වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දෑස රිදෙනවා පෝලිම බලා

දෑස රිදෙනවා පෝලිම බලා

ගිරිරාජ් කෞශල්‍ය සුහද කොකා අරගෙන එන්න කියලා රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබිලා. ඉතින් ගිරා ලහි ලහියේ සූදානම් වෙනවලු චිත්‍රපටයත් අරන් රට යන්න. කොහොම වුණත් ගිරාට මේ දිනවල පිටරටවලින් ලැබෙන ආරාධනා නම් වැඩියිලු. ඊයේ පෙරේදා මිනිහා ඩුබායි එහෙමත් ගිහින් ආවා. එහෙදි තමයි ගිරාට මරු වැඩක් වුණේ. ඩුබායි ගුවන් තොටුපළෙන් එළියට එනකොට ඕනෑම කෙනෙකුගේ ඇස් පරික්ෂා කරනවාලු. එතැන ඇස් පරික්ෂා කරන යන්ත්‍ර කිහිපයක්ම තිබිලා. ඒවා ඉස්සරහ පෝලිම් කිහිපයකුත් තිබුණලු. ගිරා එක්ක ගිය අනෙක් කලාකරුවන් වෙන වෙන පෝලිම්වලට යද්දී ගිරා එකතු වුණාලු එතන තියෙන දිගින් අඩුම පෝලිමට. ටික වේලාවක් ගතවුණාම පේනවලු අනෙක් පෝලිම්වල දිග අඩු වෙනවා.

ඒත් ගිරා හිටිය පෝලිම ඉදිරියට යන්නේ නැතිලු. බැලින්නම් අනෙක් පෝලිම්වල තියෙන යන්ත්‍ර ඔටෝ වැඩ කරනවාලු. නමුත් ගිරා හිටිය පෝලිමේ යන්ත්‍රය එහෙම ක්‍රියාත්මක වන්නේ නැහැලු. ඒකට කෙනෙක් දාලාලු තියෙන්නේ. ඒක හින්දා තමයි ගිරා එකතු වෙන්න කලින් ඒ පෝලිමේ අඩුවෙන් සෙනඟ ඉඳලා තියෙන්නේ. අනෙක් පිරිස සට සට ගාලා ඉක්මනින් ගුවන් තොටුපළෙන් එළියට යද්දී ගිරා හරියටම පැය එකහමාරකට පසුව එළියට ආවලු. ගිරාට ඇරැයුම් කළ පිරිස බය වෙලා අනෙකුත් කලාකරුවන් එවලා ගිරා නෑවිදින් ඉඳලා කියලා. තෙහෙට්ටු වෙලා ඉන්න ගිරාව දැකපු ගමන් ඒ අය ඇහැව්වලු කොහෙද ගියේ, මොකෝ අවුලෙන් වගේ කියලා.

'දෑස රිදෙනෙවා පෝලිම බලා ඉඳලා' කියලා ගිරා කිව්වලු.