සිංහල සිනමා විස්තරය - 107
සිංහල සිනමා විස්තරය - 107
රිදීතැල්ල
තිරගත වූ දිනය – 1981 අගෝස්තු 21
ඉදිරිපත් කිරීම - සරසවි නිර්මාණ
නිෂ්පාදනය – ආතර් යූ. අමරසේන, කේ. එස්. පෙරේරා
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
කතාව සහ තිර නාටකය - ශ්‍රියාණි අමරසේන
සහාය අධ්‍යක්ෂණය –
අශෝක නිශ්ශංක, ප්‍රේමදාස හේවාකුරුප්පු
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
සංස්කරණය - කොලින් පෙරේරා
අංග රචනය – ඊබට් විජේසිංහ
නිෂ්පාදන කළමනාකරණය –
කිත්සිරි සමරනායක, ගාමිණී පතිරණගේ
සටන් ජවනිකා නිර්මාණය – ගාමිණි ෆොන්සේකා, මර්වින් ජයතුංග
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන
නිශ්චල ඡායාරූප – තිලක් රත්නායක
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – වටරැක ප්‍රේමදාස
සංගීත අධ්‍යක්ෂණය – සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, සිරිකුලරත්න
ගීත හා ගායන ශිල්පීන් –
වුවන විදා සිඟිති සිනායා - වික්ටර් රත්නායක
ඔලිඳ කැලෑවේ (දරු නැළවිලි) – නීලා වික්‍රමසිංහ
පුංචි කුරුල්ලෝ - එච්. ආර්. ජෝතිපාල
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, ලයනල් දැරණියගල, රවීන්ද්‍ර රන්දෙණිය, සොමී
රත්නායක, මර්වින් ජයතුංග, රත්මලී ගුණසේකර, ජයසේකර අපොන්සු, දෙනවක හාමිනේ, සේනක
පෙරේරා, බන්දුල ගලගෙදර, සීතා කුමාරි, සරච්චන්ද්‍ර පත්තඩුවන, වේහැල්ලේ පියතිලක,
ශ්‍රීනාත් මල්දෙනිය, ෂම්මි කුමාර්, ඉනෝකා අමරසේන, මනෝජ් පෙරේරා, කසුන් මධුරසිංහ,
නාලක සල්ගාදු, බී. ඇස්. පෙරේරා, මියුරි සමරසිංහ, දර්ශන පනංගල, අශෝක හේවාවිතාරණ,
මෝතිලාල් ගුණසේකර, උදයකුමාර සෙනරත්, එච්. ආර්. ජෝතිපාල (ගරු රඟපෑම්)
ප්‍රදර්ශනය – රිට්ස් - බොරැල්ල, අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, රොක්සි - වැල්ලවත්ත, ජයන්තා
- ගම්පහ, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, නිව් ඉම්පීරියල් - අවිස්සාවේල්ල,
රත්නාවලී – ජාඇල, නිව් සීගිරි – කටුගස්තොට, ක්වීන්ස් - ගාල්ල, අනුර – අම්බලන්ගොඩ,
නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා වෙන්නප්පුව, ශ්‍රී මහල් - කුලියාපිටිය
බාඳුරාමල්
තිරගත වූ දිනය – 1981 අගෝස්තු 28
ඉදිරිපත් කිරීම – පතිරූ චිත්‍රපට
නිෂ්පාදනය – ආරියරත්න පෙරේරා
අධ්‍යක්ෂණය - ගාමිණී ෆොන්සේකා
කතාව, දෙබස්, තිර නාටකය – දයා රාජපක්ෂ
සහාය අධ්‍යක්ෂණය – රත්නකුමාර රත්නසේන
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්,
චන්ද්‍රසේන රූපසිංහ
අංග රචනය - කේ. සුබ්බයියා
කලා අධ්‍යක්ෂණය - දයා රාජපක්ෂ
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු – එස්. තිරුනාවුකරසු
සැකසුම – විජය චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – මයිකල් වික්ටෝරියා
සංගීත අධ්‍යක්ෂණය – ලයනල් අල්ගම
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න
ගීත ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව,
අමිතා වැදිසිංහ
භවෙන් භවේ යන ගමනේ - ඩබ්ලිව්. ඩී. අමරදේව
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා (කීරකොටුවේ ආරච්චි), සොමී රත්නායක (සනා), ටෝනි රණසිංහ (සත්ගම
මුදලාලි) , ධර්ම ශ්‍රී මුණසිංහ (කීරකොටුවේ රාල), වීණා ජයකොඩි (උමා) , අකුෂ්ලා
