වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ සම්මාන කවුරුද හරි?
දෙරණ සම්මාන පිළිබඳ මතවාද සරසවිය මතය නොවන බව කරුණාවෙන් සළකන්න. මෙම ලිපි සංවාදයට විවෘතව ඇත.

දෙරණ සම්මාන කවුරුද හරි?
 

පසුගිය සතියෙන්http://www.sarasaviya.lk/2015/11/26/?fn=sa15112616

හඳගම සහ සුදත් පිළිතුරු දෙයි

දළඹුවෙක්, සමනළයෙක් සම්මානයක් සහ සර්පයෙක්

දෙරණ සිනමා සම්මාන උළෙලේ විනිශ්චයන් විචාරය කරමින් විවිධ මාධ්‍යවල කෙරෙන කතාබහේ පැටලිය නොයුතු බව අපගේ මුල් අදහස වුවත්, එකම මූලාශ්‍රමයකින් ඇරඹ ඒ සංවාදයන් වර්ධනය වන දිශාව දෙස බලන විට ඒ පිළිඹඳ කිසියම් සටහනක් තබා සිටීම වැදගත් යැයි පසුව සිතුනු නිසා වෙනි මේ සටහන.

(එහෙත් අප මේ සටහන ලියනුයේ සරසවිය පුවත් පතට දෙරණ සිනමා සම්මාන : කවුරුද හරි ලිපිය සම්පාදනය කරන ‘පසුගිය වසරේ කැපී පෙනුනු සිනමා කෘති ගැන සිතමින්’ black tie සූට් එකක් ‘උජාරුවට ඇඳගෙන’ වැස්සට නෙලුම් පොකුණට ගොඩවූ “විකුම්ජිත් ප්‍රේමකීර්ති" නමැති සරසවිය පාඨකයා "අපේ සම්මාන ඉතිහාසයේ දුටු කුහකතම ජූරියේ" තේරීම යටතේ සම්මානයක් ලබාගෙන ගෙදර ගොස් උජාරුවෙන් මුහුණු පොතේ තමාගේම ට්‍රම්පට් තමාම පිඹ ගනිමින් සිටි අයෙකු බව අප මිත්‍ර සරසවිය කර්තෘ නොදන්නවා වුනාට අප දන්නා බව පවසමිනි. )

ජූරියක කාර්යභාරය පුද්ගලික කැමැත්ත අකමැත්ත ඉක්මවා යන්නකි. පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපට අතුරින් තමන් කැමතිම චිත්‍රපටය කුමක් දැයි, ජූරියේ සාමාජිකයින් ගෙන් වෙන වෙනම ඇසුවහොත් විවිධ පිළිතුරු ලැබෙන්නට පුළුවන. එහෙත් සිනමා කෘතියක විවිධ අනුශාංග ඇගයීමේ අභ්‍යාසයකදී තමාගේ කැමැත්ත අකමැත්ත වෙනුවට සියලුදෙනාම එකඟවූ කිසියම් නිර්නායකයක පද්ධතියකට යටත්ව කටයුතු කිරීමට සිදුවෙයි. එකී නිර්ණායක සකසා ගැනුනේ චිත්‍රපට නැරඹීමට පෙරයි. (“ ලෙනින් මොරායස් ගේ සිනමාව ලෙනින් මොරායස් සමගත්, ධර්මසේන පතිරාජගේ සිනමාව ධර්මසේන පතිරාජ සමගත් සංසන්දනය” එසේ සකසා ගත් එක් නිර්ණායකයකි). ඒ අනුව අපට පැවරුණු කාර්යභාරය වූයේ දෙනලද අනුශාංග වලට අදාලව සම්මාන සඳහා නිර්දේශ කර එකී නිර්දේශ අතරින් එකක් අදාළ සම්මානය සඳහා නම් කිරීමයි. මේ කටයුත්තේ දී අපි හැකි තරම් හැඟීම් බර නොවී සිටින්නට උත්සාහ කළෙමු.

