වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016- 2017 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය - 2016

2016 වසරේ හොඳම කුලුඳුල් චිත්‍රපටයට හිමි ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය හිමිවන්නේ දැකලා පුරුදු කෙනෙක් අධ්‍යක්ෂණය කළ මලිත් හෑගොඩ 2016 වසර සඳහා විශේෂ ජූරි සම්මානයක් පිරිනමන්නට ජූරිය තීරණය කළා.

මේ අනුව 2016 වසර සදහා ලෙස්ටර් ජේම්ස් පීරිස් විශේෂ ජූරි සම්මානය හිමිවන්නේ බහුචිතවාදියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මාලක දේවප්‍රියට


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය - 2017

2017 වසර සදහා ලෙස්ටර් ජේම්ස් පීරිස් විශේෂ ජූරි සම්මානය හිමිවන්නේ රතු සමනළ හීනයක් චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රියන්ත කළුආරච්චිට

ජූරියේ අපට පැවරී තිබුණු වගකීම වුණේ 2016 සහ 2017 වර්ෂ සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රදර්ශනය අවසර ලත් චිත්‍රපට අතරින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සදහා සුදුසු නිර්මාණය තෝරා දීමයි.මේ සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ අධ්‍යක්ෂවරයෙකුගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි.ඒ අනුව 2016 වසර සදහා චිත්‍රපට 9ක් හා 2017 සඳහා චිත්‍රපට 9ක් අපගේ ඇගැයීම සඳහා සංවිධායක මණ්ඩලය විසින් ලබා දී තිබුණා.

අපගේ තේරීම් නිර්ණායක වුණේ කෘතියේ සාපේක්ෂ අපූර්වත්වය සහඅව්‍යාජත්වය සිනමාත්මක ප්‍රකාශනයක් වෙනුවෙන් රූපය සහ ශබ්දය හැසිරවීමේ දී දක්වන ප්‍රතිභාව කෘතියේ අනතර්ගතයේ ඇති ප්‍රබලත්වය සහ නැවුම් බව කෘතිය හරහා පේක්ෂකයාට විඳගන්නට සලස්වන සිනමාත්මක අත්දැකීම ප්‍රේක්ෂකයාගේ ජීවිත සහ සමාජාවබෝධය පුළුල් කිරීමට දක්වන රුකුල යන කාරණායි.මෙම සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාගේ නමින් පිරිනැමෙන එකක් බැවින් අප සලකා බලන ප්‍රමිතිය ඔහුගේ ගෞරවය සුරැකෙන පරිදි විය යුතුය යන්න ජූරියේ ඒකමතික එකඟතාවයයි. මේ අනුව අපගේ අවසාන ඇගැයීම 2016 වසර සඳහා චිත්‍රපට දෙකකට සහ 2017 වසර චිත්‍රපට එකකට සීමා වුණා


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය ප්‍රකාශ කළ මොහොත

2016 හා 17 වසර සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය ජූරියේ සභාපති අශෝක හඳගම විසින් ප්‍රකාශයට පත් කළ මොහොතේ වේදිකාවට පිවිසි විනිශ්චය මණ්ඩල සාමාජික පිරිස. වමේ සිට විශ්වනාත් බුද්ධික කීර්තිසේන, ප්‍රසන්න විතානගේ, අනෝමා රාජකරුණා, උදයකාන්ත වර්ණසූරිය. පසෙකින් සම්මාන ප්‍රදානය කළ කාර්ගිල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එරල් පෙරේරා සහ සරසවිය කර්තෘ අරුණ ගුණරත්න. පසෙක විනිසුරු මණ්ඩල සාමාජික ඉනෝකා සත්‍යාංගනී සහ විමුක්ති ජයසුන්දර.