වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 වසරේ හොඳම නිළිය

2016 වසරේ හොඳම නිළිය

සරිගම / පූජා උමාශංකර්

නිර්දේශිත නම්

ඇගේ ඇස අග - බිරිඳගේ චරිතය - ස්වර්ණා මල්ලවාරච්චි

ඇගේ ඇස අග - සරසවි ශිෂ්‍යාව - රිතිකා කොඩිතුවක්කු

මෝටර් බයිසිකල් - තරුණිය - සමනලී ෆොන්සේකා

සරිගම - මරියා - පූජා උමාශංකර්

හේතු පාඨය

එකම භූමිකාවක අභ්‍යන්තර සංකීර්ණතා මනාව හඳුනාගෙන විටෙක කෙළිලොල් දඟකාරියක, විටෙක ආදරණීය පෙම්වතියක, විටෙක උපශාන්ත යුවතියක, විටෙක සෙනෙහෙබර මවක සතු ගති සොබාව විශ්වාසනීය ලෙස ප්‍රකට වන ආකාරයේ භාව නිරූපණයක නිරතවීම හේතුවෙන් 2016 වසරේ හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනා ගන්නේ පූජා උමාශංකර් සරිගම චිත්‍රපටයේ මරියාගේ චරිතය වෙනුවෙනි.


2017 වසරේ හොඳම නිළිය

ප්‍රේමය නම් / සමනලී ෆොන්සේකා

නිර්දේශිත නම්

ප්‍රේමය නම් - සමනලී ෆොන්සේකා - සමාධි

28 - සේමිණි ඉද්දමල්ගොඩ - සුද්දි

ධර්ම යුද්ධය - දිල්හානි ඒකනායක - රාණි

හේතු පාඨය

සියුම් ඉංගිත මූලික කරගත් ප්‍රශස්ත සාත්වික අභිනයෙන් ද, මනාව පාලනය කරගත් වාචික හා ආංගික අභිනයෙන් ද ජීවිතයේ අනපේක්ෂිත ඉරණමකට මුහුණ දෙන විවාහක ස්ත්‍රියක පිළිබඳ සීමිත පරාසයක විහිදෙන මමෝ භාවයන්ට පිවිස එම ස්ත්‍රියගේ හදවතේ රිද්මය ධ්වනිත කෙරෙන හා චිත්‍රපටයේ න්‍යයෂ්ඨිය බවට පත් වෙන සංයමයෙන් යුත් රූපණ භාවිතාව වෙනුවෙන් 2017 වසරේ හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනා ගන්නේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමනලී ෆොන්සේකායි.