වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




ඝරසරප හෙට සිනමා ශාලාවලට

ඝරසරප හෙට සිනමා ශාලාවලට

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයක් - අර්ජුන් කමලනාත් නිෂ්පාදනයක්

සම්මානනීය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය ඝරසරප මෙම මස 10 වැනිදා එනම් හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ. ඉසුරු චිත්‍රපට වෙනුවෙන් අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළ ඝරසරප චිත්‍රපටයේ මංගල දර්ශනය හෙට පැවැත්වෙනුයේ වැල්ලවත්ත සැවෝයි පි‍්‍රමියර් සිනමා ශාලාවේදීය. ඒ සඳහා විවිධ යුගවලදී සිංහල සිනමාව ඒකාලෝක කළ සිනමා නළු නිළියන් රැසක් සහභාගිවීමට නියමිතය.

ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, කුසුම් රේණු, අමීශා කාවින්දි, වසන්ත විට්ටච්චි, ජයනාත් බෝදාහන්දි, මියුරි සමරසිංහ, අනුර ධර්මසිරිවර්ධන, අයිශාරා අතුකෝරාල, රජිත හිරාන්, ගාමිණී ජයලත්, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරත්න, උපතිස්ස බාලසූරිය, අතුල ජයතිස්ස, තිස්ස ගුණතිලක, හේමන්ත රන්දුනු, ලක්ෂ්මන් රාජපක්ෂ, නෝමන් පලිහවඩන, සුගත් ජානක මෙහි චරිත මවති. මෙහි සංගීතය චින්තක ජයකොඩිගෙනි. සමිතා මුදුන්කොටුව, බාචි සුසාන් සහ දුමාල් වර්ණකුලසූරිය පසුබිම් ගී ගයකි. ප්‍රභාත් රෝෂන් කැමරාව මෙහෙයවා තිබේ. පියතිස්ස අකුරම්බොඩගේ කලා අධ්‍යක්ෂණයකි. ඩිලාන් ගුණවර්ධන සංස්කරණ ශිල්පියාය. නිමල් ෆ්‍රැන්සිස්, සරත් සේනාරත්න සහ නලින්ද උදයසිරි සහාය අධ්‍යක්ෂවරුන්ය. ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි.