වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 09 වැනිදා බ්‍රහස්පතින්දා




දැවෙන විහඟුන් තිරගත වුණදා

දැවෙන විහඟුන් තිරගත වුණදා

සංජීව පුෂ්පකුමාර තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් පසුගිය දින රීගල් සිනමා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් හා තිරයේ පිටුපස සිට ඔහුට සහාය වන සියලු දෙනා හා හිත මිතුරෝ සියල්ල පැමිණ සිටියහ. 1988 / 89 වසරවල මිනිසුන් මුහුණ දුන් කතා තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වු දැවෙන විහඟුන් මංගල දර්ශනයේ තිර පිටපත ද එදින ජනාධිපතිතුමාට සහ සංජීවගේ මවට පිළිගන්වන ලදී. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.