සෙල්ලයියා (ටීනා), ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, විජේරත්න වරකාගොඩ, විමල් කුමාර් ද
කොස්තා, ජී ගුණවර්ධන, ජයසේකර අපොන්සු
පිටපත් මුද්‍රණය – විජය චිත්‍රාගාගරය – හැඳල
ධාවන කාලය – පැය 2 විනාඩි 20
ආරම්භක ප්‍රදර්ශනය සිනමා ශාලා 14 කදී
ගාමිණී, ප්ලාසා අනූෂා - මහරගම, විජයන්ති – කඩුවෙල, රාජ් – මීගමුව, සමුද්‍රා -
වත්තල, චිත්‍රා - කළුතර, එස්. කේ. සිනමා - මාතර, ඕඩියන් – මහනුවර, ටජ්මහල් - මාතලේ,
විජය - අම්පාර, සිනෙස්පෝ - කුරුණෑගල, විජේන්ද්‍ර – අනුරාධපුරය, ටාසන්- කෑගල්ල,
මහලේකම් – කුලියාපිටිය
ගීතිකා
තිරගත වූ දිනය – 1981 සැප්තැම්බර් 09
ඉදිරිපත් කිරීම – වයි. එන්. චිත්‍රපට
කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
නිෂ්පාදන සහාය – උපාලි අමරතුංග
සහාය අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
සංස්කරණය - ටී. භවානන්දන්
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ගීත අංග චලනය හා නැටුම් - රොනල්ඩ් ප්‍රනාන්දු
ගීත පටිගත කිරීම හා ශබ්ද පරිපාලනය -
ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම - සෙන්ට් ජෝන්
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය – ලයනල් සිල්වා
කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විස්, ඩී. එන්. එෆ්. චිත්‍රපට, සමන්චාරා
චිත්‍රපට
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ,
දයා ආනන්ද රණසිංහ
ගීත හා ගායන ශිල්පීන් -
ආශාවේ සිතුවම් මැකිලා -
එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සිහිනයක්දෝ සුර පුරක්දෝ -
එච්. ආර්. ජෝතිපාල
හද ගුවන් තලාවේ – ඇන්ජලින් ගුණතිලක
(මෙම ගීතය අවස්ථා දෙකකදී ගැයේ)
නළු නිළියන් -
විජය කුමාරණතුංග (සම්පත්), මාලිනී ෆොන්සේකා (සමන්ති), අනෝජා වීරසිංහ (නාලිකා),
විමල් කුමාර් ද කොස්තා (පියදාස), ෆේරඩී සිල්වා (සිල්වා මහත්තයා), මාක් සමරනායක
(මිස්ටර් සමරනායක), සුනිල් සෝම පීරිස්, හර්ෂන නානායක්කාර, දෙනවක හාමිනේ, ලිලියන්
එදිරිසිංහ, බී. එස්. පෙරේරා, දොන් බොස්කෝ, රන්ජිත් බෝගොඩ, කිංස්ලි දිසානායක
ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන්- ග්‍රෑන්ඩ්පාස්, විජිත –
රත්මලාන, කුවින්ලන් – නුගේගොඩ, රීගල් - මීගමුව, පබ්ලික්හෝල් - ගම්පහ, අප්සරා -
හෝමාගම, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් – හලාවත,
ප්‍රින්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල
දයාබර නිලූ
තිරගත වූ දිනය – 1981 ඔක්තෝම්බර් 10
ඉදිරිපත් කිරීම – ඇන්. ජේ. චිත්‍රපට
නිෂ්පාදනය – නන්දසේන ජයවීර
ගීත රචනය, කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – කඳපොල කුමාරතුංග
කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය –
ඩිල්මන් ජයරත්න
කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන
සංස්කරණ සහාය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - ලෙනී කුරුප්පු
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
ශබ්ද මිශ්‍රණය – එස්. සාරංගරාජා
රසායනාගාර පාලක -
ඇස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී)
ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගූ, කේ. ඩී. ජයසේන
රසායනාගාර සහාය – ඇම්. ජී. මුත්තුසාමි, එන්. යෝගරාජා, රන්දෙනි ජයවර්ධන, එච්.
