වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අමීර් ඉන්දියාව හැරයයි ?

අමීර් ඉන්දියාව හැරයයි ?

මොන දේ තිබුණක් කතා කරන්න නිදහස නැති නම් වැඩක් නැහැ. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනම රටක පුරවැසියෙකුට නිදහසක් අවශ්‍යයි. ඉන්දියාවේ දැන් ඒ තත්ත්වය නැති වෙමින් පවතින බවට බොලිවුඩයේ සුපිරි තරුවලින් චෝදනා එල්ල වෙලා. ඉන්දියාව තුළ භාෂයේ නිදහස නොඉවසන තත්ත්වයක් ඇති වී තිබෙන බව අමීර් ඛාන් පසුගිය දවසක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. ඒ ජනමාධ්‍ය උත්සවයකදීයි.

ඉන්දියාව තුළ මෙලෙස කතාකිරීමේ නිදහස නැති වීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතින බවට චෝදනා කරන අනෙක් තරුව ෂාරුක් ඛාන්. භාෂණයේ නිදහසට එල්ලවන තර්ජනයන්ට විරුද්ධව ලේඛකයන් කිහිප දෙනෙක් තම සාහිත්‍යය සම්මාන පවා නැවත භාරදීමට සූදානමින් සිටින බවත් ආරංචියි. දරුවාගේ හෙට දවස වෙනුවෙන් තම බිරිඳ කිරන් රට හැර යාමට පවා යෝජනා කළ බව අමීර් පවසයි.