සම්මාන ප්‍රදානයේදී 'තන්හා රතී රඟා' අධ්‍යයක්ෂක හොඳම අධ්‍යක්ෂක වූයේ නම්, ජූරියේ අපට මේ ලිපිය මෙසේ ලියන්නට සිදු නොවනු ඇත. මේ මහා කලබගෑනිය එය එසේ නොවූ නිසාවෙනි. අනෙකුත් අතුරු කාරනා මතු කරන්නේ තන්හා රතී රඟා චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය නොදීම අසාධාරණයක් යන තර්කය තහවුරු කරන්නටය. උදාහරණයක් ලෙස හොඳම නිළියට හිමි සම්මානයට කිසිවකු නිර්දේශ නොකිරීමත් එම සම්මානය කේ සේරා හි මිචෙල් ට ලබා දීමට ත් එරෙහිව නගන චෝදනාව ගෙනහැර දැක්විය හැක. උළෙලේ හොඳම රංගනය ( කාන්තා ) ලෙස තෝරන්නට තිබුනේ නම් අපගේ ඒකමතික තීරණය නිසැකවම තන්හා රතී රඟා හී සුලෝචනා වනු ඇත. එහෙත් අපට දී තිබුණු සම්මාන අනුශාංග වලට අනුව සුලෝචනා ගේ භූමිකාව අයත් වන්නේ 'සහාය භූමිකාව' යන වර්ගීකරනයටය. කේ-සේරා හී මිෂෙල් හොඳම නිළිය නොවන්නේ නම් එම අවුරුද්දේ තිරගතවූ චිත්‍රපට අතුරින් හොඳම නිළිය සඳහා විකල්පයක් යෝජනා කරන ලෙස අප විවෘතව ඉල්ලා සිටිමු.

ප්‍රමිතියට නැත්නම් සම්මාන නොදී සිටින්නට තිබුනා යයි ද ඇතැමෙකු යෝජනා කර තිබුණි. එසේ නම් එම නිරපේක්ෂ ප්‍රමිතිය කුමක් ද? 2015 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය වූ "Still Alice" හි Alice Howland " ගේ භූමිකාව රඟ පෑ Julianne Moore  ගේ රංගනය ද ? 2010 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය වූ "Black Swan හි "Nina Sayers" භූමිකාව රඟ පෑ Natalie Portman ගේ රංගනය ද ? නොඑසේ නම්, සුද්දීලාගේ කතාවේ සුද්දී ගේ චරිතය රඟ පෑ ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගනයද? බඹරු ඇවිත් හි හෙලන් ගේ චරිතය රඟපෑ මාලිනී ෆොන්සේකා ගේ රංගනය ද? මේවා ප්‍රමිතීන් නම්, පහුගිය කාලය පුරා අපේ සිනමාවේ අප දුටු කිසිදු රංගනයක් සම්මාන සඳහා සුදුසු නොවනු ඇත. මේ බොරු පණ්ඩිතයින් ගේ පුහු තර්කයන් ය. (මේ තර්කයටම අනුව "විකුම්ජිත්" ට අප දුන් සම්මානයත් ප්‍රමිතියට නැතැයි නොදී ඉන්නට තිබුනා!)

මෙවර ඇගයීම සඳහා ලැබුණු චිත්‍රපට අතර ආත්ම ප්‍රකාශන සිනමාවක් හමු නොවුණු තත්වයක් තුල අධ්‍යක්ෂණය අගයන්නට වුයේ ශිල්පයක් ලෙසය. ( ස්පීල් බර්ග් අපට අනුව දක්ෂ ( සිනමා ) වඩුවෙකි. ඔහුට තම ශිල්පීය කුසලතාව මෙහයවා කාර්යක්ෂම ලෙස ( සිනමා ) පුටුවක්, මේසයක්, අල්මාරියක් හෝ තවත් බොහෝ දෑ නිම කල හැක. කිසලොව්ස්කි හෝ තර්කොවුස්කි යනු ( සිනමා ) නවකතා හෝ කාව්‍යකරුවන් ය. ඔවුන් සිනමාව හරහා ප්‍රකාශ කරන්නේ තම ආත්මයය. ) අධ්‍යක්ෂණ අභ්‍යාසයේදී නිලේන්ද්‍ර සහ පරාක්‍රම ද ( මෙවර ඇගයීමට ලබා දී තිබුණු අනෙකුත් අධ්‍යක්ෂවරුන්ද ) අප අගය කලේ ශිල්පීන් ලෙසය.

