වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 වසරේ හොඳම චිත්‍රපටය

2016 වසරේ හොඳම චිත්‍රපටය

මෝටර් බයිසිකල්

නිර්දේශිත නම්

ඇගේ ඇස අග

සරිගම

මෝටර් බයිසිකල්

හේතු පාඨය

සමාජයේ නිසි අවධානයට පාත්‍ර නොවූ ස්ථරයකට අයත් තරුණයකුගේ චර්යාව හා සිහින මූලිකව ගෙන වත්මන් තරුණ පරම්පරාවේ බිඳුණු අපේක්ෂා හා ඉච්ඡා භංගයන් මොහොතක ආස්වාදය හා ආත්මීය පරාජයන් මනා සිනමාත්මක සත්කාරයකින් ද විවිධ සමාජාර්ථ දැනවෙන අපූරු දැක්මකින් ද විවරණය කෙරෙන සිනමා කෘතියක් වීම හේතුවෙන් 2016 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයයි.
 


2017 වසරේ හොඳම චිත්‍රපටය
 

28

නිර්දේශිත නම්

සුළඟ ගිනි අරන්

නිම්නයක හුදකලාව

ප්‍රේමය නම්

28

හේතු පාඨය

ජීවිතය පිළිබඳ කාංසාජනක භාව උත්පාදනයෙන් ද මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ අතිශයින් සියුම් වු චින්තාවක් ප්‍රති නිර්මාණයෙන් ද ප්‍රේක්ෂක ප්‍රඥාව පෝෂණය වන බහුවිධ අර්ථ සම්පාදනය කෙරෙන ප්‍රශස්ත කලා නිර්මාණයක් වීම හේතුවෙන් 2017 වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය දිනාගනු ලබන්නේ ‘28’ යි.