මං ඉවත්වුණාම ප්‍රේක්‍ෂකයෝ අන්ද මන්ද වුණා
මං
ඉවත්වුණාම ප්‍රේක්‍ෂකයෝ අන්ද මන්ද
වුණා
‘සුපිරි තරු’ තරග බිමෙන් ඉවත් වූ
සමීර
ඒකනායක කියයි
සමීර කොහොමද ඔබ ‘සුපිරි තරු’ තරගයට යොමු වුණේ?
ඇත්තටම කිව්වොත් මට රියැලිටි තරග එපා වෙලා තිබුණේ. මොකද ඒවායේ කෙරෙන එස්. එම්. එස්.
ජාවාරම නිසා. ඒ නිසා කවදා හරි ස්වෝත්සාහයෙන් ගායකයකු වන්නට යි සිහින මැව්වේ. ඔය අතර
මට හමුවනවා රුක්මන් අසිතව. ඔහුත් කලඑළියට ආවේ සුපර් ස්ටාර් තරගයෙන්. රුක්මන් අයියා
මට කිව්වා සුපර් ස්ටාර්වලට අයැදුම් කරන්න කියලා. ඔහුගේ පෙරැත්ත මතයි මෙයට සහභාගි
වුණේ.
හිතුවටත් වඩා දුරක් ආවා නේද?
ඒක නම් එහෙම තමයි. හැබැයි මේතරම් ඉක්මනින් මං ඉවත් වෙයි කියානම් බලාපොරොත්තු වුණේ
නැහැ.මාවටා හිටිය පේ‍්‍රක්‍ෂකයන් අන්ද මන්ද වුණා මං ඉවත්වෙද්දී. ඇතැම් අය කතාකරලා
සංවේගය පළ කළා.
මෙතැනින් පසු ඔබේ සංගීත ගමන කෙසේ වේවිද?
දැනට මවිසින් ගීත කිහිපයක් රෙකෝඩ්කරලා තියෙනවා. ඒවා මගෙම නිර්මාණ. එම සිංදුටික
මාධ්‍යයන්ට භාර දෙනවා. ඒ වගේම ජනප්‍රිය පදරචකයෙක් සහ සංගීතඥයෙක් ගෙන් නිර්මාණයක්
කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ජීවිතයම සංගීතයම වේවි ඉදිරියෙත්.
රැයැලිටි තරගවලින් ඉවත් වීමෙන් අනතුරුවත් තරග කරුවන් අනුන්ගේ ගීත ගැයීම ගැන මොකද
කියන්නේ?
මම නම් හිතන්නේ මෙවන් වූ තරගයකින් මතුවෙලා එන්න අනුන්ගේ ගීත ගායනා කරන්න වෙනවා.
අනතුරුවත් එහෙමයි. කොහොම නමුත් මං විශ්වාස කරන්නේ සැබෑ ගායකයකු වන්නේ තමාගේම ගීයක්
ගායනා කිරීමෙන් පසුව කියලා.
සමීර කොහෙටද පාසල් ගියේ?
කොළඹ නාලන්ද විද්‍යාලයට.
පාසල් කාලයේ ඉඳලම සංගීතයට ළැදිද?
මට ගායනා හැකියාවක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒ වුණත් අනුන්ගේ ගීත වැඩිපුර
ගැයුවෙ නැහැ. අවුරුදු 18 වෙද්දී මම මගේම ගීත ටිකක් හදාගත්තා. ඒවා තමයි පසුව ගැයුවේ.
නමුත් තරගයේ දි ඔබ ඒවා ගැයුවේ නැහැ නේද?
ඒක නම් එහෙම තමයි. ඒක තරමක් අවාසි දායක තත්ත්වයක්.
ඔබ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයකු බව දැනගන්න ලැබුණා?
ඔව්, සෑහෙන්න කාලයකට කලිනුයි ඒ තත්ත්වය ලැබුවේ.
සුපර් ස්ටාර්වලට සහභාගි වීමෙන් ඔබේ ජීවිතයට අලුත් යමක් එකතු වුණාද?
සත්තකින්ම එක සැරයකදී මට අභියෝගයක් ලැබුණා බාචි සුසාන්ගේ චන්ද කින්නරාවී ගීතය
ගයන්න. මං ගැයුවා. එදා තමයි මං දැනගත්තේ මට සෙමිරොක් ගීත ගයන්න පුළුවන් කියලා.
මෙවන් වූ දෑ මං දැනගත්තේ සුපර් ස්ටාර් නිසා.
අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?
මගෙ අම්මට තාත්තට අයියට සහ මල්ලිට තුති පුදනවා. ඒ වගේම සුසාර දිනාල් මහත්මා ඇතුළු
සිරස කණ්ඩායමත් මතක් කරනවා.
071 – 9787600 මේ දුරකථන අංකය මගේ රසික රසිකාවන්ට ඕන වෙලාවක විවෘත්තයි මට කතා
කරන්න.
සටහන – ප්‍රසාද් සමරතුංග
සේයාරූ -
නිරෝෂ් ප්‍රියංක බටේපොළ
|