නිලේන්ද්‍ර තමන් ට ලැබුණු මටසිලිටු ලීයකින් ( පිටපත ) තියුනු සුමට ආයුධ ( ශිල්පීන් ) මෙහෙයවා ලී බඩුවක් ( සිනමා කෘතියක්) නිමවා ඇත. පරාක්‍රම ද එම අභ්‍යාසයේම නිරත වන අතර ඔහුගේ කාර්යය වඩාත් අභියෝගාත්මක වනුයේ ඔහුට ලැබෙන ලීය ( පිටපත) නිලේන්ද්‍රට ලැබුණු එක තරම් මටසිලිටු නොවන බැවිනි. අධ්‍යක්ෂණ කාර්යයේදී අප පරාක්‍රමව නිලේන්ද්‍රට ඉදිරියෙන් තබන්නේ ඔහු එම අභියෝගය සාර්ථකව ජය ගන්නා නිසාය.

මේ දෙදෙනාම (සාපේක්ෂව) හොඳ නිමැවුම් දෙකක් බිහි කරයි. ( සරසවියට ලියන සම්මාන ලාභී ලියුම් කරු සහ FB  එකේ පෙළහර පාන ඔහුගේ ගෝල පිරිස කේ-සේරා බලන් ඉන්නට බැරි අපුල දනවන කෘතියකැයි කියන්නේ හුදු ද්වේශයෙනි. තර්කොවුස්කි ද කිසේලොවුස්කි ද ස්පීල්බර්ග් ද නරඹා ඇති ජූරියේ අපි කේ-සේරා කිහිප විටක් නැරඹුවෙමු. )

නිලේන්ද්‍ර , පරාක්‍රමගේ නිර්මාණයට වඩා හොඳ ආකර්ෂණීය කෘතියක් නිමවන බව අපගේ ද තක්සේරුවයි. එබැවිනි ‘තන්හා රතී රඟා’ අප හොඳම සිනමා කෘතිය ලෙස නම් කළේ.

චිත්‍රපට විචාරය ජූරියක කාර්යභාරය ලෙස අපි නොසලකමු. එබැවින් අපි කෘතීන් විචාරය නොකලෙමු. මහා වැස්සේ විකුම්ජිත් ට මතක් වුනු චිත්‍රපට වූයේ, තණ්හා රතී රඟා, සැමීගේ කතාව, වරිගපොජ්ජ, කොස්තාපල් පුඤ්ඤසෝම විතරක් වුනත් අපගේ ලැයිස්තුව ඊට වඩා දිග එකක්. රන්ජා, කෝ මාර්ක් නො මාර්ක්, කල්පාන්තේ සිහිනය සහ තවත් කෘතීන් ඒ අතර වුණා. අනෙකුත් චිත්‍රපට පරයා තන්හා රතී රඟා හොඳම චිත්‍රපටය වුනේ දිග චිත්‍රපට ලැයිස්තුවකිනි.

ජූරියක තීරණ විවේචනය කිරීම ඕනෑම අයෙකුට කළ හැකිය. ඒ අයිතියට අප ගරු කරන අතර ඒ විවේචන දෙස උපේක්ෂාවෙන් බැලීමට ද විනයක් අප ට ඇත. ( මේ සටහන ලියන අද සවස පැවැත්වෙන OCIC  සම්මාන ජූරියේ තීරණය අපගේ තීරණය ට වෙනස් වන්නට පුළුවන. එය කුමක් වුවත් අප එයට ගරු කරමු.) එහෙත් තරඟයට සහභාගී වූවන් තමන් ජයග්‍රහණය නොකළ ඉසවු පිළිඹඳ ජූරි තීන්දු විවේචනය කිරීම කොතරම් සදාචාර සම්පන්න දැයි විමසා බැලීම මෙය කියවන ඔබටම පවරමු.

