වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පරණ පාර දිගේ

පරණ පාර දිගේ

අමිතාබ් බච්චන් ලඟදි දවසක කල්කටාවේ තදබදය වැඩි මාර්ගයන් ඔස්සේ ස්කූටරයක් පැදලා. තනිවම නොවෙයි. ප්‍රසිද්ධ නළු නසරුදීන් සිද්දික් සමඟයි ඒ රිභූ රාජ්ගුප්තා අධ්‍යක්ෂණය කරන Te3N චිත්‍රපටය සඳහායි. අමිතාබ් නළුවෙක් වෙන්න කලින් 1960 ගණන්වල කල්කටාවේ රැකියාවක් කරලා තියෙනවලු. අමිතාබ්ගේ පැරණි සුන්දර මතක මේ ගමන් වලින් අලුත් වෙලා. පසුගිය වසරේදී ‘පීකු’ චිත්‍රපටය වෙනුවෙන් අමිතාබ්හට කල්කටාවේ උතුරු ප්‍රදේශයේ බයිසිකලයක් පැදගෙන යන්නත් සිදු වුණා.

නසරුදීන් සිද්දික් කියන්නේ අමිතාබ් හුඟාක් අගය කරන තරුණ නළුවෙක්. අමිතාබ්ගේ මතය දක්ෂකම් කොහේ සැඟවිලා තිබුණත් මතුවෙලා එන බවට ඔහු හොඳ උදාහරණයක් බවයි. සිද්දික් මීට පෙර අමිතාබ් සමඟ චිත්‍රපට වැඩසටහන් කිහිපයකම රංගනයේ නිරත වුණා. තවමත් තිරගත වී නැති ‘ශොබයිත්’ ඉන් එක චිත්‍රපටයක්. ‘යුධ්’ නම් රූපවාහිනී කතා මාලාව තවත් එකක්.