වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 වසරේ හොඳම අධ්‍යක්ෂණය

2016 වසරේ හොඳම අධ්‍යක්ෂණය

ඇගේ ඇස අග / අශෝක හඳගම

නිර්දේශිත නම්

මෝටර් බයිසිකල් - සමීර රංගන නාඔටුන්න

ඇගේ ඇස අග - අශෝක හඳගම

සයපෙති කුසුම- විශාකේෂ චන්ද්‍රසේකරන්

හේතු පාඨය

උපයුක්ත අත්දැකීමේ හරය හා භාව උත්පාදනය සුරැකෙන හා තීව්ර වන අන්දමින් සියලු අනුශාංගිකඅංග තම නිර්මාණාත්මක ආධිපත්‍යයට යටත්කර ගනිමින් කලාත්මක ඒකාග්‍රතාවය පවත්වා ගැනෙන සිනමා භාවිතාවක පිහිටීම හේතුවෙන් 2016 වසරේ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මානය දිනා ගන්නේ ‘අශෝක හඳගම’ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙනි.


2017 වසරේ හොඳම අධ්‍යක්ෂණය

28 / ප්‍රසන්න ජයකොඩි

නිර්දේශිත නම්

සුළඟ ගිනි අරන් - විමුක්ති ජයසුන්දර

නිම්නයක හුදකලාව - බුද්ධික විශ්වනාත් කීර්තිසේන

28 - ප්‍රසන්න ජයකොඩි

හේතු පාඨය

මනුෂ්‍ය ස්වභාවයේ මතුපිට විවිධතාත් අභ්‍යන්තර සංකීර්ණතාත් පරිපූර්ණ අනුභූතියක් බවට පත් කිරීම සඳහා සිනමා භාෂාවේ ශක්‍යතාවන් මැනවින් භාවිත කිරීමත් අනුශාංගික අංශ නිර්මාණයේ ඒකමිතිය හා අර්ථ සම්මාපදනය සුරුකෙන හා තීව්ර වන ආකාරයෙන් මෙහෙයවීමත් හේතුවෙන් 2017 වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ ප්‍රසන්න ජයකොඩිටය.