සම්මාන ලාභී විකුම්ජිත් තම ස්වාමියා වෙනුවෙන් කඩේ යන්නේ ලැජ්ජා නැති ලෙසටය. එමෙන්ම ස්වාමියාවද විනාශ කරමිනි.

“ප්‍රශ්නය වන්නේ පසුගිය කාලයේ අසාර්ථක වුණු අධ්‍යක්ෂවරුන් යොදා ගැනීමෙන් සාර්ථක වූ අධ්‍යක්ෂවරුන් සඳහා සම්මාන ලබාදීම විහිළුවක් යැයි මට හිතෙනවා. ඒවගේම නිළියන් දෙදෙනෙක් හා එක් නාට්‍යය කරුවෙක් හා රචකයෙක් දන්න සිනමාව කුමක්දැයි.” විකුම්ජිත් අසයි.

සිනමාවේ අප දන්නේ අල්පමාත්‍රයක් බව සැබෑවකි. ( අපේ නොදැනුවත්කම නිසාම වෙන්නට ඇති 'කුහක' අප අතින් විකුම්ජිත් සම්මානයක් සඳහා නිර්දේශ වන්නේත්. ) එහෙත් සිනමාවේ සකල දත් මේ විකුම්ජිත් ගැන අපට ඇත්තේ අනුකම්පාවකි.


ආනන්තරීය පාපකර්මයක් ලෙස මා දැනගෙන තිබුණේ මව මැරීම, පියා මැරීම, රහතුන්ගේ ලේ සෙලවීම සහ සංඝ බේද කිරීම වශයෙනි. දෙරණ සිනමා ජූරියේ කටයුතු කිරීම අලුත්ම ආනන්තරීය පාපකර්මය ලෙස පෙන්වා දුන්නාට විකුම්ජිත් ප්‍රේමකීර්ති මහතාට පින්සිදු වේවා. . .!!

දෙරණ සිනමා ජූරියට සහභාගී වන ලෙස කළ ආරාධනාවට මම එකඟ වන්නේ එහි සිටි සාමාජිකයින් හා මගේ සිතුවිලි සමපාත වන නිසා මෙන්ම, ඔවුන් සියල්ලක්ම යහපත් සිනමාවකට හිත කැමති මිනිසුන් වූ නිසා හා දෙරණ සිනමා ජූරිය සිනමාවට සම්බන්ධ වූවන්ගෙන් පමණක් සැදුම්ලත් මෙරට ඇති එකම ජූරිය වීමත්, තීන්දු තීරණවලට කිසිදු අයුරකින්වත් බලපෑමක් නොවන බවට ඇති වූ විශ්වාසය නිසාවෙනි.

ජූරියක් ලෙස තීරණ ගැනීම මිස, තීරණවලට පදනම් වූ හේතු කාරණා හෝ නිදහසට කාරණා කීමට මගේ හෝ ජූරියේ කිසිදු අදහසක් නොමැත.

මෑත කාලයේ වඩාත්ම කතාබහට ලත් වූ, වඩාත් චෝදනා ලැබූ ජූරිය දෙරණ ජූරිය වීම ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීම් සහිත මහා සතුටකි. මෙම ජූරියේ තීරණ හා ඒ සඳහා ඇතිවන සංවාදය ශ්‍රී ලාංකික සිනමාවට නවඥාණයක් ඇති කරන්නේ නම් හා පැරැණි සිද්ධාන්ත බිඳ දමන්නේ නම් එම කතිකාවත ශ්‍රී ලාංකීය සිනමාව පෝෂණය කරනු ඇත.

'විකුම්ජිත් ප්‍රේමකීර්ති' නම් හදිසියේ ප්‍රාතූර්භූත වූ මහා සිනමා ප්‍රාඥයා විසින් එල්ල කරන චෝදනා ඉතා සාහසික සහ දරුණු වන අතර ඒ හමුවේ මුනිවත රකිමින් ඉවසීමට තරම් නොවූ අතර, නම් ගම් සහිතව ඔහු කරන චෝදනාවලට පිළිතුරු දීම 'සමාජ වගකීමක් සේ සලකා' මෙය ලියා තබමි.

ජූරියක් ලෙස අප සතු පොදු එකඟත්වයක් තිබුණි. එනම් හැඟීම්බර වී තීන්දු තීරණ නොගන්නා බවත් සෑම තීරණයක්ම තර්කයක් මත පදනම්ව සිදු විය යුතු බවත්. මේ යටතේ මේ වසරේ තිරගත වූ චිත්‍රපට 18 ක් අතරින් නිර්දේශ නාම ත්‍රිත්වයක් තෝරා ඉන් එකකට සම්මානයක් ලබා දීම අපගේ කාර්යය විය.

වඩාත් කතාබහට ලක් වූ සිනමා අධ්‍යක්ෂණය සඳහා වූ යෝජිත නම් වූ 01. තන්හා රතී රඟා - නිලේන්ද්‍ර දේශප්‍රිය 02. කේ සෙරා - පරාක්‍රම ජයසිංහ 03. සැමීගේ කතාව - ප්‍රියංකර විතානාච්චි එකී නිර්දේශිත නාම ත්‍රිත්වයයි.

ලෝකයේ සිනමා අධ්‍යක්ෂවරයකුගේ භාවිතාව හඳුනාගන්නා මිනුම් දඬු දෙකක් ඇත.

01. ආත්ම ප්‍රකාශන සිනමාකරුවන්

02. සිනමා ශිල්පී නිපුණතා පදනම් වූ සිනමාකරුවන්

මෙම දෙඅංශයම එකම සිනමාකරුවා තුළ පිහිටිය හැකි අතර එසේ වීම අනිවාර්යය නොවන අතර එසේ නොවන අවස්ථා ද තිබිය හැක. තර්කොව්ස්කි, ක්‍රිසලෙව්ස්කි හෝ රෙගඩාස් ආත්ම ප්‍රකාශන සිනමාකරුවන් වන අතර සපීල්බර්ග්, ජෝර්ජ් ලූකස් හෝ ඩේවිඩ් ලීන් සිනමා ශිල්පී නිපුණතා ඇති සිනමාකරුවන් වේ. මේ දෙවර්ගයම 'කර්තෘ සිනමාව'(AUTHOR CINEMA) සඳහා හිමිකම් කියයි.

මේ අර්ථයෙන් ගත් කළ මෙවර සම්මාන උළෙලේ 'ආත්ම ප්‍රකාශණ' සිනමාකරුවන් කිසිවකුත් නොසිටි අතර 'සිනමා ශිල්පී නිපුණතා' යන සංකල්පය පදනම්ව සම්මාන සඳහා තේරීමට එකඟ විය. හොඳම පිටපත, හොඳම නළුවා, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය, හොඳම අංග රචනය වැනි ප්‍රධාන සම්මාන රැසක් සහිතව තණ්හා රතී රඟා අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රියත්, එතරම් ප්‍රධාන සම්මාන නොලත් නමුත් සමාන්තර සම්මාන රැසක් ලැබූ කේ සෙරා අධ්‍යක්ෂක පරාක්‍රම ජයසිංහ හා එතරම් නිර්දේශ නාම නොවුණත් වෙනත් ශිල්පීය දක්ෂතා පෙන්නුම් කළ සැමීගේ කතාව අධ්‍යක්ෂණය කළ ප්‍රියංකර විතානාච්චිත් අධ්‍යක්ෂණය සඳහා නිර්දේශීත නාම විය.

මෙහිදී අප පරාක්‍රම ජයසිංහ, නිලේන්ද්‍ර දේශප්‍රියට වඩා ඉදිරියෙන් සිටිනා බව හඳුනා ගන්නේ, නිලේන්ද්‍ර අදක්ෂය යන පදනම මත පිහිටා නොවන අතර පරාක්‍රමගේ මැදිහත්වීම නිලේන්ද්‍රට වඩා අභියෝගාත්මක පසුබිමක් තුළ පිහිටා තිබුණු බව අපගේ තර්කය වූ නිසයි.

විකුම්ජිත් ප්‍රේමකීර්තිට පමණක් නොව වෙනත් ඕනෑම කෙනකුට ද මෙම තීරණයට විරුද්ධ විය හැකි වුවද අප ගෙන එන 'තර්කය' මඟහැර යා නොහැකිය.

අප හැඟුම්බර වූවා නම් හෝ අපගේ පෞද්ගලික මිතුදම ඉදිරියට පැමිණියා නම් හෝ නිලේන්ද්‍රට මේ සම්මානය හිමිවීම ජූරියේ ඒකමතික තීරණය වනු ඇත. මන්ද අප ඉතා හොඳින් දන්නා අපගේ 'පොදු මිතුරා' නිලේන්ද්‍ර වන නිසාවෙනි. පරාක්‍රම හෝ ප්‍රියංකර මට මුණගැසී නැත. මේ තත්ත්වය 'වෘත්තීමය ඊර්ෂ්‍යාව හෝ කුහකකම' ලෙස නිර්වචනය කරන විශ්වජිත්ගේ සිහිනයට අප කර්තානුකුලව අභියෝග කර ඇත. 'සම්මතයට අභියෝග කිරීම' කුහකකම නම් අප 'ගෞරවනීය කුහකයෝ' වීම ඔබගේ හැංගිමුත්තන් සදාචාරයට වඩා නම්බුකාරය.

 'ජූරියක්' යනු නොබෙදෙන ඔත්තේ සංඛ්‍යාවකගෙන් සමන්විත පෘතග්ජන මිනිස් එකතුවක් ලබාදෙන තීන්දුවක් පමණි. ජූරියේ තීරණය 'පරම සත්‍යය' නෙවේ. එය සම්පූර්ණ වැරැදි හෝ සම්පූර්ණ නිවැරැදි නොවේ.

විකුම්ජිත් ප්‍රේමකීර්ති යන නමින් හදිසියේ ප්‍රාතුර්භූත වූ ලාංකේය සිනමාව ගලවා ගැනීමට පැමිණි මහා ගැලවුම්කාරයගෙන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් ඇත.

01. ශ්‍රී ලාංකික සිනමාවට බලපෑම් කරන විශාල සිදුවීම් සිදුවෙද්දී ඔබ සිටියේ කොහේද?

02. තර්කයක පිහිටා තීරණ ගැනීම, හැඟීම් මත පිහිටා තීරණ ගැනීමට වඩා විද්‍යාත්මක නොවන්නේ කෙසේද?

03. හොඳම අධ්‍යක්ෂණය සම්මානය නිලේන්ද්‍රට නොලැබීම ඔබට පෞද්ගලික වන්නේ ඇයි?

04. මගේත් හඳගමගේත් වෘත්තීය ජීවිතය හෑල්ලූවට ලක් කිරීමෙන් හා අනෙක් ජූරි සභිකයන්ට ගැරහීමෙන් ඔබ ලබන ආත්ම තෘප්තිය කුමක්ද?

05. තමන්ට තමන්ගේ නමින් පෙනී සිට ලිවීමට නොහැකි', ජීවිතයේ පැසව පැසවා තිබුණ ඕජස් ගලන පරණ ඇරියස්, පොදු අවකාශයක පිට කිරීම - මානසික අසනීප තත්ත්වයක් බව ඔබ දන්නවාද?

සරසවියේ කර්තෘතුමන් ඔබව නොහඳුනන මුත් ජීවිත තක්සලාවේ රස්තියාදු ගහපු අපට විකුම්ජිත් ඔබේි වෙස් මුහුණ පිටුපස ඇති මුහුණ හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. ඔබේ මේ ආරූඪ නාමයෙන් පිටිපස සිටින මේ රෝගාතුර ජීවියා හඳුනා ගැනීමට හැකි වන්නේ මා ඔබට පෙර ලේක් වීව් කන්ද තරණය කළ නිසයි.

ඔබ විසින් නිර්වචනය කළ කුහක ජූරිය දුන් සම්මානය අතින් ගෙන ලාංකික සිනමාව බේරා ගැනීමට ඔබ දරන මහා සටන ගැන ඔබට ඔබේ හෘද සාක්ෂියම පිළිතුරු දෙනු ඇත. හිරිකිතයකින් තොරව 'කුහක ජූරිය' දුන් සම්මානය මුහුණු පොත හරහා අලෙවි කරමින් මුහුණු පොත තුළ ලාංකේය සිනමාව ගලවා ගැනීමේ චරිතයට පණ පොවන විශ්වජිත් මහත්තයා තුළ ඇඳිවතේ මලපහ කරගන්නා නොමේරූ ජීවියෙකු ජීවත් වේ. එපමණක් නොව යමකට අවැසි නිසි කාලය එළඹෙන තෙක් ඉවසිය නොහැකි මහා හදිස්සිකාරයකු ද, ජීවිතයේ බොහෝ දෑ සිසේරියන් සැත්කමකින් ලබාගන්නට වෙර දරනා අධ්‍යතන නරුමයෙකු ද ඔබ තුළ ජීවත් වේ. මගේ යෝජනාව නම් කුහක ජූරිය දුන් සම්මානය දෙරණ නාළිකාව වෙත යළි භාර දී ගෞරවනීය පුරවැසියකු ලෙස ඔබේ චෝදනා පත්‍රය අප වෙත යොමු කරන්නේ නම්, ගෞරවනීය උපතක් ලැබූවකු ලෙස අපට ඔබ ගැන සිතීමට සිතෙනු ඇත. ඒ සඳහා ඔබට කාලය තවමත් ඉතිරිව ඇත.

මේ ලිපිය ලියා අවසන් වන විට ර්‍ණඛ්ධ්ඛ් ජූරියේ ප්‍රතිපල එලිදැක් වී හමාරය. කුහක ජූරිය 'රත්‍රං' ලෙස ලබා දුන් සම්මාන ර්‍ණඛ්ධ්ඛ් හිදී රිදී බවට පත්වීම තුළ ඔබ ඒ ජූරිය හඳුන්වන විශේෂණ පදය කුමක්දැයි විමසීමට අපි කැමැත්තෙමු.

විකුම්ජිත්ගේ සැබෑ මුහුණ විසින් කුලප්පු කර උසි ගන්වන ලද 'වෙන්න ඉන්න සිනමා නෝනලා' තිදෙනාට මඟහැරුණු හෝ හිතාමතා මඟහැර ගත් චරිතයක් හා නිර්මාණයක් තිබේ.

මවර සම්මාන ලත් 'තර්කොව්ස්කිට එරෙහිව ගොඩාඩ්' චිත්‍රපටය කළ විරාජ් ලියනාරච්චි ගේ ජයග්‍රහණය හමුවේ මුනිවත රකින්නේ ඇයිදැයි මම නොඅසමි. මේ තරුණයා හෙට දවසේ ආත්ම ප්‍රකාශන සිනමාවක් හදන බවට යහපත් පෙරනිමිති පල කර තිවේ. මේ කෙටි චිත්‍රපටකරුවා හඳුනා ගත්තේ ද, සම්මාන දුන්නේ ද මේ 'කුහක ජූරිය' විසින්මය. විකුම්ජිත්ට අනුව ජූරිය වෘත්තීය ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නේ නම් අප විසින් සම්මාන නොදිය යුතුව තිබුණේ නිලේන්ද්‍රට නොව විරාජ්ට බව කියවන ඔබට වැටහෙනු ඇත.

