වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘ඇගේ නෙත අග’ ටැලින් බ්ලැක් නයිට්ස් උලෙළේ තරගකාරී අංශයට

 ‘ඇගේ නෙත අග’ ටැලින් බ්ලැක් නයිට්ස් උලෙළේ තරගකාරී අංශයට

ලොව ඒ ශ්‍රේණියේ සම්මාන උලෙළක් වන ‘ටැලින් බැලැක් නයිට්ස්’ සිනමා උලෙළේ ප්‍රධානතම තරගකාරී අංශයට තේරීපත් වීමට අශෝක හඳගම ගේ නවතම සිනමාපටය වූ ‘ඇගේ නෙත අග’ සිනමාපටය සමත් කම් ලැබීය. එය ඇතුළු සිනමාපට 18 ක් මෙවර උලෙළේ තරගකාරී අංශය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ අතර ඇති එකම දකුණු ආසියාතික කලාපීය සිනමාපටය වනුයේ ‘ඇගේ නෙත අග‘ වේ.

එය මෙලෙස ටැලින් බ්ලැක් නයිට්ස් සිනමා උලෙළේ තරගකාරී අවසන් වටයට සුදුසුකම් ලැබීමත් සමඟ 68 වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අවස්ථා ද්විත්වයකදී ලොව ඒ ශ්‍රේණියේ සිනමා උලෙළවල ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට වරම් ලද ශ්‍රී ලංකාවේ හයවැනි සිනමා අධ්‍යක්‍ෂවරයා ලෙසින් අශෝක හඳගම සිනමා ඉතිහාසයට එක්විය.

ස්වර්ණා මල්ලවආරච්චි, බෙංගාල සිනමා නළු දිතිමාන් චැටර්ජි, රිතිකා කොඩිතුවක්කු, සඳලි හඳගම, අශෝක සොයිසා, කිංග් රත්නම්, කර්ති රංජිත් පීරිස්, හෂිනිකා කරලියැද්ද සහ තිලක්ෂිනී රත්නායකගේ රංගන දායකත්වයෙන් හැඩවන ‘ඇගේ නෙත අග‘ සිනමාපටයේ කැමරාකරණය චන්න දේශපි‍්‍රය ගෙනි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද, චිත්‍රාල් සෝමපාල සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්‍ෂණයෙන් ද, පූර්ණිමා මුහන්දිරම් ඇඳුම් නිර්මාණයෙන් ද, මෙයට එකතු විය. ‘ඇගේ ඇස අග’ සිළුමිණ චිත්‍රපට වෙනුවෙන් ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි.