වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




2016 වසරේ හොඳම නළුවා

2016 වසරේ හොඳම නළුවා

මෝටර් බයිසිකල් / දසුන් පතිරණ

නිර්දේශිත නම්

මෝටර් බයිසිකල් - රංග - දසුන් පතිරණ

සයපෙති කුසුම - චමත් - දසුන් පතිරණ

සරිගම - කැප්ටන් - අශාන් ඩයස්

හේතු පාඨය

කොළිලොල් දඟකාර යෞවනයත් ජය ගත නොහෙන අභිමථාර්ථත් අතර දෝලනය වෙන මතුපිටින් සරල එහෙත් අභ්‍යන්තරයෙන් ගැඹුරු සමාජ අර්ථ දනවන චරිතයකට රූපණයෙන් ද අධ්‍යාත්මයෙන් ද අපූර්ව ලෙස සමාරූපව චතුර්විධ අභිනය මනාව පාලනය කර ගනිමින් මනුෂ්‍ය ස්වභාවය හා සමාජ යථාර්ථය පිළිබඳ සිය අර්ථකථන ද එක්කර ප්‍රකට කළ රූපණ කෞශල්‍යය වෙනුවෙන් 2016 වසරේ හොඳම නළුවා ලෙස සරසවිය සම්මානය දිනා ගන්නේ දසුන් පතිරණ මෝටර් බයිසිකල් චිත්‍රපටයේ රංගනයේ චරිතය වෙනුවෙනි.


2017 වසරේ හොඳම නළුවා

නිම්නයක හුදකලාව / සෞම්‍ය ලියනගේ

නිර්දේශිත නම්

නිම්නයක හුදකලාව - විශ්ව - සෞම්‍ය ලියනගේ

28 - අබසිරි - මහේන්ද්‍ර පෙරේරා -

ධර්ම යුද්ධය - හරිස්චන්ද්‍ර - ජැක්සන් ඇන්තනී

හේතු පාඨය

වත්මන් බහු භාණ්ඩික සමාජ ව්‍යුහය මිනිසා වෙත කෙරෙන අනිවාර්ය බලපෑම සංකීර්ණ අධ්‍යාත්ම ගවේෂණයක් මඟින් ප්‍රකාශනයට තිර රචනය විසින් සලසන යොමු හා සීමා මැනැවින් අවබෝධ කර ගනිමින් සාත්වික අභිනය මූලික කරගත් රූපණ ක්‍රමවේදයක පිහිටා නූතන මිනිසාගේ සමාජමය ඛේදය සුක්ෂමාත්මතාවකින් නිරූපණය කිරීම වෙනුවෙන් 2017 වසරේ හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන දිනාගන්නේ සෞම්‍ය ලියනගේ නිම්නයක හුදෙකලාව චිත්‍රපටය වෙනුවෙනි.