|
|
||
ලණුව පෙන්වා සම්මාන දිනූ රන්දික විමලසූරිය
පාසල් අවධියේ සිටම කලා කටයුතු සඳහා දායක වූ ඔබ සම්මාන හතක් ලබා ගන්නට දායක වූ ලණුව නාට්‍යයෙන්ම අපේ කතාව ආරම්භ කරමු. ලෝකයේ පවත්නා ලණු වර්ග බොහොමයි. පිරිසක් ලණු දෙනවා, තවත් පිරිසක් ලණු කනවා, නැත්නම් ගිලිනවා, තවත් සමහරු බඳිනවා, නැත්නම් එල්ලෙනවා. මේ අනුව පේනව නේද ලණුව කියන්නේ විවිධ පැතිකඩ ඔස්සේ කතා කළ හැකි වචනයක් කියා. මගේ නාට්‍යය මේ සෑම පැතිකඩක් ගැනම කතා කරන නාට්‍යයක්. ඒ නිසා තමයි එයට ලණුව කියා නම තිබ්බේ. මෙය පැහැදිලි කරනවාට වඩා නරඹා රසාස්වාදය විඳීය යුතු අභූත රූප නැතිනම් විකාර රූප රංග රීතිය භාවිත කර නිර්මාණය වූ පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස හැඳින් විය හැකියි. මගේ මේ නිර්මාණයට ලැබුණු සම්මාන මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරැදියි. ඔබේ මේ නිර්මාණයට ලැබුණු අනෙක් සම්මාන හතර ගැන කිව්වොත්? පසුතල නිර්මාණයට සුදේශ් නිශාන්තට, සංගීත අධ්‍යක්ෂණයට සුපුන් චතුරංගට, ඇඳුම් නිර්මාණයට ඉමාෂි නිසංසලාට, අංග රචනයට ප්‍රශානි මධුශිකාට සම්මාන හිමි වුණා. රන්දික කලා ක්ෂේත්‍රය තෝරා ගන්නේ පාසල් අවධියේදීමයිනේ? පාසලේ හතරවැනි ශ්‍රේණියේ සිට තමයි ගීත ගායනා කළේ. පසුව තබ්ලාව, බටනලාව වාදනය කරන්න පුහුණු වුණා. පාසල් අවධියේදීම නාට්‍ය සඳහා සහභාගි වී පාසලට කීර්තියක් ගෙන එන්නට හැකි වුණා. 2001 වසරේදී මං හොඳ ළමයා නාට්‍යයේ බිංදු කියන චරිතයට මට රංගන කුසලතා සම්මානය ද හිමි වුණා. පාසල් අවධියේදීම නාට්‍ය කලාවට පිවිසි රන්දික පස්වතාවක් හොඳම නළුවා ලෙස සම්මාන ලබන්නට ඔබේ දක්ෂතා ඉවහල් වෙනවා. ඒ කිනම් නාට්‍යවල ඔබ මැව් චරිත සඳහාද කියමු?
ගායනයෙන් ආරම්භ කළ කලා ජීවිතය දැන් නොයෙක් ඉසව් ස්පර්ශ කරමින් ඔබ සාර්ථක ගමනක නියැළෙන්නෙක්? ඔව්.පාසල් අවධියේදීම නාට්‍ය සඳහා ගායනයෙන් සම්බන්ධ වූ මා පසුව නාට්‍ය රංගනයෙන්, නිර්මාණයෙන් සහ වෙනත් නිර්මාණයන් සඳහා ප්‍රසිද්ධ වේදිකාවේ රංගන ශිල්පියෙක් ලෙසත් දායක වුණා. ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා ද මට රංගනයෙන් දායක වන්නට හැකි වුණා. මේ පොඩි කාල පරාසය තුළදී මේ හැම ක්ෂේත්‍රයකම නියැළෙන්ට ලැබීම මා ලැබූ ජයග්‍රහණයක්. සම්මානනීය වූ ඔබ කලා කෙත සරසන්නට නිර්මාණය කළ නාට්‍යයන් පිළිබඳව කතා කරමු? දාසයින් තිදෙනා, මෝඩ ධනවතා, බෝලය, ජේසුව සොයා යාම, නත්තලක්, අනුරුව, පැකට්, අපි හැදෙමු රට හදමු, ගවලෙන් තරගය, දැන්වත් ගහන්න, ලණුව මේ හැම නාට්‍යයක්ම තරගාවලි දොළහකදී ජයග්‍රහණ ලබා තිබෙන නිර්මාණවීම විශේෂත්වයක්. රංගන ශිල්පියෙක් ලෙස රඟපාන්න වඩාත් කැමති විශේෂ චරිත තිබෙනවාද? යම් සටන් කලාවන් ඇතුළත් දුෂ්ට චරිතයක් රඟපාන්න ලැබුණොත් කැමැතියි.