නිලේන්ද්‍රට සම්මාන නොදීම ගැන කෑමොරසන් දෙන අධ්‍යතන මුහුණු පොතේ ඊනියා කැරළිකරුවන් තමන් හා තරඟ කර ජයග්‍රහණය කළ තමන්ගේම ගමන් සගයාගේ ජයග්‍රහණය ගැන එකදු වචනයකින් හෝ සටහනක් නොතිබීම කුමන ආකාරයේ සදාචාරයක්දැයි ප්‍රශ්න කිරීමට මම කැමැත්තෙමි.

තමන්ගේ නොවන කතාවක් අනුන් ලවා අධ්‍යක්ෂණය කර එයට තමන්ගේ නම යොදා සම්මාන සඳහා ඉදිරිපත් කර සිනමාවේ 'ඊනියා හෙට දවස' ගැන මට ඇත්තේ 'ජ්ඥඥඪතදඨ එධදඤඥපටභත' තත්ත්වයකි.

'අගක් මුලක් නොදන්නා ඉසව්වල කරක් ගහනකොට ටිකක් පරිස්සමින්' කියා හඳයා අපේ උගත් මිත්‍රයින්ට අනතුරු හැඟවූයේ මේ සමස්ත සටනම 'පොදු සටනක්' සේ පෙනෙන පෞද්ගලික අවශ්‍යතාවක් බව අහිංසක ඔබලාට නොතේරුණත් මුහුණු පොතේ ඊනියා කැරළිකරුවන්ගේ අතේ පයේ සහ හිසේ පළල දන්නා අපට එය රහසක් නොවන නිසාවෙන්මයි. මේ මහා සටන විකුම්ජිත් ප්‍රේමකීර්තිගේ 'සැබෑ මුහුණේ' ප්‍රාදේශීය සටනක් හා පෞද්ගලික වන්දනා ගමනක්ය. මේ වන්දනා බසයෙන් ගොස් ඔබට සිනමා අටමස්ථානය වන්දනා කිරීමට නොලැබේ. මන්ද මේවා පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් යන ගමන් වන අතර බසයේ නාම පුවරුවේ 'සිනමාව බේරා ගනීම / තරුණ සිනමාකරුවෝ' වැනි ඔබට සංවේදී පාඨ අලවා ඔබේ අවංකත්වයට බිලී කොකු මානයි. පරිස්සම් වන්න . . .!! අහුවෙන්න එපා . . .!! කියන්නයි මේ අනතුරු හැඟවූයේ.

මෙම සංවාදයේදී නිලේන්ද්‍ර, පරාක්‍රම සහ ප්‍රියංකරගේ නිහැඬියාව ඔවුන්ගේ සිනමා ඥාණය හා පරිණත බව ප්‍රකාශමාන කළ අපූරු මොහොතකි. ජූරියේ තීරණය අවසාන තීරණය වන අතර එයට එකඟ වී මෙම සම්මාන සඳහා තරඟ කරන බව ඔවුන් ලංකාවට සන්නිවේදනය කර ඇත. මෙවන් මහත්වරුන් සමඟ හෙට දවසේ සිනමාව සුන්දර වී සුරක්ෂිත වනු ඇත.

තමන්ගේ අනන්‍යතාවය සඟවා ජූරිය දුන් සම්මානය එක අතකින් දරාගෙන තමාට නොවන අනුන්ගේ සම්මානයක් වෙනුවෙන් කෑමොරසන් දෙන විකුම්ජිත් මහත්තයාට කීමට ඇත්තේ එක දෙයකි. ඒ මම, නුඹ දළඹුවෙක්ව සිටි අවධියේ සිට සමනළයෙකුව පියාඹන තෙක් දකින්නට ආශාවෙන් සිටි අයෙකු වූ බවයි. එහෙත් නුඹ සමනළයකු නොවී සර්පයෙකු වී මා සපාකෑමට පැමිණෙන විට මට ඔබ සමඟ සිනාසීමට කාලයක් ඉතිරිව නැත. මන්ද සර්පයින් කිිසිදා සමනළයින් වී පියාඹන්නේ නැති වග මම සහතිකවම දන්නා නිසාවෙනි.