වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රන්බීර් ඉස්සරහට

රන්බීර් ඉස්සරහට

බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ අසාර්ථකත්වයෙන් බැට කෑ රන්බීර් කපූර්ට එය අමතක කරන්න ඔන්න දැන් කාලය උදාවෙලා. දීපිකා පදුකෝන් සමඟ ඔහු රඟන තමාෂා චිත්‍රපටය පළමුවන සතියේදීම ඉන්දියානු රුපියල් කෝටි 38 ඉක්මවලා. මේ නිසා තමාෂා චිත්‍රපටයත් 'තනු වෙඩ්ස් මානු රිටර්න්ස්' චිත්‍රපටයට සමාන වාණිජ සාර්ථකත්වයක් ලබාගෙන්න සමත් වුණා. කන්ගනා රනවුත් රංගන ‘තනු වෙඩ්ස් මානු රිටර්න්ස්’ චිත්‍රපටයත් පළමුවන සතියේ රුපියල් කෝටි 38 ක ආදායමක් උපයා තියෙනවා.

තමාෂා චිත්‍රපටයට කලින් නිර්මාණය වුණු රන්බීර්ගේ චිත්‍රපට 3ක්ම (බෙශාරම්, රෝයි සහ බොම්බේ වෙල්වට්) අසාර්ථක වෙලයි තිබුණේ. මීට පෙර ‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටයෙන් දීපිකා සහ රන්වීර් එක්ව රඟපෑවා.