ඩේවිඩ්සන් සිල්වා
සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල
විදුලි කාර්මික – යාපා ජයවර්ධන
කාර්මික සේවය – ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රඩක්ෂන්
කාර්මික සහාය - කේ. ඩී. ආරියපාල
ගීත පටිගත කිරීම –
යූ. ආරියවිමල්, ඩොනල් අයිවන්
ඇඳුම් නිරිමාණය - අනුලා පරකැටවැල්ල
කොණ්ඩා මෝස්තර –
හේවා මැණිකේ පරකැටවැල්ල
නිෂ්පාදන කළමනාකරු - සේනාධීර කරුණාරත්න, සහාය - ධර්මසේන නානායක්කාර
සංගීත අධ්‍යක්ෂණය – නිමල් පෙරේරා
නිශ්චල ඡායාරූප - කේ. ඒ. ධර්මසේන
ප්‍රචාරක කළමනාකරු - ප්‍රැන්ක්ලින් ප්‍රනාන්දු
ධාවන කාලය – පැය 2 වි. 10 දිග අඩි 12600
ගීත -
ජීවන වසන්තේ මල් ගොමුවේ – ලතා වල්පොල
සයුරේ නිම් තලේ - ටී. එම්. ජයරත්න,
නීලා වික්‍රමසිංහ
ආශා නෙත් සයුරේ – මර්වින් පෙරේරා,
ලතා වල්පොල
සුසුම් ලැගුම් ගත් මහද කුටිය – ලතා වෙල්පොල
සැඩ මාරුතයේ හමා ගියේ - මර්වින් පෙරේරා
නළු නිළියන් -
කාන්ති ලංකා, ලයනල් දැරණියගල, ස්වර්ණා කහවිට, රීටා රත්නායක, අනෝජා වීරසිංහ,
කරුණාරත්න හඟවත්ත, සුදේශ් ගුණරත්න, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, බන්දු මුණසිංහ,
වින්සන්ට් වාස්, ජයසේකර අපොන්සු, සේනාධීර කුරුප්පු, චන්ද්‍රපාල විජේසූරිය, රත්නාවලී
කැකුණවෙල, පද්මා විදානගමආරච්චි, ශාන්ති කොතලාවල, ශාන්ති මැනුවල්ස්, ශිරන්ති
නානායක්කාර, අරලියා රත්නායක, රම්‍යා ගල්කොටුව, ගංගා ගුණසේකර, කුමුදිනී දිසානායක,
ශ්‍රීනාත් මල්දෙණිය, ඒ. ඩබ්ලිව්. කේ. ෂෙල්ටන්, නිමල් ආරියවංශ, ජී. ඩී. ජයතිලක,
සිරිල් විදානගමආරච්චි, එල්. එම්. පෙරේරා, සුමන බණ්ඩා පරකැටවැල්ල, රත්නපුරේ ජයසූරිය
ආරම්භක සිනමා ශාලා - ගැමුණු - වත්තල, සරසවි - ගාල්ල, එල්ෆින්ස්ටන් – මරදාන, ටවර් -
මොරටුව, සිත්තම්පලම් – අනුරාධපුරය, ඉම්පාලා රාජගිරිය, නිව්මිනර්වා - කළුතර, ජෝති –
රත්නපුරය, ට්‍රියෝ - දෙහිවල, වේල්ස් - මහනුවර, මොඩර්න් - කුරුණෑගල, නැෂනල් - මහරගම,
බ්‍රෝඩ්වේ – මාතර, සාගර – හලාවත
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|