වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පෙට්ටියේ සනීපය

පෙට්ටියේ සනීපය

දෙවතාවක් මිය ගිහින් මිනී පෙට්ටියක ඉඳලා නැගිටපු නළුවෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා දවසක මෙයා ජයග්‍රාහී තෙවැනි වතාවටත් මිනී පෙට්ටියක දොයිය ගත්තා. වැඩේ කියන්නේ කලින් දෙවතාවම වගේ මෙයාට මේ වතාවේදි නම් මිනි පෙට්ටියේ නිදාගෙන ඉඳලා විතරක් බැරි වුණා.

ආර්. කේ. අලුත්වීදිය කියලා අධ්‍යක්ෂවරයෙක් මේ දවස්වල ටෙලි නාට්‍යයක් කරනවා දූවිලි මල් නමින්. එය ජාතික නාළිකාවේ විකාශය වෙනවා ඔබ දැකලා ඇති. නිරෝෂන් දූවිලි මල් හි ආර්නෝල්ඩ්. එයා මුඩුක්කුවක චණ්ඩියෙක්. ඉතින් මේ ආර්නල්ඩ් මිය යනවා. අධ්‍යක්ෂවරයා කිව්වලු ඒ දර්ශනයට මිනී පෙටටියේ ඉඳලා විතරක් මදි, එහි පියන් දෙක වහලා ඔසවනකම්ම නිරෝෂන්ට ඉන්න කියලා. ඒ අවස්ථාවන් ටික එකම දර්ශනයකට අදාළව එක දිගට රූගත කරන්නයි අධ්‍යක්ෂවරයා අදහස් කරගෙන ඉඳලා තියෙන්නේ. නිරෝෂනුත් එක පයින්ම හා කියලා කිව්වා. ඔන්න නිරෝෂන් මැරිල වගේ රඟපාන්න පටන් ගත්තලු. කට්ටිය එකතු වෙලා නිරෝෂන්ව මිනී පෙට්ටියෙන් තියලා දර්ශනය ආරම්භ වුණාලු. මිනී පෙට්ටියේ පියන් දෙක වහද්දී නිරෝෂන්ට ටිකක් බයත් හිතුණලු. නමුත් එහෙම්මම ඉඳලා. හාත්පස කළුවර වුණාට පස්සේ නිරෝෂන්ට පුංචි නිදිමතකුත් ඇවිල්ලා. ඔහු කියන විදිහට ඇතුළේ එහෙම ඉන්න කොට හරිම සනීපයිලු. ටික වේලාවකින් දර්ශනය ඉවර වෙලා හැමෝගෙම අත්පොළසන් මැද මැරිලා හිටපු නිරෝෂන්ට පණ ආවලු.