රැසකි. අමිත් අපට අවැසි පරිදි ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව සොඳුරු අත්දැකීම් රැසක් විඳි අපි එතැනින් නික්ම ගියෙමු. රියැලිටි වැඩ සටහනක් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ මාත් එක්කත් නටන්න හි මංගල දර්ශනය මෙම 05 වැනිදා සවස 6.30 ට කොළඹ ලුම්බිණි රඟහලේදී පැවැත්වීමට නියමිතය. එහි අපූූර්වත්වය සියැසින් දැක බලා ගැනීමට ඔබට එදින හැකි වනු ඇත. ‘මාත් එක්කත් නටන්න’ හි තිරය පිටුපස පිරිවර සංගිීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ. නැටුම් නිර්මාණය දුමින්ද දර්ශන. වේදිකා නිර්මාණ අංග රචනය ජයලාල් රෝහණ, වේදිකා පරිපාලනය රංජිත් පුෂ්පකුමාර, පූජන දන්දෙණිය. නිෂ්්පාදනය අනුෂා රණතුංග. රචනය අසංග නානායක්කාර.
|




මූලික තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව මම නාට්‍යයේ පුහුණුවීම් කෙරෙන තැන සොයා ගතිමි.
ඒ නුගේගොඩ පැපිලියානේ සුනේත්‍රාදේවි රජ මහ විහාර ශාලාවෙහිය.


මා තේ එක අතට අරන් බිව්වේ තරමක් අපහසුවෙනි. සියල්ලෝම යළි තමන්ට අවශ්‍ය පරිදි කළමනා
යළි තේ එකට දමා ගනියි. මම ද එලෙස කළෙමි. පසුව සොයා ගත් කරුණු අනුව අපට තේ හදා ඇත්තේ
එතැන සිටි රංගන ශිල්පිනියකි.