වසර 13 ක පමණ කාලය තුළ මේ ක්ෂේත්‍රවලදී සිදු වූ අමතක නොවන සිදුවීම් බොහොමයක් ඇති. එයින් කිහිපයක් මතක් කරමුනේද? 2003 දී සරුංගලේ නාට්‍යයේ ජවනිකාවක් තිබෙනවා. මම රඟපාන්නේ තරුබබා ලෙස. ආත්තම්මගේ චරිතයට පණ පොවන්නේ උරේෂයි. අපි දෙන්නට එක් අවස්ථාවකදී දින දර්ශනයක් ඉරන්න තියෙනවා. අපි කෙතරම් චරිතයට අවතීර්ණ වෙලා හිටිය ද කිව්වොත් අපි දෙන්නට අමතක වුණා දින දර්ශනයේ තියෙන තහඩුව. රංඩු වෙවී දින දර්ශනය ඉරන කොට ඒ තහඩුවට උරේෂගේ අත කැපිල ලේ ගලන්න ගත්තා. එයා ඇඳගෙන හිටපු සායෙන් අත පිහ දදා තමයි රඟපෑවේ. අපි රංගනය නැවැත්තුවේ නැහැ. ඔබ ආ මේ ජයග්‍රාහී ගමනේ ඔබට උදව් කළ අය ගැන සිහි කළොත්? මම මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව ලොයොලා විද්‍යාලයෙන්. දැන් කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය හදාරමින් සිටින්නේ. මගේ මේ ගමනේදී මූලික අඩිතාලම දැමීමට පාසලේදී මාව යොමු කළ ගුරුවරුන්ට හා නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට ද, මගේ මවුපිය ඇතුළු පවුලේ සැවොම, රිචඩ් මානමුදලි, නෙවිල් ද සිල්වා, ජූඩ් නිරංජන්, සැම්සන් කොස්තා, දිනේෂ් සුභසිංහ, සංජය නිර්මාල්, චන්ද්‍රරත්න මාපිටිගම, සුරක්ෂි සහෝදරිය, නෙවිල් ප්‍රනාන්දු ඇතුළු අක්කර 50 තරුණ සමිතියේ සාමාජිකයින්ට ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නට කැමැතියි.
සරසවි නිර්මාණ සම්මානලාභීන්
පසුගියදා පවත්වන ලද 29 වන සරසවි නිර්මාණ සම්මාන උළෙලේදී සම්මාන 06 ක් රන්දික විමලසූරියගේ ලණුව නාට්‍යයට හිමි විය. එදින අවසාන වටය සඳහා නිර්මාණ හතක් තරග වැදුන අතර, නාට්‍යවේදී බන්දුල විතානගේ මහතා ප්‍රමුඛ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය මගින් සම්මානලාභීන් තෝරා ගන්නා ලදී.
හොඳම වේදිකා නිර්මාණය -
සුදේශ් නිශාන්ත - ලණුව
මෙවර හොඳම සහාය නිළිය සහ හොඳම නිළිය සඳහා නම් නිර්දේශ නොවුණි. මීට අමතරව සරසවි නිර්මාණ රංග පීඨයේ වසරේ විශිෂ්ටතම ශිෂ්‍යයාට පිරිනැමෙන සම්මානය රුක්ෂාන් ලමින්ද මිහිඳුකුලට හිමි වූ අතර ප්‍රේක්ෂක ඡන්දයෙන් තෝරා ගත් ජනප්‍රියම නාට්‍ය සම්මානය ට්‍රිනී රෙහානා පෙරේරා ගේ සැඟවුණ පෙම නාට්‍යයට හිමි විය. කලා මාධ්‍යයෙන් දැයට මෙහෙවරක් ඉටු කරන මහාචාර්ය මුදියන්සේ දිසානායක, ජයලත් මනෝරත්න, සනත් ගුණතිලක, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, සහන් රන්වල, බංඩාර ඇහැළියගොඩ, සංස්කෘතික අධ්‍යක්ෂ විජිත් කණුගල සහ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ යන ප්‍රවීණයින් සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මානයෙන් පිදුම් ලැබීය. සරසවි නිර්මාණ රංග පීඨය වෙනුවෙන් වාර්ෂිකව මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය සම්මාන දිනූ ලීල් ආනන්ද ගජනායකයි. |
||



සරසවි නිර්මාණ රංග පීඨය වසරක් පාසා පවත්වනු ලබන සම්මාන උළෙලේදී හොඳම රචනය, හොඳම
නිෂ්පාදනය, හොඳම රංග වින්‍යාශය සඳහා වූ සම්මාන තුන ඇතුළත්ව සම්මාන හතක් දිනා ගැනීමට
රන්දික විමලසූරියගේ ලණුව නාට්‍යය සමත් විය.
2003 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සරුංගලේ, නාට්‍යයේ තරු බබාගේ චරිතයට, 2010 ලියෝ සමාජ
කෙටි නාට්‍ය තරගාවලියේ බෝලය නාට්‍යයේ බෝලය නම් චරිතයට, මීගමුව මහා නගර සභා සාහිත්‍ය
කෙටි නාට්‍ය තරගාවලියේ කළුවර සඳ නාට්‍යයේ විජේසුන්දරගේ චරිතයට, 2011 බස්නාහිර පළාත්
පාලන සාහිත්‍ය කෙටි නාට්‍ය තරගාවලියේ සම්මතයේ අසම්මතය නාට්‍යයේ ග්ලේන්ගේ චරිතයට,
2012 බස්නාහිර පළාත් පාලන සාහිත්‍ය කෙටි නාට්‍ය තරගාවලියේ අනුරුව නාට්‍යයේ ධනුෂ්කගේ
චරිතයට තමයි මට සම්මාන හිමි වන්නේ.